Wednesday, April 17, 2024

Top 5 This Week

Related Posts

ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් අනාගත පරපුරට ගොඩනගමු

ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමෙන් 1972 වර්ෂයේදී ” ලෝක පරිසර දිනය ” ආරම්භ විය. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ, ලෝකය පුරාම පරිසරය පිළිබඳ සියලුම දෙනා දැනුවත් කිරීමත්, පරිසරය කෙරෙහි මිනිසුන්ගේ සහ දේශපාලනික වශයෙන් අවධානය සහ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමත් බවයි ලෝක පරිසර ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමරනු ලබන විශේෂිත දින අතරින් ලෝක පරිසර දිනයට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයක්.

 

මෙවර ලෝක පරිසර දින තේමාව වී ඇත්තේ ප්ලාස්ටික්. වර්තමානයේ පරිසරයට වැඩි බලපෑමක් ඇති කරන ප්‍රධාන සාධකයක් බවට පත් වන්නේ ප්ලාස්ටික්. ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරය දුෂණය වෙනවා වගේම මිනිසාට වගේම සත්තුන්ටත් අහිතකර බලපෑම් ඇතිවෙනවා. ප්ලාස්ටික් පරිසරයට මුදා හැරීම නිසා රසායනික ද්‍රව්‍ය මිනිස් ශරීරයේ ලේ වල සහ පටක වල තිබෙන බව සොයා ගෙන ඇත. එබැවින් එම විස රසායන පිළිකා ඇතිවීමට හේතුකාරක වෙනවා.

 

CINEC පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ද මෙවර පරිසර දිනය නිමිත්තෙන් විශ්ව විද්‍යයාලයේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සහ ඔස්ට්‍රියාවේ විශ්ව විද්‍යයල සිසුන් සමඟ දවස පුරාම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මාවත සහ මාලබේ නගරය ආශිතව පාගමනක් සහ පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබිය. ඔවුන් මෙම පා ගමනින් මාලබේ ප්‍රදේශය අවට ජනතාව දැනුවත් කරමින් මෙම පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

 

එහි අවස්ථාවන් කිහිපයක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

Popular Articles