ලංකාවේ ෆේස් බුක් වාසින් තරම් බෙංගාල බොක්ක කැළඹෙන්නේ නැත. අඩුම ගාණේ සුළි සුළඟකට අසුවන තුත්තිරි ගහක්වත් එලෙස කැළඹෙන්නේ නැත.

වැඩිමනක් කැළඹෙන්නේ ඕපා දූපා සෙවීමට කිසි ලෙසකින්වත් නොදන්නා පිරිමි වීම හාස්‍යජනකය. සොයාගන්නවා පමණක් නොව ඒවා විවිධ අයුරින් සකස් කර සමාජ මාධ්‍ය වෙත පෝස්ට් කරයි. ඒවා පෝස්ට් කරන ආකාරය අදහන්න වටී. ඒවායෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් තරම් සමාජවාදීන් නැති තරම්‍ ය. ඔවුන්ට තරම් දේශපාලනය, සංස්කෘතිය, ඉතිහාසය, අනාගතය, කොටින්ම ඔවුන්ට තරම් විශ්වීය දැනුමක්, පරිචයක් සියළු කෙලෙසුන් නැසූ බුදුරජාණන්වහන්සේටවත් නොමැති තරම් ය.

ලංකාවේ ෆේස්බුක් වාසින් නොකැළඹෙන දෙයක් නොමැත. තමන්ගේ කටේ දතක් නරක් වී ගැලවිය යුතුව තිබුණද ඔවුන් කැළඹෙන්නේ නැත. ඒ වෙනුවට වෙනකෙකුගේ දතක් යන්තමින් කහ පැහැ ගැන්වී තිබුණද නැට්ට තදකරගෙන දඟලයි. හැදෙන්න තියෙන තරම් ලෙඩ රෝග වැළඳී තිබුණද අනෙකාගේ හෙම්බිරිස්සාව ගැන ඔවුන් සැළකිලිමත් වේ. තමන් යට ඇඳුම් ඇන්ඳද නොඇන්ඳද අනෙකාගේ යට ඇඳුමේ පාට, බ්‍රෑන්ඩ් එක, මිල ගැන සෙවීමට තරම් පුදුමාකාර උනන්දුවක් ඇත. අනුන්ගේ දේවල් සොයා බලමින් කටයුතු කිරීම විනා ඔවුන්ට වෙන වැඩක් ඇත්තේම නැත.

මේ දිනවල අපේ ජනතාව කළඹා ඇති ප්‍රධානම මාතෘකාව නම් රටේ ස්වෝත්සාහයෙන් නැඟී සිටින තරුණයෙකුගේ උපන්දින සාදයක් සහ ඒ සාදයට සහභාගී වූ තරුණියන්ගේ ඇඳුම් විලාසිතාය. බටහිර රටක මෙවන් දේ අතිශය සාමාන්‍යය. ඔවුන්ට මෙවන් දේ අරුම පුදුම නොවන්නේ ඔවුන් විලාසිතා ගැන අපේ දූපත් වාසින්ට වඩා ඉක්මණින් දැනුවත් වන  නිසාය. අපේ දූපත් වාසින් මෙවන් විලාසිතා දකින්නට පැෂන් ෂෝ වලට යන්නේ නැත. දකින්නේ පින්තූර පමණි. දාර්ශනික වදන් කියමින් කෙල්ලන්ගේ ශරීරයේ පෙනී නොපෙනී තියෙන තැන් වඩාත් සූක්ෂමව බලන අතර ඒවා පැහැදිලිව බලාගැනීමට zoom කර බැලීමේ උපරිමය දක්වා යයි.

අපේ රටේ සංස්කෘතියට මේවා ගැලපෙන්නේ නෑ කියන උත්තම උත්තමාවියන් සීගිරියේ ලලනාවන් ගැන ඉතිහාසයට, චිත්‍ර කලාවට මැනවින් ප්‍රගුණ කළ අයවළුන් වේ.  කාන්තා ශරීරය අඟ පසඟ මෙතරම් කතා බහට අවධානයට ලක්වන්නේ ඇයි දැයි කියා සිතන විට නම් එහි ඇති අරුමැසි බවක් නැතැයි සිතේ. පිරිමි ශරීරය මෙන්ම කාන්තා ශරීරයද මේ සොබා දහමේම නිර්මාණයක් විනා වෙන දෙයක් එහි නැත. වර්ගයා බෝ කිරීම සඳහාත්, දරුවන් පෝෂණය කිරීම උදෙසාත් සැකසුණු කාන්තා ශරීරයට අවමන් කරමින් ගල් ගසන සෑම කෙනෙකුම ඉපදුනේ කාන්තාවගේ කුස තුළින් බවත් පෝෂණය වූයේ ඇගේ පියයුරු වලින් උරා බිව් කිරි වලින් බවත් අමතකය.

ඇඳුම් කියන සංකල්පය ලෝකයේ ඇති වීමට පෙර සෑම අයෙකුම නිර්වස්ත්‍රව ජීවත්ව ඇත. ඔවුන්ට සිය ශරීර වල ආගන්තුක බවක් නැත. ඇඳුම් වලින් වසාගත් පසු කුතුහලය සහ වැසුණු, වසා ඇති තැන් ඇර බැලීමේ වුවමනාව මත බොහෝ දෙනා මෙය මැජික් එකක් ලෙස සළකමින් සිටී. යන්තමින් හෝ පෙනේ නම් උඩ පනිමින් තළු මරමින් රස විඳී.

කෙල්ලෝ ඇඳින ඇඳුම් නිසා රාගය ඇවිස්සෙනවා යැයි පිරිමි කියන්නේ නම් එය පට්ට පල් බොරුවකි. සිය බිරිඳ ඉදිරියේ රාගය ඇවිස්සෙන පරිද්දෙන්ම තවත් ගැහැණියකගේ නිරුවත හෝ අඩ නිරුවත දුටු විට රාගය ඇවිස්සේනම් ඔහු පිරිමියෙක් නොවන බව කණගාටුවෙන් වුවද කිව යුතුමය. සි‍ය සිත දමනය කරගත හැකි තැනැත්තාට කෙතරම් නිරුවත් රූප ඇසට අසුවුණද සිය හැඟීම් පාලනය කරගනිමින් සිටීමට හැක. කෙල්ලන් අඳින ඇඳුම් හැඟීම් අවුස්සනවා නම්, සීයා සිය මිනිබිරිය, තාත්තා සිය ලෙයින් සැදු දියණිය, සහෝදරයා එක් කුස උපන් සහෝදරියව දූෂණය කරන හේතු කාරණාව කුමක්ද…??? කිතුල කපන්න ගිය මිනිහට හේතු කියන්න තිබුණා වගේ අපේ අයත් ලේසියෙන්ම කියන්නේ කෙල්ලෝ අඳින ඇඳුම් වල වැරැද්ද මිසක් තමන්ගේ හිතේ වැරැද්ද ගැන නම් නෙමෙයි.

අපි දැන් උපන්දින සාදේ ගැනත් කිව්වොත් නම් මේ කාලේ හැටියට තමන් හම්බු කරන සල්ලි වියදම් කරන්න ඕන විදිය ගැන උපදෙස් ගන්න ඕනේ ෆේස්බුක් පේජ් ඇඩ්මින්වරුන්ගෙන් සහ ඒකේ සැරිසරන කප්පරක් කයිවාරු ගහන වැඩකට නැති එවුන්ගෙනි. නිවැරදි කර්මාන්තයක් කරලා හම්බුකරන සල්ලි තමන් කැමති විදියකට වියදම් කරන්න මිනිස්සුන්ට අයිතිය තියෙනවා. ඒ උපන්දින සාදයට මඩ ගහපු කී දෙනෙක්ට තමන්ගෙම කියලා ව්‍යාපාරයක් තියෙනවද? ඒක නිවැරදි ව්‍යාපාරයක්ද, කීයක් හම්බුවෙනවද?කීයක් වියදම් කරනවද? කීයක් දන් දෙන්න යොදවලා තියෙනවද? කියන එක ගැන විමසලා බැලුවොත් නරකද…?

ෆේස්බුක් එකට වෙලා අනුන් වනන රෙද්දටත් බැන බැන ඉන්න වෙලේ කරන්නකෝ තමන්ගෙම කියලා ව්‍යාපාරයක්. කෝටිගාණක් හම්බුකරලා ආසාවට තමන්ගේ යාළුවන්ට එන්න කියලා දාලා බලන්න ලොකු සාදයක්. අද මේ ඔයත් එක්ක එකතුවෙලා බැනපු අයම එදාට ඔයාටත් බනින්නේ නැද්ද කියලා බලන්න. ඕකට කියන්නේ ඉරිසියාව. තමන්ට නොලැබෙන දේ අනිකාට ලැබෙනවට ඉරිසියයි. එහෙම වුණාම ඒ මනුස්සයාව හෙලා දැකලා කතා කරන එක මනුස්සයාගේ හැටියක්. ඉහත ආත්ම වල කරපු පින් පව් හැටියට මේ ආත්මේ ගෙවෙනවා. මේ ආත්මේ රැස් කරන පින් පව් ලබන ආත්මේ ලැබෙනවා. ඒකයි කර්මය කියන්නේ.

උපන්දින සාදයට ගිය අය එතන නොනැවතී ඉදිරියට ගොස් ඇත. එදා ඇඳි ඇඳුම් උනා දමා අළුත් ඇඳුම් ඇඳ ඇත. කාපු බීපු දේ ජීර්ණය වී හමාරය. නමුත් අපේ ෆේස්බුක් මහදැනමුත්තන් ඔවුන්ගේ ඉඳුල් කමින්, උනා දැමූ ඇඳුම් අඳිමින් තවම බාල් නටති.

අනුන්ගේ සැපයට ඉරිසියා කරමින් කාන්තා ඇඳුම් මෝස්තර අස්සෙන් පේන නිරුවත දකිමින් ඉන්න හැම කෙනාටම කියන්න තියෙන්නේ “නිවන තව ගොඩාක් දුරයි” කියලා.

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

අනුන් නිසා කැළඹෙන ජාතිය

නිවසේ ඇතුලත මෙන්ම පිටතත් හැඩකරන බිගෝනියා

දැක්ක ගමන් නෙත් සිත් වශීකරන ශාක අතරින් බිගෝනියා ඔබගේ නිවස පිටත මෙන්ම ඇතුළතද ලස්සන කරයි. * වර්ග රැසයි මෙම ශාකයේ ගොඩක් පාට මෙන්ම විවිද රටා වලින්...

Living Together කියන්නේ ආදරයට එහා ගිය බැඳිමක් ද? දසුන්ගේ බිරිඳ හංසි කථා කරයි

https://thewoman.lk අපි නිරන්තරයෙන්ම සමාජය තුල පවතින කාලින මාතෘකා ගැන කතා කරනවා. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ මෑත කාලයේ ගොඩක් කථා බහට ලක්වුණ දෙදෙනෙක් වන ජනප්‍රිය...

විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ

අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු (fat) අය අතුරින් බොහෝ දෙනෙක් කාන්තාවෝ ( married women) වෙති. එයට හේතු වන කරුණු අපට සමාජය තුලින්ම සොයාගැනීම අපහසු නොවේ....

නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න

ඔබ ගන්නා අහාරය ඔබ ගන්නා පානය ඔබේ මනෝභාවයට පමණක් නොව, ඔබේ සිතිවිලි වල පැහැදිලිකමටද බලපාන බව ඔබ දන්නවා ද? ඈත අතීතයේ සිට ප්‍රඥාවන්තයින් සැහැල්ලු...

සිහිල් සුළං රැල්ලේ ගීතයේ ඇත්තම තේරුම මෙන්න

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ.. ආදරයේ මද සිනිදු පහස ලැබ හදවත දළු සෙලැවේ .... සුදු වැළිකතරේ පිපුණ මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ...

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග්...

The Wedding Show 2018

2018 පෙබරවාරි 16 17 18 BMICH හිදී වැඩි විස්තර සඳහා විමසන්න - 0114345985 / 0112682 682

කපුවෙක් ඇල්පිටියේ දී සිව් හැවිරිදි දැරියක බිල්ලට ගනී

රත්නපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු විසින් අසල්වැසි දැරියක බිල්ලටගෙන ඇතිබව, ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. ඇල්පිටිය , ඌරගස්මංහන්දිය නගරයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක ළදැරියකට බරපතළ...

කුම්බාගේ කතාව

ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා සපයන්නාන්ගේ ආකල්ප සහ  හැසිරිම් නිසාවෙන් බොහෝවිට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සම්බන්ධ සේවාවලදී ආබාධ සහිත බොහෝවිට අපහසුතාවයට පත්වේ. " නෑ..නෑ..නෑ…!...