කෝමාරිකා (aloe vera) කියන්නේ ඖෂධයක් වගේම රුපලාවන්‍ය සඳහා නැතුවම බැරි දෙයක්. කෝමාරිකා වල ඇති සිසිල් කාරක ගුණය නිසා බොහෝ රූපලවන්‍ය කටයුතු සඳහා කෝමාරිකා යුෂ යොදා ගැනෙනවා. කෝමාරිකා සොයා ගන්න නොහැකි නම් ඒ වෙනුවට වෙළඳපොලේ ඇති ඇලෝවේරා ජෙල් ගෙන භාවිතා කරන්න පුළුවන්. අද අපි කියල දෙන්නේ මේ කෝමාරිකා කියන ඖෂධය භාවිතා කර නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීම සඳහා සදා ගත හැකි විශ්මිත ආලේපන කිහිපයක් ගැනයි.

 

කෝමාරිකා ජෙල් ( aloe vera gel ) භාවිතා කරලා රුව රැකගන්න කල හැකි සත්කාර කිහිපයක්…

 

පැහැපත් සමක් ලබා ගැනීමට

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • රෝස වතුර තේ හැඳි 01ක්
  • මි පැණි තේ හැඳි 01ක්
  • කිරි තේ හැඳි 01ක්
  • වියලි කහ කුඩු තේ හැඳි 1/2ක්
  • කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 03ක්
  • දෙහි යුෂ තේ හැඳි 1/2ක්

 

 

මේ සියලුම ද්‍රව්‍ය එක භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මෙම ආලේපය මුහුණේ අලේප කරන්න. දැන් විනාඩියක් පමණ මුහුණ සම්භාහනය කරන්න. දැන් විනාඩි 15ක් පමණ තබන්න. ඉන් පසුව පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියට 3වතාවක් පමණ කරන්න. මෙය මුහුණට මෙන්ම මුළු ශරීරයටම භාවිතා කල හැකිය.

 

හර්බල් හෙයාර් ඔයිල් ( herbal hair oil )

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්
  • පොල් තෙල් තේ හැඳි 02ක් (පිරිසිදු පොල් තෙල්ම ගන්න)

මේ සියළුම ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මෙය හිස්කබලේ ආලේප කර මෘදුව පිරිමදින්න. උණුසුම් තුවායකින් හිස වටා ඔතා පැයක් තිබෙන්න හැර ෂැම්පු යොදා හිස සෝදා පිරිසිදු කරගන්න.

 

 හිරු එලියට පිලිස්සුණු සමට 

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්
  • තක්කාලි පියුරි තේ හැඳි 02ක්

මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මෙය ගෙන සමෙහි ආලේප කරන්න. හොඳින් සම්භාහනය කර ටිෂු එකකින් පිසදමා ඉවත් කර සිතල වතුරෙන් සෝදා පිරිසිදු කරගන්න.

 

හෙයාර් පැක් ( hair pack )

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්
  • විටමින් E කරල් දෙකක්
  • එඬරු තෙල් තේ හැඳි 01ක්
  • මී පැණි තේ හැඳි 02ක්

මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. මෙය ගෙන හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර පැය 1/2ක් පමණ තබා සෝදා ඉවත් කරගන්න . ඉස්සොරි නැති කරයි. හිසකෙස් වලට කන්ඩිෂනර් එකක් ලෙස මෙය ක්‍රියා කර හිස කෙස් සිනිදු කරයි.

 

මේකප් රිමුවර් ( makeup remover )

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්)
  • කොට්න් පෑඩ් හෝ ටිෂු

කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) ගෙන මුහුණේ හොඳින් ආලේප කරන්න. දැන් කොට්න් පෑඩ් එකක් ගෙන එමගින් මේකප් පිසදමා ඉවත් කරගන්න.

 

මොයිස්චරයිස ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්
  • විටමින් E කරලක්

මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ඇලෝවේරා මොයිස්චරයිස ක්‍රීම් එක ඔබේ සිරුරේ ආලේප කරන්න. මෙය හොඳින් වැසිය හැකි භාජනයකට දමා  ශීතකරණයේ ගබඩා කර තබා ගත හැකිය. සතියකට අවශ්‍ය වන පරිදි සකස් කරගන්න.

 

පිම්පල් රිමුව් ජෙල්

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්
  • කිරි තේ හැඳි 01ක්
  • සිනී තේ හැඳි 02ක්

මේ සියල්ලම පිරිසිදු භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ෆේෂ් වොෂ් දමා සෝදා පිරිසිදු කරගත් මුහුණ පුරාම සකස් කරගත් පිම්පල් රිමුව් ජෙල් එක ආලේප කරන්න. විනාඩි 20ක් තිබෙන්නට හැර සිතල වතුරෙන් සෝදා ඉවත් කරගන්න. මෙමගින් මුහුණේ ඇති වැඩිපුර තෙල් උරාගන්නවා මෙන්ම සමට තෙතමනයක් සහ සුමුදු බවක් ලබාදෙනවා. පිම්පල් නැති කෙනෙකුට වුනත් මෙය භාවිතා කිරීමෙන් සමට තෙතමනයක් සහ නැවුම් බවක් ලබාගත හැකිය. මෙය ඕනෑම සමකට සුදුසු ආලේපනයක්.

 

ශේවින් ජෙල්

ඔබ අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී ත්රේඩින් කරන විට නැතිනම් රේසරයක් හෝ වෙනත් උපකරණයක් භාවිතා කරන විට කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) ආලේප කිරීමෙන් සමට වන හානිය අවම කරමින් සමට තෙතමනයක් මෙන්ම සමට සිසිලක් ලබාදෙයි.

 

 හෙයාර් සිල්කි ඔයිල්

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 03ක්
  • වතුර තේ හැඳි 02ක්
  • රෝස්මරි ඔයිල් බින්දු 03ක්

මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. මෙය හිසකෙස් වල මුල සිට අග දක්වා ආලේප කරන්න. මෙමගින් හිසකෙස් වල රළු ගතිය අඩුවී කීකරු දිදුලන කෙස් කළඹක් ඔබට ලබා දෙයි.

 

කෝමාරිකා යුෂ භාවිත කරමින් සම පැහැපත් කරගත හැකි විශ්මිත ආලේපන

ලෝකයේ trend වූ හොඳම විලාසිතා 10 ක්- 2022

1.Crochet Set 2.Hoodies Under Blazers 3.Women’s Oversized Bomber Jackets 4.Cropped Cardigans 5.Casual Trench 6.Boiler Suits 7.The Leather Jacket 8.Power Bohemian Florals 9.Puff Sleeves 10.Color Clashing උපුටා ගැනීම : www.thevou.com

අපූරු රුපලාවන්‍ය රහස් 15ක්. ඔබත් අත් හදා බලන්න

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. හැබැයි ඒ ලස්සන පවත්වාගෙන යන්න අපි ස්වභාවික දේ භාවිත කරනවා නම් කොතරම් හොඳ ද? අපි අද ඔයාලට කියල දෙන්නේ...

මේ මගේ කතාවයි – 10 කොටස ( අවසාන කොටස )

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

කුට්ටනය ( Trafficking ) – දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය

මුදල් හෝ වෙනත් දෙයක් සඳහා පහත සඳහන් ඕනෑම ක්‍රියාවක් හෝ ක්‍රියා සිදු කරන අයෙක් කුට්ටනය කිරීමේ වරදට වරදකරු වන අතර අවුරුදු 10 දක්වා...

මහනුවර පරිපාලන දිස්ත්‍රිකයේ සියලුම රජයේ පාසල් සඳුදා සිට විවෘත වේ

මහනුවර ඇති වූ කලහකාරී සිදුවීම නිසා තාවකාලිකව වසා තැබූ රජයේ සියලුම පාසල් සඳුදා සිට විවෘත කරන බවට මධ්‍යම පළාත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා

තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්

මොන තරම් වයසට ගියත් අපි හැමෝම කැමතියි අපේ තරුණ රූසපුව (beauty) සදාකාලිකව රැක ගන්න. තරුණ පෙනුම රැකගන්නට බොහෝ දෙනා රූපලාවණ්‍ය (beauty culture) කටයුතු වෙනුවෙන්...

ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී

මිනිස්සු විවිධාකාරයි.. අපට ජීවිතේ හම්බ වෙනවා හරියට Black & White වගේ අපි අපේ ජීවිතය colorful කරගන්න ඕනෙ හරියට පාට පෙට්ටියක තියන පාට වගේ... හැබයි...

ගෑනු සොයා ලෝකේ වටේ කරක් ගැසූ නොරොක්ගේ වැඩ අහවරයි

රුමේනියානු ඡායාරූප ශිල්පී මිහෙලා නොරොක් (Mihaela Noroc)  විසින්  වසර 50ක් පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක සංචාරය කර ඇති අතර ගෝලීය විවිධත්වය පෙන්වීමේ උත්සාහයක් ලෙස...

චාරිකා – 07 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...