මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග පිළිබඳව.  ඉන් කිහිපයක් නම් ගොනෝරියා  ( Gonorrhea) සහ උපදංශය (Sipilis Syphilis)  කියන රෝගයන්. මෙවර අපි ඔබව දැනුවත් කරන්නේ ලිංගික ඉන්නන් ( Genital warts ) කියන රෝගය පිළිබඳවයි.

 

මොකක් ද මේ ලිංගික ඉන්නන් ( Genital warts ) කියන්නේ ? 

අපි බහුලව දකින ලිංගික රෝග ලිංගික ඉන්නන් කියන රෝගය අපි දකිනවා. සමහර වෙලාවට අපේ අත් වල කකුල් වල පොඩි ගැටිති තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ඒ ඉන්නෝ කියලා හිතනවා. මේ ඇඟේ ඇතිවෙන අනිත් ඉන්නන් වගේ නෙමෙයි. විශේෂයෙන් ලිංගික අවයව වල ඇති වන ඉන්නන් අපි හඳුන්වන්නේ ලිංගික ඉන්නන් ලෙසයි. හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගයක් තමයි මේ ලිංගික ඉන්නන් කියන්නේ.

 

Genital warts

 

කෙසේද මේ ලිංගික ඉන්නන් ( Genital warts ) පැතිරෙන්නේ ?

කෙනෙක් ලිංගික සංසර්ඝයකදී එක් අයෙකුට මෙම ලිංගික ඉන්නන් රෝගය වැළඳී තිබුනොත් අනිත් කෙනාටත් පැතිරෙන්නට පුළුවන් වෛරස් එකක් තමයි මේ ලිංගික ඉන්නන් කියන්නේ. ලිංගික ඉන්නන් තිබුනොත් ඒ කිලිංගික ඉන්නගෙන් වෛරස් එක එලියට එනවා. ඉන් පසු සංසර්ගයේදී එය අනිත් පුද්යලයාට වෛරස් එක යන්නට පුළුවන්. මෙම රෝගය බහුලවම පැතිරෙන්නේ යෝනි සංසර්ඝයේදී සහ ගුද සංසර්ඝයේදී ය. ඒ නිසා පිරිමි පිරිමි ලිංගික සම්බන්ධතා පවත් වන අයගේ බොහෝ විට ඒ පුද්ගලයාගේ ගුද මාර්ගයේ සහ අනිත් පුද්ගලයාගේ ශිෂ්නයේ අපි මේ රෝග ලක්ෂණ දකිනවා.

 

Genital warts

 

Genital warts

 

Genital warts

 

විශේෂයෙන්ම පිරිමියෙකුගෙන් කාන්තාවකට යෝනි මාර්ගයෙන් ඇතුල් වෙන්න පුළුවන්. අපි දකිනවා මෙය විශේෂයෙන්ම ලින්ගේන්ද්‍රයේ බාහිර ප්‍රදේශය තුල කුඩා ඉන්නෝ මුල් කාලයේ පුංචි ගැටිත්තක් වගේ දකින්න පුළුවන්. නමුත් එය දින කිහිපයක් යනකොට, මාසයක් දෙකක් යනකොට එම ගැටිති ප්‍රමාණය වැඩිවෙනවා. ස්වභාවය වැඩි වෙනවා. ගැටිති සමුහයක් එහෙමත් නැත්නම් ඉන්නෝ සමුහයක් ලින්ගේන්ද්‍රය වටා තිබෙන්න පුලුවන්.

 

Genital warts

 

Genital warts

 

කෙසේද මෙය හඳුනා ගන්නේ ?

හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගය ලිංගේන්ද්‍රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝවේ. බොහෝ දෙනා මුල් අවස්ථාවේ මේ රෝග ලක්ෂණ දැක්කට එච්චර ගණන් ගැනීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන් හඳුනා ගන්නේ නැහැ ලිංගික ඉන්නෙක් කියලා. අල්ලන විට දැනෙන්න පුළුවන්, තමන්ට දකින්න පුළුවන් ඇසින්, බොහෝ වෙලාවට ගුද මාර්ගයේ තියනවා නම් අල්ලනකොට දැනෙන්න පුළුවන් ගැටිති වගේ ඇති වෙනවා. බොහෝ වෙලාවට මේ ගැටිති ප්‍රමාණය එන්න එන්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි මෙය දුටුවොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යයි. මේ රෝග ලක්ෂණ ඇතිවෙන්න කාලයක් ගත වෙනවා. සමහර විට මාස කිහිපයක්, මාස 2ක් හෝ මාස 3ක් වෙන්නත් පුළුවන් රෝග ලක්ෂණ මතු වෙන්න.

 

එම රෝග ලක්ෂණ ඇති වුනාට එය දිගින් දිගටම වර්ධනය වෙනවා. බොහෝ වෙලාවට යෝනි මාර්ගයේ හෝ මුඛයේ හෝ ශිෂ්නයේ ඇති විශාල ප්‍රමාණයක් ලිංගික ඉන්නෝ ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ ලිංගික ඉන්නන් ඇති එයට ප්‍රතිකාර කරන්නට ඕනි. ලිංගාශ්‍රිත රෝග සායනයකට හෝ වෛද්‍යවරයෙකුට හෝ නැත්නම් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට ( fpa ) හෝ පැමිණ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්.

 

Genital warts

 

 

ලිංගික ඉන්නන් රෝගයේ ලක්ෂණ

ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස අටක් හෝ අවුරුදු කිහිපයක් අතරේදී රෝගී ලක්ෂණ මතුවේ.

ලිංගේන්ද්‍රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර ඒවා නොවැටී පවතී. ලිංගේන්ද්‍රියේ අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී.

ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය.

 

Genital warts

 

 

විශේෂයෙන්ම අපි මේ සඳහා රසායන ද්‍රව්‍යක් භාවිතා කරලා පුළුස්සා අයින් කිරීමක් කරන්නට ඕනි. ගුද මාර්ගික සම්බන්ධතා පවත්වන සමලිංගික පිරිමි අයට බහුලව මේ රෝගය තිබෙනවා. මෙම රෝගය වැළඳුනු අය මේ පිලිබඳ අවබෝධයක් නැත්නම්. ඒ අයගෙන් අනිත් අයටත් දිගින් දිගටම පැතිරෙන්නට පුළුවන්. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයකදී වුවද එක් අයෙකුට වැළඳී තිබුනොත් අනික් පුද්ගලයාට ද මෙම රෝගය පැතිරෙන්නට පුලුවන්. එම නිසා මේ රෝගය දැන ගැනීමෙන් සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම රෝගය සුව කරගන්නට පුළුවන්.

 

මෙම රෝගය වෛරස් එකක් නිසා හියුමන් පැපිතලෝමා කියන වෛරසය අපි නොදැනම සමහර විට ඇති වෙන්නට පුළුවන්. මේ බහු ලිංගික සේවනයේ යෙදෙන අයගේ මෙම තත්වය නිසා ඒ වෛරසය ඇතුල් වී යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල යම්කිසි ආසාධනයකට ලක් වෙන්නට පුළුවන්. මේ නිසා පසු කාලීනව ගැබ් ගෙල පිළිකා ඇති වීමේ අවධානමක් තිබෙනවා. මේ අවධානම බහුලව අපි දකිනවා සමාජය තුල පවතින දෙයක්. බොහෝ වෙලාවට ඔබ නොදැන හෝ දැන මෙම රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අවසානයේ ගැබ් ගෙල පිළිකා තත්වයට යන්නට පුළුවන් දීර්ඝ කාලයකට පසුව.

 

Genital wart

 

එබැවින් ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා ක්‍රමවේදයක් ලෙස ප්‍රතිශක්තිකරණ ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. දැනට එය පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. මේ වන විට වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කාන්තාවන්ගේ විශේෂයෙන්ම ගැබ් ගෙල පරික්ෂා කරන්න පුළුවන් DNA පරීක්ෂණයක් මෙම වෛරස් එක තිබෙනවාද යන්න හඳුනා ගන්න. ඒ වගේම එම රෝගයෙන් ඇතිවිය හැකි ගැබ් ගෙල පිළිකා වැලක් වීම සඳහා අපි මුලින් සඳහන් කළා වගේ ප්‍රතිශක්තිකරණයක් තිබෙනවා. මේ ප්‍රතිශක්තිකරණය තාරුණ්‍යයේ නැත්නම් යෞවන කාලයේ දී ලබා දිය යුතුයි. නැත්නම් අවුරුදු 35දී වුවත් කෙනෙකුට ලබා ගන්නට පුළුවන් ලිංගික සම්බන්ධතා පැවැත් වීමට කලින් ලබා ගතහොත් ඉන් පුර්ණ ආරක්ෂාවක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

 

 

එම වීඩියෝව පහතින් නරඹන්න..

 

 

ලිංගික රෝග ගොදුරු වන බොහෝ රෝගීන් රහස්‍යභාවය හෙළිවේ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැහැ. නමුත් එලෙස රෝගය සඟවාගෙන සිටීම තවත් රැසකට අත වැනීමක් සේම, සමාජය පුරා පැතිරීමට බලපාන කරුණක් විය හැක. ඉහත රෝග ලක්ෂණයන් දුටු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර සඳහා යොමු වන්න.

 

සම්පත් දායකත්වය

වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm)
වෛද්‍ය අධ්‍යක්ෂක
FPA ශ්‍රී ලංකා

 

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ

මම ඔයාට හරි ආදරෙයි

අද උදෙත් ඔයා ඇස් ඇරලා උදා වෙන අද දවස දිහා බලන්න තරම් වාසනාවන්ත වුනා නම් නොපමාව කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔයාට ආදරෙයි කියන්න අමතක කරන්න...

විලාසිතා කරන්න කැමති යුවතියන්ට වැදගත් කරුණු 6 ක්

කාන්තාවන් ගොඩාක් කැමතියි විවිධ වර්ගයේ විලාසිතා කරන්න. හැබැයි කොතරම් මිල ගණන් දීලා ඇඳුමක් ගෙනාවත් සමහර වෙලාවට පිරිමි පාර්ශවය නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින්...

පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්

කාන්තාවන්ට වැළදෙන රෝග වලින් වඩාත් භයානක රෝගයක් තමයි පියයුරු පිළිකා කියන්නේ. ස්ත්‍රී රුපය ඔප් නංවන්නට හේතු වන සුන්දර පියයුරු යුගල රැක ගන්නට උපකාරී වන...

හොර ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් පරිස්සම් වෙන්න ඔබත් දැනුවත් ද

සමාජ ජාලා web අඩවියකින් යම් පුද්ගලයෙක් වෙනත් කෙනෙකුගේ පින්තුරයක් සහ වෙනත් නමක් භාවිතා කර තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන සිටිනවානම් එය fake account ( ව්‍යාජ ගිණුමක්...

සිංහල සිරිත් විරිත්

මෙම ලිපි පෙලින් හදුන්වා දෙන්න උත්සාහ කරන්නේ සිංහල සිරිත් විරිත් හා සම්බන්ධ තොරතුරුයි. "සිරිත් විරිත් " යන පද දෙක "චාරිත්‍ර වාරිත්‍ර " යන පද...

මෝහන ප්‍රතිකාරයේ විශ්මය

" ස්වාපනය " නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට...

ගීයක පද බැඳුන හැටි

ඉඟි බිඟි කරනා තරු නෙතු වලට හොරා .. සැගව සිනාසෙමු අපි ලොව හිදින තුරා ...   ගිවිසා ගත්තෙමු වෙන්න නොයන සේ අප දෙදෙනා හැරදා ඔබට කලින්...

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි...

අද ඔබේ ආදරය තව තවත් විඳින්නට

valentine දවසට විතරක් නෙමෙයි හැම දවසක්ම valentine දවසක් විදිහට දකින සුන්දර කාන්තාවන්ට....     https://youtu.be/840NbiFF1zM