මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන අධ්‍යනය කරන එක. ඊට හේතුව වන්නේ එවිට ඔවුන් සාර්ථක වීමට අනුගමනය කල උපක්‍රම, ඔවුන් මුහුණ දුන් අභියෝග ජයගත් ආකාරය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. ඒ ජීවිතය සාර්ථක කරගන්නත් භාවිතයට ගන්න පුළුවන්.

 

ඉතින් අපි අද ඔබේ අවධානයට යොමු කරන්න යන්නේ එසේ ලොව ජයගත් පුද්ගලයෙකු විසින් සාර්ථකත්වයේ දියුණුවට ලබා දුන් උපදෙස් 12ක් පිළිබඳවයි. ඒ අන් කවරකු නොවෙයි Apple පරිඝනක සමාගමේ නිර්මාතෘවරයා Steve Jobs ය. මේ ලෝකයෙන් සදහටම නික්ම ගියත් එදා Steve කියලා ගිය දේවල් නම් අදටත් වලංගුයි. ඒ හැන්දා අපි බලමු Steve Jobs ගෙන් අපට ලැබෙන අපගේ දියුණුවට වටිනා මේ උපදෙස් මොනවද කියලා.

 

ඔබ වඩාත්ම ආශා කරන දෙය කරන්න

විශිෂ්ට දේ කිරීමට හැකිවන්නේ වඩාත්ම ආශා කරන දෙයහි නිරත වූ විටයි. ඇත්තටම අද සමාජය දෙස බලන විට මැනවින් අවබෝධවන කරුණක් තමයි බොහෝ දෙනෙක් නිරත වී සිටින්නේ තමන් ප්‍රිය කරන දෙයහි නොවන බව. ලොව විශිෂ්ටත්වයට පත් වූ බොහොමයක් දෙනා එම තත්වයට පත් වී සිටින්නේ තමා වඩාත්ම ආශා කරන දෙය කිරීමෙනි. ඉතින් ඔබත් සාර්ථක වීමට කැමැත්තක් දක්වන්නේ නම් නිතරම තමා වඩාත් කැමති තමන් ප්‍රිය කරන දෙයහි නිරත වන්න. එවිට ඔබටත් දවසක විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්.

 

නරක් වූ ඇපල් ඔබගේ ආයතනයෙන් ඉවතට විසි කිරීමට කිසිවිටෙකත් මැලි නොවන්න

ආයතනයක සේවකයින් කියන්නේ එම ආයතනයේ ජීවනාලිය බඳුයි. ආයතනයක් සාර්ථක වීමටත්, අසාර්ථක වීමටත් මෙම සේවකයන්ගේ ක්‍රියාකලාපය බෙහෙවින් බලපානවා. න්සමාන්‍යයෙන් ආයතන වල සේවකයන් කණ්ඩායම් දෙකක් සිතිනවා. එක් පිරිසක් තමා තමාගේ ආයතනය ඉහලට ඔසවා තැබීමට අවංකව කැපවීමෙන් තමන්ගේ සේවය නොපිරිහෙලා ඉටුකරන පිරිස. අනෙක් කණ්ඩායම තමා එසේ අවංක හා කැපවීමෙන් සේවය කරන තමන්ගේ සගයන්ට අකුල් හෙලමින් ඔවුන්ගේ කටයුතු වලට බාධා කරන පිරිස. මෙම පිරිසව තමා Steve Jobs විසින් ” නරක් වුණු ඇපල් ” ලෙස හඳුන්වන්නේ. Steve Jobs වැඩිදුරටත් පවසන්නේ මොවුන් තමන්ගේ ආයතන තුල තබාගෙන සිටින එක ඉතා අවධානම්කාරි කටයුත්තක් බැවින් එවැනි සේවකයන් ඔබගේ ආයතනය තුලත් සිටිනම් හැකි ඉක්මනින් ඔවුන් ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

 

නාවිකයකු වීමට වඩා මුහුදු මංකොල්ලකරුවකු වීම හොඳයි

ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අපට සාර්ථක වීමට අවශ්‍ය නම් අනෙක් අය කරනදේම නොකළ යුතු බවයි. නිතරම කල යුතු බවයි. එනම් නිර්මාණශීලි විය යුතු බවයි.

 

බොහෝවිට අසීරුවන්නේ පළමු පියවරයි

එම පියවර තබන්න. ඔබගේ හදවත සහ ඉව ඔස්සේ පියවර තැබීමට එඩිතර වන්න. මෙයත් අප සැමට අතිශයින් වැදගත් වන කාරණයකි. ඒ මක් නිසා ද යත්, බොහොමයක් දෙනාට සාර්ථක වීමට අවශ්‍ය මුත්, ඔවුන් නොකරන එකම දේ වන්නේ පළමු පියවර තැබීම වීමයි. මන්ද,එය තරමක් අසීරු දෙයක් බැවිනි. එබැවින් ඔබටත් සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ සඳහා ආරම්භක පියවර තබන්න.

 

බොහෝ දේ පිලිබඳ එකවර කරදර නොවන්න

පොඩියට පටන් ගන්න. ලොකුවට හිතන්න. අද සමාජයේ ජිවත්වන බොහෝ දෙනා යම්කිසිදෙයක් ආරම්භ කිරීමට යාමේදී ඒ සඳහා අවශ්‍යවන සියලුම කරුණු සම්පුර්ණ වන තුරු ඒ දේ සිදුකරන්නේ නැහැ. ඇත්තටම එය බලවත් ඛේදවාචකයකි. Steve ගේ උපදෙස වන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් පොඩියට පටන් ගත යුතු බවයි, නමුත් ඒ පිලිබඳ ලොකුවට සිතිය යුතු බවයි.

 

ඉතිරිය ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න………………

 

 

සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්

මේ මගේ කතාව – 04 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

සිත් වසඟයට ගත් වගීෂා

Actress - Wageesha Ishanthi Costume design by - Priyan Bridal House Hair & Makeup - Priyan Bridal House Photography - Dilip Tharanga Retouched - Lasitha Nalisha Editing, reproducing...

තරුණ දිනය දා බයිසිකල් පදින්නයි ඇවිදින්නයි කොළඹට මහ සෙනඟක්

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් SDG Youth Network of Sri Lanka (SDGYNSL) මඟින් සංවිධානය කළ පාපැදි සවාරිය සහ පා ගමන පසුගිය 14 වැනි දින (2019...

හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

ඔබ උදෑසන අවදි වූ විගස අනුගමනය කරන සමහර ක්‍රියා ඔබගේ සෞඛ්‍යට දීර්ඝ කාලින බලපෑම් ඇති කරන බව විද්වත්හු පවසති. ඒ අනුව උදෑසන අවදි වූ...

මෝහන ප්‍රතිකාරයේ විශ්මය

" ස්වාපනය " නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට...

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග...

තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු...

ශ්‍රී දේවිගේ මරණය අභිරහසක් වෙයි

ශ්‍රී දේවිගේ මරණය හෘර්දයාබධයක් නිසා සිදු වුවක් බවට ඊයේ දිනයේ එරට මාධ්‍යන් ඔස්සේ වාර්තා කරනු ලැබුවා. එත් අද වන විට ඩුබායි සෞඛය අමාත්යංශය මඟින්...