අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග වන්නේ තේ, පොල්, රබර් ය .මේ ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු අපනයන ලෙස හැඳින්වේ. ව්‍යාපාරික ලෝකටය පා තබන්නට අදහස් කර සිටින කාන්තාවන් වෙනුවෙන් සුළු අපනයන භෝග පිළිබඳව දැනුවත් කිරිමටයි අද අපි උත්සාහ කරන්නේ.

ලංකාවේ සුළු අපනයන භෝග අතරින් වඩාත් ප්‍රචලිත වෙලා තිබෙන්නේ කුළුබඩු යි. ඒ අතරිනුත් ගම්මිරිස් හා කුරුඳු ප්‍රධාන තැනක් ගන්නවා. මීට බොහෝ විට හේතු වන්නේ ඒවා වැවීමට යෝග්‍ය පසක් හා දේශගුණයක් ලංකාවේ තිබීම යි. මිට අමතරව කෝපි, කොකෝවා, පැඟිරි, කරදමුංගු, සාදික්කා, කරාබුනැටි, වසාවාසි , බුලත්, කජු, ඉඟුරු, පළතුරු, වැල් දොඩම්, ගර්කින්, බිම්මල්, එඬරු, පැණි කොමඩු, මල් පැල, මාළුමිරිස්, එළවළු ආදිය මේ සුළු අපනයන භෝග ගණයට වැටෙනවා. පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක් ලෙස අරභා කල හැකි අපනයන භෝග පිලිබඳ හැඳින්විමකුයි.

ලංකාවේ අපනයන බෝග කීපයක්

කරාබු නැටි

කරාබු නැටි වගාව 16 වන ශතවර්ෂයේ දී පමණ ලන්දේසින් විසින් හඳුන්වා දෙනු ලැබී ය. ආහාර පිසීමේ දී සුවඳ කාරක කුළු බඩුවක් ලෙස මෙය භාවිත වේ. කරාබු නැටිවල අස්වැන්න ලෙස නෙළා ගනු ලබන්නේ එහි පොහොට්ටු ය. ඒවා තද දුඹුරු පැහැයක් වන තෙක් ඒවා වියළා ගත යුතුය. ලංකාවේ නිෂ්පාදිත කරාබු නැටි එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, හා බටහිර යුරෝපා රටවල් අතර ඉතා ජනප්‍රියය. කරාබු නැටි ඖෂධ නිපදවීමට, ආහාර සුවඳකාරකයක් ලෙස, ආහාර රසකාරකයක් ලෙස හා සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගැනේ.

බුලත්

මෙරට බුලත් වගාව ක්‍රි.පු 340 පමණ ආරම්භ වී ඇත. බුලත් වලට හිතකර දේශගුණයක් ලංකාවේ ඇති නිසා ගුණාත්මක බවින් ඉහළ බුලත් අපනයනය කිරීමට හැකියාව ඇත.

හීන් පැඟිරි

වර්ෂ 1900 පමණ වන තෙක් ලෝකයේ පැඟිරි වෙළදපළ සම්පුර්ණයෙන් ම රැඳී තිබුනේ ශ්‍රී ලංකාව මත යි. නමුත් වර්තමානයේ එම ඒකාධිකාරිය බිඳ වැටී ඇත. මෙහි ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ජපානය, බෙල්ජියම, දකුණු අප්‍රිකාව හා සිංගප්පූරුව යි. පැඟිරි ශාක කෘමිනාශක නිෂ්පාදනයට, සුවඳ විලවුන් නිෂ්පාදනයට, තීන්ත වර්ග නිෂ්පාදනයට, සබන් වර්ග නිෂ්පාදනයට භාවිතා කෙරේ.

මිට අමතරව සුළු අපනයන භෝග ලෙස පලතුරු සඳහා ද වෙළඳ පොළ නිර්මාණය වෙමින් පවතී. කජු, වැල් දොඩම්, ගර්කින්, පැණි කොමඩු ආදිය මේ සඳහා යොගා ගත හැක.

අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය සදහා ඇති ප්‍රධානම රාජ්‍ය ආයතනය වන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යි. මෙය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතී. මෙහි කාර්යයන් ලෙස අපනයන කෘෂි බෝග සම්බන්ධව පර්යේෂණ කිරීම, වගා කටයුතු සදහා ගොවීන්ට අවශ්‍ය දැනුම හා සම්පත් ලබා දීම, උසස් තත්ත්වයේ අපනයන කෘෂි බෝග පැළ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම හා වගාව සම්බන්ධව පුහුණුව ලබා දීමයි.

සුළු අපනයන භෝග හඳුනා ගමු

මුහුණු ආවරණයට විරුද්ධව උද්ඝෝෂණය කල ඉරාන ජාතික කාන්තාවට නිදහස

සිය හිස් හා මුහුණු ආවරණය ගලවා කෝටුවක ගැටගසා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතික කාන්තාව නිදහස් කර ඇත. ඇය මෙම උද්ඝෝෂණය...

අනවශ්‍ය ගැබ්ගැනීමක් වලක්වා ගන්නා ආකාරය

නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමින් අද සමාජයේ බොහෝ දෙනා විවිධ කරදර සහ විවිධ ලිංගික රෝග, අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙනවා. එයින් ඔවුන්ගේ ජිවිතයේ...

හැරී කුමරුගේ මංගල කේක් ගෙඩිය තෝරයි .

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ හා ඇමෙරිකානු ජාතික මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවය ලබන මැයි 19 වනදා පවැත්වීමට නියමිතය. ඒ සඳහා වන මංගල කේක් ගෙඩිය තේරීම...

The Wedding Show 2018

2018 පෙබරවාරි 16 17 18 BMICH හිදී වැඩි විස්තර සඳහා විමසන්න - 0114345985 / 0112682 682

කාටුන් චිත්‍රයෙන් ජීවිතයට භාග්‍යය උදාකරගත් භාග්‍යා

යුවතියක් හෝ කාන්තාවක් හැමවිටම කිසිවෙකු මත යැපෙන්නියක් විය යුතු නැත. තමාගේම වෙර වීර්යයෙන් ජීවිතය දිනන්නට ඇයටද අයිතියක් ඇත. ඇතැම්විට ඇරඹුම කඳුළක් විය හැකි මුත්...

කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි

රැකියාවක් කරන කාන්තාවන් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙන්නේ රැකියාවට ගැලපෙන්න ඇඳුමක් තෝරන්න ගියාම තමයි. වෘත්තිමය පෙනුමයි විලාසිතාවයි අතර එහෙට මෙහෙට කැරකෙන වෙලාවල් අපිට ඕනි තරම්...

ඉවසුවා ඇති වෙනස් කරමු

* හිංසනයක් සිදු වූ විට හුදකලාව විඳ දරා නොගෙන නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට දන්නවා * කාන්තාවක් සේ ඉපදීම හිංසනයට ලක්වීමට කිසිසේත්ම හේතුවක් දැනගෙන කටයුතු කරනවා * හිංසනය...

හැකියාවන් ඉදිරියේ සීමාවන් නොතකන ඇය සෙව්වන්දි

ඇය උපන්නේ අම්බලන්තොට ප්‍රදේශයේ මාමඩල නම් සොඳුරු ගම්පියසේයි. නිස්කලංක පරිසරයක ජීවිතේ ගෙවන සෙව්වන්දි දලදාවත්ත නම් ඇය, ව්‍යාපාරික කතක්, චිත්‍ර ශිල්පිනියක්, ලේඛිකාවක්, රංගන ශිල්පිනියක්, කඳු...

කොල්ලෝ ජාති

කොල්ලෝ ජාති ??? කොල්ලන් වනාහි අරුම පුදුම සත්ත්ව කොට්ඨාසයකි. හිසේ සිට පාදාන්තය දක්වා බොහෝ විට කොල්ලන් එක වගේය. හැබැයි ඒ ඇඟවල් අස්සේ ඉන්න එවුන් අහසට...