දුන්හිඳ දිය ඇල්ල (dunhinda falls) ඌව පළාතේ ඇති දර්ශනීය දිය ඇල්ලක් වගේම ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකි. දුන්හිද ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ කතා තිබෙනවා. එකල රජ දවස දුන්හිඳ පතන හා කොස්ගොල්ල අතර පුස්වැලක් තිබී ඇත. කාලයක් ගත වන විට මේ පුස්වැල විශාල වී ඊට කුණු රොඩු එකතුවී බදුලු ඔයේ ජල මාර්ගය අවහිර වී ඇත. එය බේසමක් මෙන් දිස්වූ අතර බදුල්ල නගරය යටවී ගියේය. එවිට රජු අණබෙර යවා පසුවැල කප්පවා එය කැපූ තැනැත්තාට තෑගි බෝග පිරිනමා ඇත. එම ජලකද පුස්වැල කැපූ ස්ථානයෙන් පහළට ගලා ගියේය. එයින් දුන්හිද ඇල්ල නිර්මාණය විය. මෙහි සදහන් වන රජු එවකට බදුල්ලේ ප්‍රාදේශීය රජතුමාවූ කුමාරසිංහ රජු බවත් එම රජුගේ නිධන් වස්තු මෙහි ඇති බවත් ඉතිහාසයේ වංශ කතාවෙන් කියැවේ.

 

dunhinda falls

 

දුන්හිඳ දිය ඇල්ල ( dunhinda fallsපිහිටා තිබෙන්නේ 

මෙම දිය ඇල්ලට ළඟා වීමට බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් කළ යුතුය. මෙම මාර්ගයේ බදුල්ලේ සිට කි.මී. 6 ක් පමණ දුරින් පිහිටි “Dunhinda Junction” නමින් හැදින්වෙන සන්ධියකි. එම මාර්ගයේ දකුණු පස ඇති දොරටුවක් සහිත සංඥා පුවරුව පහසුවෙන් හඳුනාගත හැකි අතර, එම මංසන්ධියෙන් ඇරඹෙන කුඩා අඩි පාර දිගේ කි.මි එකක් පමන පා ගමනින් යාමෙන් දිය ඇල්ලට ලඟා විය හැකිය.

ප්‍රධාන දිය ඇල්ලට ළඟා වීමට පෙර ඔබට පුංචි දුන්හිඳ නමින් හැඳින්වෙන තවත් දිය ඇල්ලක් දැක ගත හැකිය. කෙසේ වෙතත්, එම දිය ඇල්ල අසලට ලඟාවීම ඉතා අසීරුය. ඒ සඳහා වනාන්තරය හරහා අසීරු මාර්ගයක ගමන් කළ යුතුය.

 

දුන්හිඳ දිය ඇල්ල ( dunhinda falls) වර්ග ප්‍රමාණය

බදුලුඔයෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වෙන මේ දිය ඇල්ල දෑනට ගනන් බලා ඇති අන්දමට මෙම දියඇල්ල අඩි 210 එනම් මීටර 64 ආසන්න ප්‍රමානයක් උසින් යුක්ත වෙනවා. එහි දුම් දමන ආකාරයට ඇතිවන්නාවූ මිදුම් සහිත පටලය නිසා එයට දුන්හිද ලෙස නම ලෑබුනු බවට සදහන් වේ. බදුලු ඔයට විශාල ජල ධාරිතාවයක් එකතු වෙන කාලයන්ගේ මෙහි ප්‍රබලත්වය එය නරබන්න පෑමිනෙන ඔබට ඉතාමත් හොදින් දෑක ගත හෑක.

 

dunhinda falls

 

කොතරම් දුරක් ගෙවා දමා අපහසු මාර්ගයක් ඔස්සේ ගමන් කලද දිය ඇල්ල අසලට ගමන් කළවිට ගමන් වෙහෙස නොදැනෙන්නේ දිය ඇල්ලේ සුන්දරත්වය නිසාමය. දුන්හිද ඇල්ල කරා පිය මනින අතර තුරදී මාර්ගය දෙපස බෙලිමල් හා හකුරු වීදුරුවක රස බැලීමද බොහෝ සංචාරකයන් අමතක නොකරයි. දුන්හිද ඇල්ල අසල නරඹන්නන්ගේ අරක්ෂාවට ඉදිකර ඇති ආරක්ෂක වැට අසලින් දකුණු පසින් පහලට බැස යාමට තරමක අපහසු කුඩා අඩි පාරක් ඇත. මෙම අඩි පාර ඔස්සේ ගමන් කර පහලට බැස දිය ඇල්ලේ සැබෑම සුන්දරත්වය දැක ගත හැකිය.

 

මෙරට සංචාරක ව්‍යාපාරයට දුන්හිඳ දිය ඇල්ල සම්පතකි. මෙය නැරඹීමට එන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ ගමනට දින්හිඳ දුෂ්කර ගමන් මගෙහි ඇති අනාරක්‍ෂිත ස්‌ථාන අවදානමක්‌ව පවතී. අඩි 70 – 100 ක පමණ ආගාධ එහි පවතින අයුරු දක්‌නට ලැබේ. කුඩා දරුවා, පාසල් සිසුවාගේ සිට වැඩිමහල්ලා දක්‌වා උනන්දුවෙන් දුන්හිඳ ඇල්ල නැරඹීමට යන්නේ මෙම අවදානම් සහිත ස්‌ථාන ඔස්‌සේ වීම නිසා එම ස්‌ථානවල පවතින අවදානම අවම කිරීම තුළින් සංචාරකයන්ගේ රැකවරණය සැලසෙන බව එය නැරඹීමට එන පිරිස්‌වල අදහස වී ඇත. ඇතැම් ස්‌ථාන වල අත් වැලක අවශ්‍යතාව ද තවත් තැනක ආරක්‍ෂිත තාප්පයක අවශ්‍යතාව ද පවතින බව ඔවුහු පවසති.

අගෝස්‌තු වැනි මාසයක සාමාන්‍යයෙන් දුන්හිඳ ඇල්ල නැරඹීමට දිනකට 500 ට වැඩි පිරිසක්‌ සති අන්ත දිනක එහි පැමිණෙන බවත් සතියේ දිනකට එය 150-200 අතර පවතින බවත් සොරණාතොට ප්‍රාදේශීය සභාව පවසයි. දුන්හිඳ ගමන් මගේ මීටර් 200 ක්‌ පමණ ගිය පසු හමුවන සංගිලි පාලම (වැල් පාලම) මීටර් 20 ක්‌ පමණ දිගින් යුක්‌තය. එහෙත් මේ දිනවල එය භාවිතයට නුසුදුසු වන පරිදි අබලන්ව ඇත. මීට මාස 07 ට පමණ පෙර සිට මෙම සංගිලි පාලම කැඩී යාම ආරම්භ වූ බවත් ඒ නිසා මීට මාස 02 පමණ සිට එය වසා දැමූ බවත් සොරණාතොට ප්‍රාදේශීය සභාව පැවැසීය. සුන්දර වන අරණට එම සංගිලි පාලම සුන්දරත්වයක්‌ එක්‌කළ ද අද එහි ගමන නැවතී ඇති බැවින් නරඹන පිරිස්‌ එම පාලම පිහිටි ස්‌ථානයට පහළින් බිම් මාර්ගය ඔස්‌සේ වෙනම මගකින් ගොස්‌ දුන්හිඳ ඇල්ල නරඹති.

 

dunhinda falls

 

සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිඳ ඇල්ල

දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

ඉහල මිලක් දීල ස්මාර්ට් දුරකතනයක් ගන්නේ ෆැෂන් එකට වගේම කාලයක් පාවිච්චි කරන්නත් එක්කයි. නමුත් එයට කවරයක් නොදා සිටීමෙන් හදිසි අවස්ථාවකදී බිම වැටීමක් වැනි දෙයක්...

පුංචි එංගලන්තයේ උණුසුම් කැදැල්ල “ඇල්පයින්”

දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ලංකාවේ ( Sri Lanka ) සොඳුරුතම ප්‍රදේශයක් වන පුංචි එංගලන්තය එහෙමත් නැත්නම් සිතල නුවර එළිය විදේශීය සංචාරකයන්ගෙන් නගරයේ...

පාන් කෑල්ලකට සෙල්ලම් කල පුංචි කොලුවා

ඒ 1989 වසරයි. ජෙමෙයිකාව ලොව අවම අඩුම වර්ධන වේගයක් සහිත රටක් වන ජෙමයිකාව එවකට පාන් කැබැල්ලක්, බනිස් ගෙඩියක් වෙනුවෙන්, සිඟමන් යදින දරුවෙන් බොහොම සුලබ...

මඟුල් පෝරුවේ චාරිත්‍ර – 1 කොටස

පෝරුවේ චාරිත්‍ර හා එහි ආරම්භය පෝරුව යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ "පුවරුව" යන තේරුම ඇති වචනයටයි. සංස්කෘත භාෂාවෙන් මෙන්ම පාලි භාෂාවෙන් ද විවාහ මණ්ඩපය ලෙස...

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

භාණ්ඩ අලෙවියට හොදම ක්‍රමය කුමක්ද

කාගෙන් හෝ ණය මුදලක් ලබාගෙන එහෙමත් නැත්නම් ආයතනයකින් කුඩා ණය මුදලක් ලබාගෙන ස්වයං රැකියාවක් ආරම්භ කර දිවි දිනන්නට උත්සහ කරන බහුතරයක් අපි අතරේ සිටිනවා. ස්වයං රැකියා...

ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමු

අඹ ව්‍යංජනය කියන කොටම කටට කෙල උනනවා නේද? එහෙම එකේ වැඩි කතා මොකට ද ? අපි රසම රසට ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමුකෝ. මේ සඳහා...

කාන්තාවන් කෙරෙහි බලපාන මුලික අයිතිවාසිකම් නිතිය

වර්තමානයේ අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයෙන් පහත සඳහන් අයිතීන් මුලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇති අතර එම අයිතීන් විධායක හෝ...

ඔලිම්පික් දිනු පෝලියෝ රෝගී කළු කෙල්ල

අපි හැමෝම දකින හැම හැම හීනයක්ම සැබෑ කරන්න පුළුවන්නම් කොච්චර හොඳ ද? පුංචි "විල්මා" ටත් හීනයක් තිබුණා. ඒ ඔලිම්පික් රන් පදක්කමක් දිනන එක. හැබැයි...