බොහෝ කාන්තවන්ගේ ඒකායන පැතුම තමයි සුදු වෙන එක. අපේ සමේ පැහැයට බලපාන්නේ මෙලනින් කියන වර්ණකය. මෙලනින් වල අඩු වැඩිබව මත තමයි අපේ සමෙ පැහැය තීරණය වෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ සුදු වෙන්න ක්‍රම කිහිපයක් ගැනයි.

 

සුදු හඳුන් ආලේපය

සම පැහැපත් වෙන්න ඔබට නිවසේදීම ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් ප්‍රතිකර්මය තමයි සුදු හඳුන් ආලේපය. සුදු හඳුන් කුඩු වලට වඩා සුදු හඳුන් කැබැල්ලක් අරගෙන එය ගලේ උරච්චි කොට ආලේප කිරීම සුදුසුයි. ඔබ සුදු හඳුන් ගැල්විය යුත්තේ ඇල් වතුරින් උරච්චි කොටයි. වියලි සමකට නම් සුදු හඳුන් එතරම් හොඳ නෑ. එවැනි සමක් තිබෙන අයට පුළුවන් බාර්ලි ඇට කුඩු කොට වතුරින් අබරා ආලේප කරන්න.

 

කෝමාරිකා

තවත් ඔබට පුළුවන් සම පැහැපත් වීම සඳහා කෝමාරිකා යොදා ගන්න. කෝමාරිකා වල තියනවා ඔබේ සමේ වියලි බව නැතිකිරිමේ හැකියාවක්. ඒ වගේම තමයි ඔබේ සම පැහැපත් කරන්නත් ලොකු හැකියාවක් තියෙනවා. කෝමාරිකා අරගෙන එහි මදය සූරා ගන්න. එය පිරිසිදු කරගත් ඔබේ මුහුණේ ආලේප කරන්න. විනාඩි 10ක් පමණ හොඳින් සම්භාහනය කරන්න.

 

හිරු එළියෙන් ආරක්ෂා වෙන්න

සමනිරන්තරයෙන් අධික හිරුඑළියට නිරාවරණය වීම වළක්වාගන්න. අධික සූර්යාලෝකය නිසා සම වියළීමට ලක්වෙනවා. හිරු එළියේ ඇති අහිතකර කිරණ නිසා ඔබේ සම පිළිස්සීමට ලක් වෙනවා. සමේ පටක ක්‍රමයෙන් විනාශ වීමට ගන්නවා. ඒ වගේම ඉක්මනින් සම දුර්වර්ණ වී සම රැලි වැටීමට ලක්වෙනවා. නිවෙසෙන් පිටතට යන එන අවස්ථාවලදී ශරීරය ආවරණය කරගැනීම මෙන්ම සුදුසු sun cream වර්ගයක් ආලේප කිරීමද වැදගත්.

 

ජලය පානය කරන්න

සුදු වීමට සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමත් ඉතාමත් වැදගත්. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට දිනපතා හොඳින් ජලය පානය කරන්න. සම වියළීමට ඉඩදීමෙන් ඉක්මනින් සම දුර්වර්ණ වී සමේ රැලි ඇතිවෙනවා. වියළි සමක් ඇති අයට සමේ වියළි බව නැතිකර ගැනීම සඳහා කෝමාරිකා අඩංගු මොය්ස්චාරයිසර් එකක් ආලේප කළ හැකිය. දිනපතා සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් ආලේප කිරීමෙන්ද සම වියළීම වළකිනවා.

.

කොළ පැහැති එළවළු පලතුරු

දෛනික පෝෂණය නිසි පරිදිය පවත්වාගන්න. සමේ පැහැපත් බව ඇතිකිරීමට හේතුවන කොළ එළවළු වර්ග, කහ පැහැති පලතුරු වර්ග, කැරට් යනාදිය දිනපතා ආහාරයට ගැනීමෙන් සම පැහැපත් වෙනවා. සම නිරෝගී වෙනවා. එම නිසා හැකිතාක් ඔබේ ආහාරයට එළවලු වර්ග පලා වර්ග එකතු කරගන්න. පිටින් ආලේප කරන ක්‍රීම් එකකට වඩා මේ විදියට සිරුර අභ්‍යන්තරයෙන්ම එන පැහැපත් බව කාලාන්තරයක් පවතිනවා වගේම අහිතකර බලපෑම් වලින් මුක්තයි.

 

ව්‍යායාම කරන්න

දිනපතා කිසියම් ව්‍යායාමයක නියැලෙන්න. එවිට වැඩිපුර දහදිය දැමීමෙන් සමේ රෝම කූප විවෘත වී අනවශ්‍ය විස ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර වේ. එවිට සම නිරෝගී වේ. පැහැපත් වේ.

සුදුවෙන්න සම නිරෝගී වෙන්න ඔයත් මේ ක්‍රම අනුගමනය කරන්න

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය දිවිමඩලෙන් සමුගනී

කලා කීර්ති සුමිත්‍රා පීරිස් යනු ශ්‍රී ලාංකීය ප්‍රථම කාන්තා චිත්‍රපට නිෂ්පාදිකාව වන අතර ඇය සියලු දෙනා විසින් හඳුන්වනු ලබන්නේ “සිංහල සිනමාවේ කිවිඳිය” ලෙසිනි. ඇය...

අද ඔබේ ආදරය තව තවත් විඳින්නට

valentine දවසට විතරක් නෙමෙයි හැම දවසක්ම valentine දවසක් විදිහට දකින සුන්දර කාන්තාවන්ට....     https://youtu.be/840NbiFF1zM

ගැහැණිය යනු, බඩුවක්ද ? ඔබේ මතය අපට ලියන්න

මුලින්ම මම කියන්නම් කාන්තාව පිලිබඳ පණිවිඩයක් මෙවැනි වෙබ් අඩවියක් හරහා පණිවිඩයක් දෙන්න උත්සහ කලේ ඇයි කියලා.. ඇත්තටම අපේ සමාජයේ කාන්තාව ගැන කතා කරනවා. කාන්තා...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

රෙක්සාගෙන් අලුත් වැඩක්

දැනට ලොව සිටින හොඳම ගායන තරු අතර බේබි රෙක්සා ඉදිරියෙන්ම සිටිනවා. ඇයගේ ඩාන්ස් ගීතයෙන් පසුව මෙන්ට් ටු බි ගීතය නැවතත් දර්ශක අතර හිනිපෙත්තට ඇය...

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 2 කොටස

සම්භාහන ආයතන වල ගැහැණු ළමයින් ඉන්නේ වෙනත් හේතු සාධක නිසාය. ඔවුන්ගෙන් බොහෝ අය ගම්බද සිංහල හෝ දෙමළ පවුල් වලට අයත් අය වේ. කවදාවත් මේ...

92 පසුකළ අයිරාංගනීගේ අපි කව්රුත් නොදත් කතාව

සුවහසක් ලාංකේය ප්‍රේක්ෂක ජනතාවගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ අයිරාංගනී සේරසිංහ නම් සම්මානනීය රංගන ශිල්පිනිය පසුගිය ජුනි 21 වැනි දින කලා ලොව හිතමිත්‍රාදීන්...

තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු...

ස්වයං රැකියා සඳහා අදහස් කිහිපයක්

අපි ඉවතලන බොහෝ දේවල් නැවත නැවතත් අපිට පරිහරණය කරන්න පුළුවන්. එය එක් අතකින් කැලි කසළ ප්‍රයෝජනයට ගත හැකි එක් විසඳුමක්. මේ අපි එදිනෙදා පරිහරණය...