පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක් කතා කරමු.

සොඳුරු හමුවීම් තුළින් පවුල තුළ ඇති සම්බන්ධතාවය (relationship) රසගන්වන්න පුළුවන්. මේ සොඳුරු හමුවීම් තුලදී පවුලේ අනාගතය සැලසුම් කිරීම ගැන තීන්දු තීරණ ගන්න කතා බහක් වීමට ද පුළුවන්.

එතැනදී දෙන්නා දෙමහල්ලෝ තුල වෙනස් යෝජනා දෙකක් ඉදිරිපත් වීම මත සොඳුරු හමුව අවසානයක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ බිරිඳගෙන් (marriage) එන යෝජනාවක් ලෙස “ඉදිරි සතියකදී දරුවන් සමඟ පුංචි සවාරියක් යාමට සැමියාගේ ප්‍රතිචාර කොහොම වෙන්න පුලුවන්ද” ඔබට විවිධ උත්තර සිහියට එනවා නිසැකය.

 

මට වෙලාවක් නෑ, මේ දවස් වල මම හිරවෙලා, මේ දවස් වල පොකට් එක හිස්, සතුටු වෙන්න සල්ලි වියදම් කරන තැන් වලට යන්න ඕනිද? ආදී ලෙස විවිධ ආකාරයේ උත්තර ලැබෙනු ඇත. එසේම මෙය මේ ආකාරයට ද සිදු විය හැකියි. “ලබන සතියේ ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟය බලන්න මම ටිකට් දෙකක් ගෙනාවා. ළමයින්ට ඉස්කෝලේ විභාහාගය නිසා යන්න ඕනි නැහැ. අපි යමු” ලෙස බිරිඳ කල යෝජනාවට සමාන යෝජනාවක් සැමියා විසින් කරා යැයි සිතන්න. නමුත් මෙය තරමක් වෙනස් ය. තීරණය තහවුරු කරගෙන සැමියා පැමිණ ඇත.එනම් ක්‍රිකට් තරඟය බැලීමට ටිකට් පත් ගෙන ඒමය. ඒ සඳහා යන අය ලෙස, දරුවන් නො යන බව තීරණය කර අවසන් ය. ඔහු ඇයගේ සහයෝගය පමණක් ඉල්ලයි.

 

මෙය ගැටළුවකට ආරම්භය තබයි. මෙවැනි අවස්ථාවක දී බිරිඳගේ අදහස වන්නේ සැමියා ඔහුගේ අයිතිවාසිකම් හිස් මුඳුනේ තබා ගෙන තම අයිතීන් පමණක් බලාපොරොත්තු වන්නේ නම් මම විනෝද ගමනක් යමුයි කීවාම “යන්න සල්ලි නෑ, වෙලාව නෑ, එත් ක්‍රිකට් තරඟය බලන්න වෙලාවයි සල්ලියි දෙකම තියනවා.” මෙම පිළිතුරෙන් පවුල තුල කොතරම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්ද ?

 

මෙතැනදී පුංච් හේතුවක් නිසා අයිතිවාසිකම්, හිමිකම් වගේ ලොකු වචන කීමෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන නේද ? තීරණය ගන්නේ සැමියා නම්, එය අලංකාරවත් තීරණයක් කිරීමට බිරිඳ භාරගන්නේ නම් ඒ ප්‍රශ්න විසඳෙනවා නේද? උදාහරණයක් විදිහට අපි හිතමු, සැමියා ක්‍රිකට් තරඟය බැලීමට ප්‍රිය කරන්නේ නම් ඔහු එයට සැලසුම් සහගතව ටිකට් පත් ගෙන පැමිණ ඇති නම්, එය සෘජු ලෙසම එම තීරණයට යුද්ධ ප්‍රකාශ නොකර එය අලංකාර කරමින් තමන්ගේ කැමැත්ත ද ඒ හරහා ඉටු කර ගන්න. එනම්, “හොඳයි අපි ක්‍රිකට් තරඟය බලන්න යමු. එන ගමන් අපි රෑ කෑම එළියෙන් ගමු. ඔයා ආස කරන හෝටලේ තියන ඉතාලි කෑමත් කාලම එමු. දුවත් ආස නිසා අපි දුලාටත් අරගෙන එමු නේද?

 

මෙහිදී ඇය ඔහුගේ තීරණය අලංකාර කර ඇත. දුවගේ ආසම කැමනේ, එයත් ඉතාලි කෑමට ආසයිනේ, මාත් ඒ හෝටලේ කෑම රසට හරි ආසයි, යන සිතිවිලි සමඟ අවසානයේ සැමියාගේ තීරණය ද වෙනස් වී දරුවන් සමඟ ක්‍රිකට් තරඟය බලා ඉතාලි කෑමක රස බලමින් විනෝදජනක පැය පහක හයක කාලයක් ගත කිරීමට සැමියාගේ කැමැත්ත ද ප්‍රකාශ වනු ඇත. ඔහුගේ සහ ඇයගේ තීරණ දෙකම ද මෙහිදී ඉටු වී ඇත.

 

පවුල ආණ්ඩුව නම්, විධායකයෙහි හා ව්‍යවස්තාදායකයෙහි කාර්යයන් මාරු වුවද කමක් නැත. අවසානයේ අවශ්‍ය සතුට පවුල තුල රඳා පවතිනවා නම් ගෘහ මුලිකයා කවුරු වුනත් අවශ්‍ය වන්නේ පවුලේ දරුවන්ට අවශ්‍ය සහයෝගය රස ගැන වූ එකතුවක් පවුල තුල දැකීමයි. මෙහිදී පවුලේ අයට හැකි නම් යම් යම් අවස්ථාවන්හි දී නායකත්වය ඇයට දී නායක තීරණ රස ගන්වන්න. අඩුපාඩු පුරවමින් සහයෝගය දෙන්න ඔහුද ඔහු ද බිරිඳගේ තීරණයට ඉඩ දෙවි.

 

මෙය සරුංගලය ඈත අහසේ වීරකම් පාමින් දඟ කරන අතරතුර සරුංගලේ බැඳුනු නූල අතැතිව සිටින පුද්ගලයා එම සරුංගලය සුළඟට ගසා ගෙන යන්න ඉඩ නොදී වෙන සරුංගල් සමඟ පැටලෙන්න ඉඩ නොදී තබා ගන්නවා වැනිය. එවිට සරුන්ගලයට කතා කිරීමට හැකි නම් එම නූල අතැති පුද්ගලයාට ගරු කරන බව පවසනවා නොඅනුමානය. එබැවින් ඔබත් සරුංගලයක බැඳී නූලක් වන්න.

 

උපුටා ගැනීමකි

 

ඔබත් සරුංගලය බැඳී නූල වන්න – පවුලේ ගෘහ මුලිකයා කවුද

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

මේ මගේ කතාව – 04 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

බ්‍රිතානයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යලි දිවයිනට ගෙන්වයි

මෙරට රජයෙන් කල කැඳවීමක් අනුව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියා. ඔහුව මෙලෙස ලංකාවට කැඳවා ඇත්තේ...

Bollywood තරු ශ්‍රී දේවිට අවසන් ගෞරව දක්වයි.

බදාදා (28) උදෑසන සිට ශ්‍රී දේවියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස බොලිවුඩ් තරු , රසික රසිකාවියන්, මාධ්‍ය පැමිණ සිටි ආකාරයයි මේ. https://www.youtube.com/watch?v=7j-GX1fBJNs  

විකෘති කරන ලද මුදල් නෝට්ටු වෙනුට නව මුදල් නෝට්ටු ලබාදීම මාර්තු 31 වනදායින් අවසන් වේ

විකෘති කරන ලද මුදල් නෝට්ටු ව්‍යාජ  බැංකු වෙත භාරදී ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 වනදායින් අවසන් වන බව...

කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්

පවුලේ අනාගතය හැඩගැස්වීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ඔබේ දෑත්වලට උපහාර පුද කරන කෝමාරිකා ( Aloe vera ) සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..   ඔබේ දෑත ඔබේ...

මේ වගේ පොලිසියක් ලංකාවෙත් හිටියනම් ?

ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙහි හිංසාකාරී ලෙස කාන්තා අතවරයන් සිදුවීම අද වන විට විශාල වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවකි. වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථය තුල...

සුරූපී නිළි ශ්‍රී දේවිගේ අවසන් රංගනය

මංගල උත්සවයට සහභාගී වූ ශ්‍රී දේවිගේ අවසන් රංගනය... https://youtu.be/-b91RavZOT8

අනුෂා කොඩිතුවක්කු අවසන් පුර්ව වටයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනී

21වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බොක්සිං කිලෝග්‍රෑම් 48 - 51 බර පංතිය අවසන් පුර්ව වටයෙදී අනුෂා කොඩිතුවක්කු සමඟ මේරි කොම් තරඟ වදින ලදී. එම...