පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි ගානක් ) ඒ දරුවන් අතර පරතරයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. පවුල්(family planning)සැලසුම් ක්‍රම අතරින් තවත් පවුල් (family planning) සැලසුම් ක්‍රමයක් ගැනයි අපි ඔබව දැනුවත් කරන්න යන්නේ.

 

family planning – අන්තර් ගර්භාෂ තැන්පත loop 

family

 

මේ පවුල් සැලසුම් ක්‍රමයට කියන්නේ කොපර් T – අන්තර් ගර්භාෂ තැන්පත එහෙමත් නැත්නම් ලුප් කියලා මෙය හඳුන්වනු ලබනවා. මේ ලූප් එකක් කියලා කියන්නේ බාහිර උපකරණයක්. ඉතාම සුළු ප්ලාස්ටික් සහ තඹ වලින් නිර්මාණය වූ උපකරණයක්. මෙය ගර්භාෂයට ඇතුලත් කිරීම නිසා කාන්තාවන්ට දරු ගැබක් පිහිටීම වළක්වනවා.

 

මෙහිදී ලූප් එකක් තැන්පත් කිරීමේදී හෝමෝන අඩංගු වන්නේ නැහැ. හෝමෝන අඩංගු නැති නිසා හෝමෝන වලින් ඇතිවන බලපෑම වලකිනවා. මෙය භාවිතා කරන්නේ විශේෂයෙන් ම දරුවන් ලැබුණු කාන්තාවකට දෙවැනි දරුවා පමා කිරීමට. දරුවකු නොලැබූ කාන්තාවකට මෙවැනි දෙයක් ගර්භාෂයට ඇතුලත් කිරීම ටිකක් අපහසු කාර්යයක්. එම නිසා කිසිම වෛද්‍යවරයකු නිර්දේශ කරන්නේ නැහැ දරුවන් නොලැබුණ කාන්තාවකට පළමු දරුවා පමා කිරීමට මෙම ලූප්, එහෙමත් නැත්නම් අන්තර් ගර්භාෂ තැන්පත ඇතුලත් කිරීමට.

 

කොහොමද මේ ලූප් එක, එහෙමත් නැත්නම් අන්තර් ගර්භාෂ තැන්පත ඇතුලත් කරන්නේ? මෙය ඇතුලත් කිරීමේදී විශේෂයෙන් ම වැදගත් වන්නේ කෙනෙක් කියනවා නම් පළමු දරුවා ලැබුණු පසු මෙය ඇතුලත් කරන්නට ඕනි කියලා, ඇය රෝහලෙන් පිට වීමට පෙර මෙය ඇතුලත් කල හැක. එසේ නැති නම් එයට හැකියාවක් තිබෙනවා නිවෙසට ගොස් සති හයකට ( 6 ) පසුව නැවත රෝහලට පැමිණ මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ඇතුලත් කර ගැනීමට. හැබැයි සිසේරියන් සැත්කමක් කරපු කෙනෙකුට නම් මාස හයක් වත් යන තුරු අන්තර් ගර්භාෂ තැන්පත ඇතුලත් කිරීමට නිර්දේශ කරන්නේ නැත. එයට හේතුව සිසේරියන් සැත්කම කල අයෙකු මාස 6ක කාලයක් සිටිය යුත්තේ සැත්කම ගර්භාෂයට කල නිසා. ඒ නිසා එම කාන්තාවට හැකියාව පවතිනවා මාස 6ක කාලයකට පසුව එය භාවිතා කිරීමට.

 

මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) තැන්පත් කිරීමෙන් පසුව මෙය අවුරුදු 10ක් යනතුරු තියන්නට පුළුවන්. මෙය දිගු කාලින පවුල් සැලසුම් ක්‍රමයක්. තරුණ මවක් දරුවකු ප්‍රසුත කල පසු ලූප් එකක් තැන්පත් කල පසුව ඇය පැවසුවොත් දරුවකු ලැබුන පසුව තව අවුරුදු දෙකක් හෝ තුනක් ( 2 – 3 ) පසුව ඇයට නැවත දරුවකු හදා ගත යුතුයි කියලා එවිට එම අන්තර් ගර්භාෂ තැන්පතුව ඉවත් කළ හැකියි. ඉන් පසුව ඇගේ ගර්භාෂය සාමාන්‍ය තත්වයට හැරෙනවා.

 

මේ අන්තර් ගර්භාෂ තැන්පතුව එහෙමත් නැත්නම් ලූප් එක කියන්නේ ඉතාමත් ආරක්ෂාකාරී හෝමෝන අඩංගු නැති යාන්ත්‍රික පවුල් සැලසුම් ක්‍රමයක්. මෙය අවුරුදු දහයක් ( 10 ) ක් භාවිතා කළ හැකි නිසා කෙනෙකුට දරුවන් අතර පරතරය රැක ගැනීමට හෝ කෙනෙක් හිතනවා නම් දරුවන් සිමා කිරීමට, ඒ කියන්නේ ආපසු දරුවන් හදන්නට අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඇයට මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) භාවිතා කළ හැකියි. අවුරුදු 40ක මවක් සිතනවා නම් ඇයට අන්තර් ගර්භාෂ තැන්පතුවක් භාවිතා කල යුතුයි කියලා එම අන්තර් ගර්භාෂ තැන්පතුව ඇයට අවුරුදු 50 වෙන තෙක් ගර්භාෂයේ තැන්පත් කල තැබිය හැක. එවිට ඇයට කිසිම ගැටළුවක් වන්නේ නැහැ.

 

family

 

මෙය භාවිතා කල නොහැකි අය නම් විශේෂයෙන් යෝනි මාර්ගයේ ශ්‍රාවයක් පිට වන රෝඅග තත්වයක් නම් නැත්නම් ගැබ්ගෙල පිළිකා තත්ත්වක් හෝ මෙවැනි වෙනත් ආකාරයේ රෝගී තත්වයක් නම් එවැනි අවස්ථා වල මෙම අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) භාවිතා කල නොහැකියි. මෙය භාවිතා කරනවා නම් විශේෂයෙන් වෛද්‍යවරයෙකු මුණගැසී ගර්භාෂය පරික්ෂා කර ගත් පසුව තමයි වෛද්‍ය වරයෙකු හෝ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කෙනෙකු විසින් මෙය තැන්පත් කරනු ලබන්නේ.

 

family

 

ඒ එක්කම තවත් අලුත් විශේෂ දෙයක් නම් මේ loop වල IUS කියන loop එක. මේ IUS නමැති loop එකේ හෝමෝන අඩංගු වෙනවා. මෙහි හෝමෝන අඩංගු වන නිසා රුධිර වහනය වීමේ යම් කිසි ආබාධ තත්වයක් ඇති යම් කාන්තාවක් කියනවා ඇයට නිරතුරුවම රුධිරය පිටවෙනවා. ඒ කියන්නේ සෑම දවසකම යෝනි මාර්ගයෙන් සුළු ප්‍රමාණයක් රුධිරය පිටවෙනවා නම් ඇය පරික්ෂා කර බලා ගර්භාෂයේ කිසිම ආබාධයක් නැත්නම් ගෙඩි හෝ වෙනත් ආබාධයක් නැත්නම් වෛද්‍ය වරයෙකු උපදෙස් දෙන්න පුළුවන් මෙම IUS තැන්පත් කළ හැකියි කියලා. හැබැයි වෙළඳපොලේ මෙම IUS මිල අධික විය හැකිය. ඔබ FPA ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මඟින් ඕනෑම අයෙකුට මෙය නොමිලේ සපයනවා.

 

අන්තර් ගර්භාෂ තැන්පතුව ( loop ) භාවිතා කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න…

 

 

 

 

සම්පත් දායකත්වය

වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm)
වෛද්‍ය අධ්‍යක්ෂක
FPA ශ්‍රී ලංකා

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 3 කොටස

ගැහැණිය යනු, බඩුවක්ද ? ඔබේ මතය අපට ලියන්න

මුලින්ම මම කියන්නම් කාන්තාව පිලිබඳ පණිවිඩයක් මෙවැනි වෙබ් අඩවියක් හරහා පණිවිඩයක් දෙන්න උත්සහ කලේ ඇයි කියලා.. ඇත්තටම අපේ සමාජයේ කාන්තාව ගැන කතා කරනවා. කාන්තා...

මේ මගේ කතාවයි -09 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ඔබත් සරුංගලය බැඳී නූල වන්න – පවුලේ ගෘහ මුලිකයා කවුද

පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක්...

නිසි තැන ද සම තැන ද අභිෂේකා කථා කරයි

මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන ගීතයක් තමයි නිස්සාර කියන්නේ. ගීතය ගායනා කරන්නේ අභිෂේකා විමලවීර ( Abhisheka Wimalaweera ). ඉතින් අපි ඇයගෙන් සමග...

Deep Vibes

2018 ජනවාරි 27  Space Lounge හිදී Strictly for Deep Music Lovers Featuring; * Shanil * Alox * Heshan * SH3HAk * Rekhz * Shan * Dylan

මනෝවිද්‍යාත්මක උපදේශනය

මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම විෂය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල උප විෂය ක්ෂේත්‍රය ලෙස හඳුනාගත හැකිය. මෙහිදී උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ ගැටළුවකට...

කොල්ලන්ට රිදෙන කෙල්ලන්ට ඇඬෙන ඇත්තම කතාව

කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ළමයෙක් වෙනවා. ඊට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹේ ඇඟ හැදිලා හමේ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය...

ශ්‍රී ලංකා බංග්ලාදේශය තරගය ගැන ICC යෙන් පූර්ණ පරීක්ෂණයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (17) පැවති පන්දුවාර 20 තරගයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා....

සමුද්‍ර සමග beauty

අපි makeup භාවිතා කරනකොට අපි නොදැනුවත්ම අපේ අතින් වැරදි රාශියක්ම සිදුවනවා. ඉතින් අපි අද කතා කරන්නේ makeup වැරදි ගැනයි. 01 makeup එකක් තෝරාගන්නේ කොහොමද? අපි මුලින්ම අපට තිබෙන...