පුද්ගලයෙකුගේ යහ පැවැත්මට ඒ පුද්ගලයාගේ මානසික සෞඛය ගොඩාක් වැදගත් වෙනවා. විශාදය කියන්නේ අද සුලබව දකින තියන මානසික තත්වයක්. එය පුද්ගලයකුගේ යහපත් මානසික සෞඛ්‍යයට බාධාවක්. කාන්තාවක් ගත්තම පුරුෂයෙක්ට වඩා විශාදය හැදෙන ප්‍රවණතාවය දෙගුණයකින් වැඩියි. විශාදය හඳුනා ගැනීම වැදගත්. එහිදී සිතේ ඇතිවන අධික දුක්බර ගතියට අමතරව තවත් විවිධ රෝග ලක්ෂණ තියනවා. සමහර අයට විශාදය ඇති විට දැවිල්ල (පිච්චෙන) ගතිය හෝ විවිධාකාර වූ ශරීරයේ කැක්කුම් / වේදනා හා අපහසුතා ඇතිවිමට පුළුවන.

විශාදයේ දකින රෝග ලක්ෂණයන්

1) ආහාර අරුචිය – ආහාර කෑමට කිසිදු ආශාවක් නැහැ.

2) සිය දිවි නසා ගැනීමේ හැඟීම් ඇති වීම.

3) ආහාර අරුචිය – ආහාර කෑමට කිසිදු ප්‍රියතාවයක් නැහැ.

4) නින්ද නොයෑම – රාත්‍රියේදී, නින්ද නොයෑම හෝ පාන්දර නැගිටීම සහ ආපසු නින්ද, නින්දට යාමට නොහැකිවීම.

5) සතුටුදායි ක්‍රියාවලින් තෘප්තියක් නොලැබීම – පෙර සතුටින් කළ දේ මඟින් දැන් කිසිදු සිතට ප්‍රබෝධයක් නොදැනීම.

6) විඩාබර බව (ඇගේ ශක්තිය අඩු බව) සහ කිසිවක් කිරීමට නොසිතීම.

7) පාසල් වැඩවල කාර්යක්ෂමතාව අඩු වීම

8) පහසුවෙන් විඩාවට පත්වීම

9) හිසරදය, බඩේ රුදාව වැනි කායික වේදනා

10) නිතරම හැඬීම හෝ පහසුවෙන් හැඬීම

11) මිතුරන්ගෙන් සහ පවුලෙන් ඈත්ව තනිව කාලය ගත කිරීම

12) වැඩිහිටි අය මත යැපෙනසුලු බව.

13) සතුටින් සෙල්ලම් නොකිරීම.

14) තමන් වරදකරුවෙකු යැයි/ නොවටින පුද්ගලයෙකු යැයි සිතීම සහ තමන් පිළිබඳ අඩු තක්සේරුව. තමන් පරාජිතයෙකු ලෙස සිතීම සහ කිසිවිටෙක
දෙයක් නිවැරදිව කළ නොහැකි බව හැඟීම.

15) සතුටුදායි ක්‍රියාවලින් තෘප්තියක් නොලැබීම – පෙර සතුටින් කළ දේ මඟින් දැන් කිසිදු සිතට ප්‍රබෝධයක් නොදැනීම.

මෙම රෝග ලක්ෂණ සති දෙකකට වඩා පවතිනවා නම් එය විශාද තත්වයකි. නමුත් එම තත්ත්වය දරුණු නම් රෝග ලක්ෂණ සති දෙකකට වඩා අඩු කාලයක් පැවතුණ ද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.

 

පුරුෂයින්ට විශාදය ඇති වූ විට මොවුනට තමාගේ ආත්ම ශක්තිය අඩු බව කීමට අකමැතිය. එලෙසම මොවුන් විශාදයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පසුබට වේ. එවිට විශාදයට ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වේ.

විශාදය වැඩිහිටි අය අතරේ (අවු. 60 වැඩි) සුලභය. මොවුන් සමහර විට දුක බව නොකියා, නානාප්‍රකාර ශරීරයේ කැක්කුම් ආදිය ඇති බව පවසයි. වයස්ගත අයට විශාදය ඇති විට සිය දිවි නසා ගැනීමේ හැකියාව ඉතාම වැඩිය.

ස්ත්‍රීන්ගේ ආර්තවහරණය සමයේ විශාදයේ රෝග ලක්‍ෂණ ඇති විය හැකිය. දරු ප්‍රසූතියෙන් පසුවද ස්ත්‍රීන්ට විශාදය සෑදිය හැකි ප්‍රවණතාව වැඩිය.

විශාදය ඇතිවීමට එක් සරල හේතුවක් පමණක් සාධක නොවේ. ශාරීරික, මානසික සහ සාමාජීය යන හේතූන් මත විශාදය ඇතිවිය හැකිය.

විශාදය ඇති වීමට හේතු කිහිපයක් ඇත.

එනම්,

 

1) දීර්ඝකාලීන ශාරීරික රෝග (දියවැඩියාව, හෘදයාබාධ, හන්දි අමාරු, තයිරෝයිඩ් අමාරු) ඇති විට විශාදය සෑදීමේ ප්‍රවණතාව වැඩිය.

2) අධික ලෙස මත්පැන් භාවිතය.

3) රැකියාව නැතිවීම සහ අලුත් රැකියාවක් සොයාගත නොහැකි වීම.

4) අන්තර් පුද්ගල සබඳතා බිඳී යාම.

5) කලින් විශාදය ඇති පුද්ගලයෙකුට විශාදය ආපසු සෑදීමේ ප්‍රවණතා ඇත.

6) අසුබවාදී සිදුවීම් (මවුපියන් මිය යාම, රැකියාව නැතිවීම) යනාදිය.

විශාදය ඇතිවිට මොළයේ රසායන ද්‍රව්‍යවල අසමතුලිතතාවයක් ඇතිවේ. විශාදයට කරන ඖෂධ ප්‍රතිකාර මගින් මෙම සමතුලිතතාවය ආපසු ඇති කරයි.

එම ඖෂධ මඟින් විශාදයේ කායික රෝග ලක්‍ෂණ අඩු වේ. බෙහෙත් මෙන්ම මනෝචිකිත්සක ප්‍රතිකාර විශාදයට ඇත. බොහෝ විට විශාදයට මෙම ප්‍රතිකාර ක්‍රම දෙකම එකට දෙනු ලැබේ.

විශාදයට ඖෂධ ප්‍රතිකාර ලැබීමට වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුය. තදබල විශාදයට විද්්‍යුත් ප්‍රතිකාර කරනු ලැබේ. මෙහිදී ඖෂධවලට වඩා ඉක්මන් සුවයක් ලබා ගත හැකිය.

මද වශයෙන් විශාදය ඇති විට (ඉහත සඳහන් රෝග ලක්‍ෂණ දෙකක් පමණක්) ඒ සඳහා මනෝචිකිත්සක ප්‍රතිකාර සහ ක්‍රියාශීලී බව ප්‍රමාණවත් විය හැකිය. ක්‍රියාශීලී වීම විශාදයට උදව් වේ. මෙය සිදු වන්නේ අක්‍රියකාරී බවෙන් සිටින විට ඍණාත්මක හැඟීම් වැඩිවන බැවින්ය. ව්‍යායාම විශාදය සුවවීමට උපකාරී වේ.

විශාදයට ඇති මනෝචිකිත්සක ප්‍රතිකාරවලදී ඇති වන ඍණාත්මක හැඟීම් තර්ක කර ඒවා අඩුකරන ක්‍රියාකාරකම් ඉගැන්වීම සිදු වේ. පුද්ගලයාට හැකිතාක් ක්‍රියාශීලී බවෙන් සිටීමට අවවාද දීම සිදුවේ. විශාදය වැළකිය හැකි ක්‍රම කියාදීම සිදුවේ. ඒ සමඟම ප්‍රශ්න විසඳීමේ ක්‍රම කියා දෙනු ලැබේ.

විශාදය උග්‍ර වූ විට මෙම මනෝචිකිත්සක ක්‍රියාකාරකම් කිරීමට අපහසු වේ. එවිට ඖෂධ භාවිතය සුදුසුය. විශාදයේ රෝග ලක්‍ෂණ අඩු කරන මෙම ඖෂධ මඟින් සුවයක් ලැබේ. විශාදය ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම සඳහා පවුලේ අය එම පුද්ගලයාව වෛද්‍යාධාර වලට යොමු කළ යුතුය.

විශාදය ඇති අයගෙන් 15% – 20% සිය දිවි නසා ගනී. මෙයට හේතුව මෙසේ පවතින අය සිය දිවි නසාගැනීමට තැත් කිරීමට ඇති හැකියාව වැඩිවීමයි.

විශාදයට පත්වී ඇති තැනැත්තා දුර්වල යැයි නොසිතා ඔවුන් විවේචනය නොකර ඔවුන්ට සවන් දීම. ඔවුන්ට ප්‍රශ්න ගැන කතා කිරීමට වාතාවරණය සැලසීම.

නියමිත වෘත්තීමය (වෛද්‍ය) උපකාර ලබා දීමට යොමු කිරීමට ඔවුන් දිරි ගැන්වීම.

ඔවුන් සිය දිවි නසාගැනීමේ චේතනාවන් ඇත්දැයි අවදියෙන් සිටිමින්, එසේ ඇත්නම් වහාම වෛද්‍යාධාර වලට යොමු කිරීම.

විශාදය හේතුවෙන් ජීවන තත්වය අඩුවිය හැකිය. එනිසා විශාදය හඳුනාගෙන එයට නිසි ප්‍රතිකාර ලබාගැනීම යහපත් මානසික සහ ශාරීරික සෞඛ්‍ය පවත්වා ගැනීමට වැදගත්වේ.

විශාදය උග්‍ර වූ විට මෙම මනෝචිකිත්සක ක්‍රියාකාරකම් කිරීමට අපහසු වේ. එවිට ඖෂධ භාවිතය සුදුසුය. විශාදයේ රෝග ලක්‍ෂණ අඩු කරන මෙම ඖෂධ මඟින් සුවයක් ලැබේ. විශාදය ඉක්මනින් හඳුනාගෙන ප්‍රති කාර කිරීම සඳහා පවුලේ අය එම පුද්ගලයාව වෛද්‍යාධාර වලට යොමු කළ යුතුය

විශාදය වැඩිපුර හැදෙන්නේ කාටද

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත්...

Living Together කියන්නේ ආදරයට එහා ගිය බැඳිමක් ද? දසුන්ගේ බිරිඳ හංසි කථා කරයි

https://thewoman.lk අපි නිරන්තරයෙන්ම සමාජය තුල පවතින කාලින මාතෘකා ගැන කතා කරනවා. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ මෑත කාලයේ ගොඩක් කථා බහට ලක්වුණ දෙදෙනෙක් වන ජනප්‍රිය...

සිංහල සිරිත් විරිත්

මෙම ලිපි පෙලින් හදුන්වා දෙන්න උත්සාහ කරන්නේ සිංහල සිරිත් විරිත් හා සම්බන්ධ තොරතුරුයි. "සිරිත් විරිත් " යන පද දෙක "චාරිත්‍ර වාරිත්‍ර " යන පද...

ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් හෙට දිනයේදී

සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් ලෙස හැඳිනවෙන මෙය ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් ලෙස සැලකෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා...

VINTHRAA 2018

 NBS විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන VINTHRAA 2018 මාර්තු මස 16 වන දින බිෂොප් විද්‍යාලිය ශ්‍රවනාගාරයේ සවස 7.00 පැවැත් වේ. ඔබ සැමට ආරාධනා.

වාරයක් වැරැද්දක් ගානේ ඉගෙන ගත්තේ පාඩමක්

හ්ම්ම්ම්ම්ම් පැටියෝ අදත් බීවා නේද? අනේ අම්මී පොඩ්ඩක් ගත්තා දන්නැද්ද ඉතින් යාලුවෝ සෙට් උනාම. පෙරේදත් සෙට් උනේ නේද පොඩ්ඩක්.. ඒ පෙරෙදනේ මේ අද.. දවස් දෙකකට පසු.. තාත්තී මේ මොන...

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...

සමුද්‍ර සමග beauty

අපි makeup භාවිතා කරනකොට අපි නොදැනුවත්ම අපේ අතින් වැරදි රාශියක්ම සිදුවනවා. ඉතින් අපි අද කතා කරන්නේ makeup වැරදි ගැනයි. 01 makeup එකක් තෝරාගන්නේ කොහොමද? අපි මුලින්ම අපට තිබෙන...

ජාතික වනෝද්‍යානය නරඹා අතේ ඇති මුදලට සතුටු වෙන්න එන්න උඩවලව Happy elephant resort

දෙස් විදෙස් සංචාරකයන් වසර පුරාම දැක ගත හැකි සංචාරක ප්‍රදේශයන් අතුරින් උඩවලව ප්‍රදේශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. උඩවලව ජාතික උද්‍යානය, ඇත් අතුරු සෙවණ, රිදීගම...