හිරු එළිය යනු මිනිසුන් සහ සතුන් සියල්ලන්ටම ස්වභාවධර්මය මඟින් ලැබුණු අපුරු දායාදයකි. ශාකයන් හි පැවැත්ම සඳහා හිරු එළිය ඉතාම වැදගත් වේ. එලෙසින්ම මිනිසාට ද ශාරීරික ( body ) සහ මානසික නිරෝගී භාවය ( health ) පවත්වා ගනිමින් ක්‍රියාශීලි ජිවිතයක් ( life ) ගත කිරීමට හිරු එළියේ අන්තර්ගත විවිධ ගුණාංග උපකාරී වේ. හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීර සෞඛ්‍යට ලැබෙන වාසි කිහිපයක් නම්,

 

මානසික සෞඛ්‍ය යහපත් ව පවත්වාගෙන යාමට

හිරු එලියට මිනිස් මානසික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට, සතුට ගෙන ඒමට හැකියාව ඇත. මෑතක දී කරන ලද පරික්ෂනය්න්ගෙන් හෙළි වී ඇති පරිදි හිරු නැගෙන වෙලාවේ සහ හිරු බැස යන වෙලාවේ හිරු එලියට නිරාවරණය වීම මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීමට උපකාරි වේ.

 

සම ආශ්‍රිත පිළිකා මඟින් ආරක්ෂා වීමට

හිරු එලියට දැඩි ලෙස නිරාවරණය වීම මඟින් සමේ පිළිකා තත්වයන් ඇති වීමේ හැකියාව පවතින බව පැවසුනත් හිරු එලියට අවම ලෙස නිරාවරණය වීම මඟින් ඇතැම් පිළිකා තත්වයන්ගෙන් මිදීමට උපකාරී වන අතරම එමඟින් සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ලැබේ. එය සිදු වන්නේ උදෑසන හිරු එළියේ අන්තර්ගත වන විටමින් D හරහා ය. මිනිස් ශරීරයට අවශ්‍ය විටමින් D 90% සිට 95% ක ප්‍රමාණයක් හිරු එලිය මඟින් ලබා ගැනීමේ හැකියාව පවතී.

 

 

ශක්තිමත් අස්ථි පද්ධතියක් ලබා ගැනීමට

මහාචාර්ය මිචෙල් හොලික් පවසන ආකාරයට මිනිස් ශරීරයට අවශ්‍ය කැල්සියම් උරා ගැනීම, අස්ථි පද්ධතිය ශක්තිමත්ව නිරෝගිව තබා ගැනීම සඳහා මෙන්ම අස්ථි ආශ්‍රිත රෝග වලින් ආරක්ෂා වීම සඳහා දිනකට විනාඩි පහළොවක් දක්වා හිරු එලියට නිරාවරණය වීම ඉතාම වැදගත් වේ. සතියට දින තුනක් මෙලෙස හිරු එලියට නිරාවරණය වීම මිනිස් සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා වැදගත් වේ.

 

 

හදවත් රෝගවලින්, දියවැඩියාවෙන් තොර ජීවිතයකට

හදවත් රෝග වලින් මිනිස් සිරුර ආරක්ෂා කිරීමේ හැකියාව හිරු එලිය මඟින් ලැබෙන තවත් ප්‍රතිලාභයකි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් දක්වන ආකාරයට එක්සත් රාජධානියේ පුරවැසියන් ග්‍රීෂ්ම සෘතුවට සාපේක්ෂව සරත් කාලයේදී වැඩි වශයෙන් හදවත් රෝග මඟින් මරණයට පත් වේ. එයට ප්‍රධාන හේතුව වන්නේ සරත් කාලය තුලදී හිරු එළිය මඟින් ලැබෙන විටමින් D ප්‍රමාණය අවම වීම හේතුවෙනි. එමෙන්ම මිනිස් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ශිත කාලය තුල ඉහල යන බව පරීක්ෂණ මඟින් හෙළි වී ඇති අතර එයට හේතුව වන්නේ ද විටමින් D අවම ලෙස මිනිස් ශරීරයට ලැබීමයි. දියවැඩියාවෙන් වැළකීමටත් හිරු එලිය වැදගත් සාධකයක් වේ. විටමින් D නිසි පරිදි ශරීරයට ලැබීමෙන් දියවැඩියාවට ගොදුරු වීමේ හැකියාව අවම අතර එමෙන්ම කුඩා දරුවන්ට විටමින් D අතිරේකව ලබා දීමට එක හේතුවක් වන්නේ පළමු වර්ගයේ දියවැඩියාවෙන් වැළකීම සඳහා ය.

 

 

සෘතුමය රෝග මඟින් ආරක්ෂා වීමට

ශ්‍රී ලංකාව තුල දක්නට නොමැති එක් එක් සෘතු වලට වැළඳෙන රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා ද හිරු එළිය උපකාරී වේ. විශාදය වැනි රෝග තත්වයන් හට ගැනීමට සහ එවැනි රෝග උත්සන්න වීම සඳහා හිරු එළියට නිරාවරණය නොවීම එක් හේතුවක් වේ.

 

ශක්තිමත් දත් දෙපලකට

නිරෝගී මුඛ සෞඛ්‍යක් පවත්වා ගැනීම සඳහා හිරු එලිය වැදගත් වේ. එමෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගිව පවත්වා ගැනීම සඳහා ද හිරු එළිය උපකාරී වේ. හිරු එලිය රුධිර සෛල නිෂ්පාදනයට උපකාරී වේ. එමෙන්ම රෝග වලින් ආරක්ෂා වීම සඳහා හිරු එලිය උපකාරී වේ.

 

 

ක්‍රමවත් නින්දක් ලබා ගැනීමට

නින්ද ක්‍රමවත් කිරීමට හිරු එලියට හැකියාව පවතින අතර, මෙලටෝනින් ( melatonin ) හෝමෝනය මිනිස් ශරීරය තුල නිසි මට්ටමින් පැවතීම අනවශ්‍ය ලෙස නිදා ගැනීම අවම කරයි. වසරේ උණුසුම ඉහල මාස වල මිනිස් ශරීරයට නින්ද අවශ්‍ය වන්නේ කෙටි කාලයකි.

මිට අමතරව, මාංශ පේශි වල වේදනා වලින් මිදීම සඳහා හිරු එළියෙන් ප්‍රතිකාර ලැබේ. එපමණක් නොව පියයුරු පිළිකා ගැබ්ගෙල පිළිකා සහ උදරය ආශ්‍රිතව හට ගන්නා පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව හිරු එළියට පවතී.

 

ඉහතින් දැක් වූ සියලු ප්‍රතිලාභ හිරු එලිය හරහා මිනිස් සිරුරට ලැබෙන අතර, අනෙකුත් රාජ්‍යන්ට සාපේක්ෂව වසරේ වැඩි කාල සීමාවක් ශ්‍රී ලංකාවට හිරු එලිය ලැබේ. උදැසන සහ සවස් කාලයේ දී හිරු එලිය ලැබේ. උදෑසන සහ සවස හිරු එලියට නිරාවරණය වීමෙන් ඉහත ප්‍රතිලාභ ලබා ගත හැකිය.

 

උපුටා ගැනීමකි

හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැබෙන වාසි

ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද? චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු...

ඔබට නව පණක් දෙන අරුම පුදුම යෝගී කලාව

යෝග යනු පැරණි ඉන්දියාවේ නැණවතුන් විසින් සියවස් ගණනකට පෙර සොයා වැඩි දියුණු කරගෙන ප්‍රයෝජනයට ගත් ශරීර සනීපය වඩවන පැරණි කලාවකි. යෝග යනු ආගමක්වත්, ජීවයේ පැවැත්ම...

රැකියාවේ සහ ජිවිතයේ දියුණුවට ආකල්ප බලපාන ආකාරය

දරුවකු කුඩා කල විශිෂ්ට වෘත්තිකයකු කරා ගෙන යන ගමනේදී අධ්‍යාපනය පමණක් නොවේ ඔහු / ඇය ඔවුනොවුන්ගේ ජිවිතයට ගත යුතු බොහෝ ගුණාංග තිබෙනවා. අකාල්ප සහ ආත්ම...

මාලිගාවත්තේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් හතරක්

මාලිගාවත්ත, අලාමාඉබ්බාල් අතුරු මාර්යේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රියේ 8.30ට පමණ සිදුවූ...

ෆැෂන් කරන්න කැමති ඔයාට

ඔයාගේ ෆැෂන් ගැන ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක් ද හැඟීමක් ද ? ඔයා පෞද්ගලිකව ඔයා කරන විලාසිතා ගැන එතරම් ප්‍රියමානප බවක් නැද්ද ? වැරදි...

චාරිකා – 04 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන ආකාරය

පහුගිය සතියේ පවුල් සැලසුම් ක්‍රම ගැන අපි ඔබව දැනුවත් කළා. ඉතින් අපි මෙවර ඔබව ගැඹුරින් කථා කරන්න යන්නේ එම පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන...

වියලි කාලගුණයෙත් සම රැකගන්න මෙහෙම කරන්න.

මේ කාලයේ අපේ රටේ හැම ප්‍රදේශයකම තියෙන්නේ අධික වියලි කාලගුණයක්. පරිසරයේ පවතින වියලි බවත්,වියලි සුළඟත් නිසා අපේ සම බොහොම ඉක්මනට වියළි බවට පත් වෙනවා....

ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න යුවතියන්ට කියාපු පහසුම ප්‍රතිකාරය

සැලුන් එකට යන්නේ නැතිව ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න ක්‍රමයක් ගැනයි මේ කියල දෙන්න හදන්නේ ඔයාලට. ඕනෑම කෙනෙක් මුලින්ම බලන්නේ අපේ මුහුණ දිහානේ. ලස්සන...