කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය

‘වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි’

 

පසුගියදා පැවති උත්සවයකදී වසරේ ව්‍යවසායිකාව 2017වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය කටයුතු කළේ ය. ලාභ ඉපැයීමෙන් තොර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මෙරට ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සඳහා පදනමක් සැපයීම සහ ඔවුන්ට හඬක් ලබාදීම යන අරමුණු මූලික කරගෙන කටයුතු කරයි.

වසර දෙකකට වරක් පැවැත්වෙන වසරේ ව්‍යවසායිකාව වැඩසටහන, ව්‍යාපාරික ලෝකය තුළ කැපීපෙනෙන කාන්තාවන් ඇගයීම සඳහා හඳුන්වා දෙන ලද වැඩසටහනකි. එමෙන්ම එය කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සහ ලොව පිළිගත් ක්‍රමවේද භාවිතා කිරීම සඳහා දිරිදෙයි. සම්මාන ප්‍රධානයෙන් අනතුරුව ජයග්‍රාහිකාවන් සඳහා විශේෂ වැඩමුළුවක්ද පැවැත්වෙන අතර එහිදී එම කාන්තාවන්ට තම ව්‍යාපාර තවදුරටත් දියුණු කරගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙනු ලැබේ.

මෙම වැඩසටහන දිවයිනේ සියලූ‍ම නගර හා ගම් දනවූ වල වෙසෙන ව්‍යාපාරික කාන්තාවන් සඳහා විවෘතයි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම සාර්ථකත්වයට නිසි ඇගයීම ලබාගැනීමට සහ තම ව්‍යාපාර තවදුරටත් දියුණු කරගැනීමට පෙරට එන මෙන් මා රටේ සියලූ‍ම ව්‍යවසායිකාවන්ට ආරාධනා කරනවා. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති චතුරි රණසිංහ මහත්මිය පැවසුවා ය.

මෙම සම්මාන වැඩසටහන තුළදී ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර, කුඩා පරිමාණ ව්‍යාපාර, මධ්‍යම පරිමාණ ව්‍යාපාර, විශාල පරිමාණ ව්‍යාපාර සහ අතිවිශාල පරිමාණ ව්‍යාපාර යන කාණ්ඩ යටතේ රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනැමේ. එමෙන්ම අයදුම්කාරියන් සියලූ‍ම දෙනා වසරේ ව්‍යවසායිකාව, වසරේ තරුණ ව්‍යවසායිකා සහ වසරේ විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්‍යාපාරය යන සම්මාන සඳහා සලකා බලනු ලැබීමටද සුදුසුකම් ලබති.

මෙම වසරේදී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් ආබාධිත කාන්තාවන් සඳහා ‘The Most Positively Able Woman of the Year.’ නමින් විශේෂ කාණ්ඩයක්ද හඳුන්වා දී තිඛෙනවා. තම ආබාධයන් නිසා එල්ල වූ බාධක ජයගනිමින් සාර්ථකත්වය කරා පියනැගූ කාන්තාවන් ඇගයීම මෙහි අරමුණයි. චතුරි රණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට නම් අයදුම්කාරියන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම හෝ වසා දමා තිබූ ව්‍යාපාරයක් නැවත ආරම්භ කිරීම වැනි කටයුත්තකට දායක වූ අයෙකු විය යුතු වේ. අදාළ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ලියාපදිංචි වූ ව්‍යාපාරයක් විය යුතු අතර වසර 3 ක් හෝ ඊට වැඩි කාලයක් සක්‍රීයව පැවතී තිබිය යුතු ය.

සම්මාන සඳහා අයදුම්පත් 2018 මැයි මස 16 වන දින සිට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ලේක්ම් කාර්යාලයෙන් හෝ www.wcicsl.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ. 011 2671762 අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැක.

 

 

 

 

 

– අවසානයි –

 

වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි

මද්‍යසාර භාවිතය නිසා ඔබත් ඔබේ පවුලත් අපහසුතාවයට පත් වෙලාද

  ඔබ තාමත් මැල් මැදුරට අවේ නැති ද? ඔහුගේ/අයගේ මත්ද්‍රව්‍ය භාවිතිය ඔබට මහත් අපහසුතාවයක්,වදයක් ගෙන දෙන්නෙක් ද?අපි ඔබට සුමිත්‍රයෙක් වෙන්නම්.අපිට ඔබගේ අපහසුව තුනී කර ගැනීමට උදව්...

සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ...

දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්

දරුවන් ( children ) වෙනුවෙන් උදේ පාන්දර පටන් පිලියෙළ කරන දිවා ආහාරය ඔවුන් අතවත් නොතබා නැවත ඒ විදිහටම නිවසට රැගෙන ආ විට අම්මා ආවේශ...

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...

ගැහැණිය යනු, බඩුවක්ද ? ඔබේ මතය අපට ලියන්න

මුලින්ම මම කියන්නම් කාන්තාව පිලිබඳ පණිවිඩයක් මෙවැනි වෙබ් අඩවියක් හරහා පණිවිඩයක් දෙන්න උත්සහ කලේ ඇයි කියලා.. ඇත්තටම අපේ සමාජයේ කාන්තාව ගැන කතා කරනවා. කාන්තා...

ආසියාවේ හොඳම සූපවේදිනිය “මැයි චව්”

ජාත්‍යන්තරයේදී සුවිශේ්ෂීත්වයට පත් චරිත මුල් කර ගෙන ඔවුන්ගේ අතීතාවර්ජනය පිලිබඳව අපි කථා බහ කලොත් එයින් බොහෝ දේ ඉගෙන ගැනීමට පුළුවන්. ඒ වගේම ඔවුන් තුළ...

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි...

උත්සව අවස්ථාවකට දැල්ලන් කරියක්

දැල්ලන් කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒවගේම තමයි තරමක් උෂ්ණාධික කෑමක් විදිහටත් දැල්ලන් හදුන්වන්න පුළුවන්. බොහෝ වෙලාවට උත්සව අවස්ථාවන්වලදී කුකුළු මස් කාරී එහෙමත් නැත්නම් මලු...

සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු

ආතදුම්බර පාලිස්පත්තුවේ බස්නාහිර කෝරළේ නාරම්පනාව නම් ග්‍රාමය පිහිටා ඇත. සංචාරක ආකර්ෂණය ඉතා වැඩි මේ සුන්දර ගම්මානය බොහෝ ජනප්‍රියයි. විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ මේ...