පවුල් සංවිධාන ක්‍රම ( family planning ) අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි ගානක් ) ඒ දරුවන් අතර පරතරයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. දරුවන් ඉතාම ආසන්න වශයෙන් ලැබුනොත් මවට සහ දරුවාට සෞඛ්‍ය පැත්තෙන් හිතකර ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවෙක් ලැබුණු මවක් අවම වශයෙන් ඒ දරුවාට අවුරුදු 2ක් වත් යනතුරු පමා කිරීම ඉතාම වැදගත්. ඒ නිසා අපි ඔබව දැනුවත් කරන්න යන්නේ පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන්නේ කෙසේද කියා. බොහෝ වෙලාවට කෙනෙක් ව්වාහය පරක්කු කරනවා නම් හෝ අවුරුදු 18 හෝ අවුරුදු 19 කදී විවාහ වන ගැහැණු ළමයෙකුට හිතෙනවා නම් අධ්‍යාපන කටයුතු හෝ ව්‍යාපාරික කටයුතු හෝ අනෙකුත් කටයුතු නිසා දීර්ඝ කාලයක් සිටිය යුතුයි කියල ඇයට මෙම පවුල් සැලසුම් ක්‍රමය භාවිතා කළ හැකියි.

 

පසුගිය ලිපි පෙලින් අපි කතා කලේ කොහොමද පවුල් සැලසුම් ( family planning ) ක්‍රම නිසි ආකාරව පවත්වාගෙන යන්නේ කියලා. ඉතින් අද අපි ජඩෙල්( Jadelle ) කියන ක්‍රමය ගැන කතා කරමු.

 

ජඩෙල් ( jadelle ) කියන්නේ මෑත කාලීනව ඉතා ප්‍රචලිත වූ බොහෝ කාන්තාවන් සහ තරුණ ගැහැණු ළමුන් භාවිතා කරන පවුල් සැලසුම් ක්‍රමයක්. ජඩෙල් කියන්නේ හෝමෝනයක්. මෙහි අන්තර්ගත වන්නේ ප්රෝජෙස්ටජන් හොමෝනයයි. ප්රෝජෙස්ටජන් කියන්නේ අපේ ශරීරයේ තිබෙන හෝමෝනයක්. ජඩෙල් එකක තිබෙන හෝමෝන ප්‍රමාණය ශරීරයට ඇතුළු කරගත් පසු අවුරුදු 5ක් යනතුරු පාවිච්චි කල හැක.

 

මෙහි ඇති හෝමෝන සුළු ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුලත් කරගත් පසුව ඉතාම සුළු වශයෙන් තමයි හෝමෝන නිකුත් කරන්නේ. එනිසා කාන්තාවන්ගේ ගර්භාෂයේ වගේ ඩිම්භකෝෂයේ යම් යම් වෙනස්කම් සිදුවෙනවා. ඒ නිසා ඇයට දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාවක් නැහැ මෙය භාවිතා කරන කාලයහින් අතරතුර. තවත් දෙයක් තමයි ඩිම්භකෝෂයේ ඩිම්භ මේරීම නවතිනවා. මෙය තාවකාලික තත්වයක්. ගර්භාෂයේ යම් යම් වෙනස්කම් ඇති වී යම් විටෙක ඩිම්භය ශුක්‍රාණුවක් සමඟ සම්බන්ධ වූ විට එය ගර්භාෂ බිත්තියේ තැන්පත් වීම වළක්වනවා. ඒ වගේම තමයි ගැබ් ගෙලෙහි ඇතිවන ශ්‍රාවයන් වල ඝනභාවය වැඩි වී ගැබ් ගෙල අවහිර වෙනවා. මේ එයින් ලිංගිකව එක්වීමේදී ශුක්‍රාණු ගර්භාෂය ඇතුලට යාම නවත්වනවා. මේ නිසා ආරක්ෂාකාරීව භාවිතා කල හැකි හොඳම පවුල් සලසුම් ක්‍රමයක් තමයි මේ Jadelle භාවිතය.

 

මෙය පාවිච්චි කරනකොට සමහරවිට බොහොම කලාතුරකින් කෙනෙකුට යම් යම් රුධිර වාහනයේ ගැටළු ඇතිවෙන්නට පුළුවන්. ඔසප් වීම තාවකාලිකව නවතින්නට පුළුවන්. එහි කිසිම ගැටළුවක් නැහැ. ඇයට දීර්ඝ කාලයක් මෙය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගැටළුවකට වෙන්නේ කෙනෙකුට යම් අවස්ථාවකදී නිරතුරුවම සුළු වශයෙන් රුධිර වාහනයක් වෙනවනම් ඇය අපහසුතාවයට පත් වෙනවා නම් එවිට අපිට ජඩෙල් එක ඉවත් කල හැකියි.

 

එය භාවිතා කරන හැටි අප මෙම වීඩියෝ පටයෙන් නරඹන්න.

 

 

 

 

සම්පත් දායකත්වය

වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm)
වෛද්‍ය අධ්‍යක්ෂක
FPA ශ්‍රී ලංකා

 

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ

ගෙවත්තේ සුන්දර බව රැකගන්නේ කොහොමද

ගෙවත්තක් (garden) නිවසක් ලස්සන වීමට නම් අවට වට පිටාවත් සුන්දර විය යුතුයි. ගහක් කොලයක් නැති, පාට පාට මල් වර්ග නැති මිදුලක කොපමණ සුන්දර නිවසක් (home)ඉදි...

විවාහකයි නම් මොහොතක් නැවතිලා කියවලා යන්න

ගෑණු ලමයෙක් කවදා හරි මව් පදවිය ලබනවා.මව් පදවිය ලැබුවට පස්සේ අර කෙළිදෙලෙන් ගත කරපු කාලය එතනින් ඉවරයක් වෙන්වා. දැන් මවක් විදියට ඉන්න ඔනේ, ළමයි...

අනියම් ඇසුරකින් මව් පදවිය ලබන කාන්තාවක්

මූදු පතුල යට ඉඳලා මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පාකරලා මගෙ දෝතට පුතු ආවා// සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා// සුදු පාටින් ටිකිරි සිනා...

කුල ගෙදරට යන යුවතිපතින්ට

හෙළ කුමරෙකු කුමරියෙකු විවාපත් වන අවස්ථාවක විවාහ මංගල්‍ය උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිසේෂි ස්ථානයක්. මංගල පෝරුවක්‌ මත නැගීමට ජීවිතයේම ලැඛෙන්නේ එකම අවස්‌ථාවයි. දෙවැනි විවාහයකදී ඔබට...

අත්වැල ගිලිහී – 02 කොටස

මිස් ශානිකා නොහොත් විරූපිකා. මට මේ ලෝකේ පේන්නම බැරි ගෑණු චරිතේ. එයා යටගිය දවස බරණැස් නුවර කාලේ ඉඳන් මගේ තාත්තා ගැන hopes තියන් ඉන්නවා....

ඇය දෙවියන් මවන ගැහැනියක්

දෙවියො මිනිස්සුන්ව මැව්වාලු. ඇත්තද කියන්න දන්නෙ නෑ. ඒ වුණත් දෙවියන්ව මවන මිනිස්සුන්ව නම් අපි ඇස් පනාපිට දැකලා තියෙනවා. ගලට, මැටියට, සිමෙන්තියට දේව ගතිගුණ මුහු...

කාය වර්ධන ශූරිය නැවතත් කරලියට

රුසියානු ජාතික 26 හැවිරිදි නතාලියා කස්නේට්යෝවා මාස 18ක නිහැඬියාවකින් පසුව නැවත ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා. මීට මාස 18කට ප්‍රථම ක්‍රීඩාවෙන් සමුගන්න බව කියා සිටියත්...

කාන්තාවන් කෙරෙහි බලපාන මුලික අයිතිවාසිකම් නිතිය

වර්තමානයේ අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයෙන් පහත සඳහන් අයිතීන් මුලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇති අතර එම අයිතීන් විධායක හෝ...