පසුගිය ලිපි පෙළින් අපි ඔබව දැනුවත් කළා අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන්නේ කෙසේද කියලා. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ලිංගික රෝග වැළඳීමේ අවධානම තිබෙනවා. ඉතින් thewoman.lk අපි මෙවර ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ලිංගික රෝග ( Social disease ) පිළිබඳවයි. අපි බලමු මොනවද ලිංගික රෝග, එය පැතිරෙන්නේ කෙසේද, කුමන පුද්ගලයන්ටද මෙය වැළඳෙන්නේ සහ මේ රෝග සුව කල හැකිද මොනවද ඒ සඳහා කලයුතු ප්‍රතිකාර යන වග.

 

මොනවද මේ ලිංගිකව ( Social disease )  පැතිරෙන ආසාධන

ලිංගිකව පැතිරෙන රෝග ඇති විශාල ප්‍රමාණයක් අපේ සමාජය තුල තියෙනවා. මොනවද මේ ලිංගිකව පැතිරෙන රෝග කියලා කියන්නේ? ඉස්සර අපි මේ ලිංගික රෝග හැඳින්වුයේ සමාජ රෝග ලෙසයි. නමුත් දැන් අපි මෙය හඳුන්වනු ලබන්නේ ලිංගිකව පැතිරෙන ආසාධන ලෙසයි. ලිංගිකව පැතිරෙන ආසාධන ඇතිවන්නේ හැම විටම දෙදෙනෙකු අතර පවතින ලිංගික සම්බන්ධතාවයකින් කෙනෙකුන් තවත් කෙනෙකුටයි. එක පුද්ගලයෙකු ආසාධිතයි නම් අනික් පුද්ගලයා ආසාධික නොමැති නම්, ඔවුන් දෙදෙනා ලිංගික ක්‍රියාවලියක යෙදුනොත් ආසාධිත නොවන පුද්ගලයාටද මෙය පැතිරීමට ඉඩකඩ තිබෙනවා.

 

 

කාටද මේ ලිංගික රෝග ( Social disease ) වැළදෙන්නේ

අප සමාජය තුල බැලුවොත් ලිංගික ක්‍රියාශීලි ඕනෑම පුද්ගලයෙකුට මෙය වැළදෙන්න පුළුවන්. කාන්තාවකගෙන් පිරිමියකුට පිරිමියෙකුගෙන් කාන්තාවකට හෝ සමලිංගික සම්බන්ධතාවයකින් පිරිමියෙකුගෙන් තවත් වගේම කාන්තාවකගෙන් තවත් කාන්තාවකට මෙම රෝග වැළදෙන්න පුළුවන්.

 

විශේෂයෙන්ම අපි දැනුවත් විය යුත්තේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට කොහොමද මේ ලිංගික රෝග වැළදෙන්නේ, මොනවගේ රෝග ලක්ෂණ වලින් ද අපි මෙය හඳුනා ගන්නේ සහ එම රෝග වලක්වා ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවයි අපි දන්වත්විය යුත්තේ.

 

 

ලිංගික රෝග හඳුනා ගන්න පුලුවන්ද

බොහෝ රෝග තිබෙනවා අපට බාහිරෙන් හඳුනා ගන්න බැහැ. අපේ සමාජයේ සිටින කිසිම කෙනෙකුගේ බාහිර ස්වරුපය දිහා බලලා මුහුණ දිහා බලලා ඔහුට / ඇයට ලිංගික රෝගයක් තියනවද කියලා හඳුනා ගන්නට බැහැ. ඒ නිසාම ලිංගික සම්බන්ධතා ඇතිවීමේදී විශ්වාසය මත හෝ හදිසියේ හෝ කුමන ආකාරයකින් හෝ ලිංගික සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. එතැනදී මෙම රෝග පිළිබඳව විමසිමක් හෝ පරික්ෂා කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට අහම්බෙන් සිදුවන දෙයක් හෝ විවාහයෙන් පරිභාහිරව සිදුවන ලිංගික සම්බන්ධතා වලදී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝග බෝවෙන්න පුළුවන්. විවාහය තුල හෝ කෙනෙකු වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇත්නම් අනික් පුද්ගලයාටද මෙම රෝගය බෝ වන්නට පුළුවන්.

 

 

social

 

කොහොමද මේ ලිංගික රෝග බෝ වන්නේ

මෙම රෝග වලින් 95% කටත් වඩා වැඩි ප්‍රමාණයක් බෝවන්නේ ලිංගික සංසර්ඝය නිසා. ගොඩක් අය අසන ප්‍රශ්නයක් තමයි ” අපි පොදු වැසිකිලියක් භාවිතා කළා, අපි වෙනත් කෙනෙකුගේ ඇඳුම් අන්දා, වෙනත් කෙනෙකු ළඟ එකට වාඩිවෙලා හිටියා, එකට කෑම ගත්තා ” ඉතින් අපිටත් ලිංගික අසාධන ඇති වෙනවද කියලා. මේ වගේ ක්‍රම වලින් මෙම රෝගය බෝ වන්නේ නැහැ. කාටහරි ලිංගික රෝගයක් වැළඳුනොත් එය වැළදෙන්නේ ලිංගික සංසර්ඝය නිසාමයි. මේ ලිංගික සංසර්ඝය අනාරක්ෂිත නම් එම පුද්ගලයා කොන්ඩම් එකක් භාවිතා නොකර ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවා නම් එවිට එම රෝගය බෝවෙන්නට පුළුවන්.

 

 

ලිංගික රෝග බෝ විය හැකි අවස්ථා 

ගුද සංසර්ඝය

යෝනි සංසර්ඝය

මුඛ සංසර්ඝය

සිප ගැනීමෙන් හෝ ස්පර්ශයෙන් මෙම ලිංගික රෝග බෝ වන්නේ නැහැ. බාහිර වශයෙන් කරන ලිංගික තෘප්තියක් ලබා ගැනීමෙන් මෙම රෝග බෝ වන්නේ නැහැ. මෙවැනි දේවල් වලින් රෝග බෝ වීමට ඉඩකඩක් නැහැ. අනාරක්ෂිතව කරන ලිංගික සංසර්ඝයකින්, ඒ කියන්නේ ගුද සංසර්ඝය, යෝනි සංසර්ඝය, මුඛ සංසර්ඝය මඟින් මෙම රෝගය පැතිරීමේ අවධානය තිබෙනවා. මෙහි අවධානම වැඩිම ගුද සන්සර්ඝයේ යෙදීමෙනි.

 

ලිංගික රෝග බෝ කරන විෂබීජ

බැක්ටීරියා ආසාධන

වෛරස් ආසාධන

පරපෝෂිත ආසාධන

දිලිර ආසාධන

මෙවැනි රෝග ඇති කරන රෝග කාරකයන් ගණනාවක් ඇත. ඒ වගේම රෝග ඇති විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි මේ අතර බහුලව දකින ලිංගික රෝග ගණනාවක් තිබෙනවා.

 

social

 

මොනවද මේ ලිංගික රෝග

 

ගොනෝරියා (Gonorrhea)

උපදාංශය (Sipilis Syphilis)

ලිංගික ඉන්නන් (Genital warts)

ලිංගික හර්පිස්  (Genital herpes )

HIV / AIDS

 

 

 

 

වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm)
වෛද්‍ය අධ්‍යක්ෂක
FPA ශ්‍රී ලංකා

 

 

ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

කෙල්ලන් යනු මිහිබට සුරඟනන් බඳු ජීවින් කොටසකි

කෙල්ලෝ ( Pretty Girls )ජාති .. මිහිබට සුරඟනන් බඳුය. කොයි ලෝකෙන් පාත් වූවාදැයි කිසිවෙකු නොදනී. කෙල්ලෝ ගොඩක් නම් මහ වැස්සක් යැයි කොල්ලෝ කියති. කෙල්ලෝ...

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය 2018 ජනවාරි 28 වැනි ඉරු දින පස්වරු 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී විමසීම් - 072 2463565 / 077 7781525 ප්‍රවේශ පත්‍ර -...

අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ

සාමාන්‍යයෙන් ඕනම පිරිමි සහ ගෑණු අයගේ තියෙන ගතියක් තමා තමාගේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම... ලිංගික හැගීම් පහල වීම... ඕක මහ අමුතු දෙයක් නෙවෙයි... වයසින් මෝරගෙන...

ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය – “ගජමෑන්”

හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය...

Bollywood තරු ශ්‍රී දේවිට අවසන් ගෞරව දක්වයි.

බදාදා (28) උදෑසන සිට ශ්‍රී දේවියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස බොලිවුඩ් තරු , රසික රසිකාවියන්, මාධ්‍ය පැමිණ සිටි ආකාරයයි මේ. https://www.youtube.com/watch?v=7j-GX1fBJNs  

සුළං කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට 

ශ්‍රී ලංකාව ලොව ප්‍රකට සොඳුරු රටවල් අතර පෙරමුණේ තිබෙන රටකි. දේශගුණික, කාලගුණික, වෙනස්කම් වලින් සමන්විත සොබාදහමේ අපුරු දසුන් ඇති සොඳුරු පාරාදීසයකි. ලොව වටා සංචාරකයන්...

ප්‍රීතිමත් පවුල් ජීවිතයකට

ප්‍රීතිමත් විවාහ ජිවිතයක් කියන්නේ විවාහයකට එළබෙන හැමෝගේම බලාපොරොත්තුව. ඒ වගේම ප්‍රීතිමත් විවාහ ජිවිතයක් තියෙනවා නම් ජිවිතේ අනිත් දේවල් උනත් සාර්ථකව කරගන්න පුළුවන්. බිරිඳකට වුණත්...

හිසකෙස් යන එක ඔබටත් ගැටළුවක් ද ? එහෙනම් මෙය අත්හදා බලන්න

හිසකෙස් යන එක බොහෝ අයට තියන ගැටළුවක් ඉතින් අපි අද ඔයාල දැනුවත් කරන්න යන්නේ ඒ ගැනයි. කාන්තාවන්ගේ සුන්දර පෙනුම සඳහා කෙස් කලඹ මගින් ලැබෙන පිටිවහල...

දන්නා ආහාරවල නොදන්නා ගුණ

ලප සහිත කෙසෙල් කෙසෙල් ගෙඩි තරමක් ඉදුණු විට , කෙසෙල් ගෙඩි මත ලප තිබෙනවා ඔබ දැක තිබෙනවා නේද? මෙම ලප වල ඇති TNF නමැති පිළිකා...