කටට සැරට (spicy food ) විවිධ රසවත් ආහාර වර්ග කන්න අපි හැමෝම කැමතියි. එත් අපි දන්නේ නැහැ අහාර වර්ග (food) වෑංජන වැඩි දවසක් කල් තබා ගන්න සාදා ගන්නේ කෙසේද කියල. ඉතින් මේ කියන්න සුදානම වෑංජන වැඩි දවසක් කල් තියාගන්න පුළුවන් ආකාරය සාදා ගන්නේ කෙසේද කියලා. බිලිං, කැරන්කොකු පැහි, බීට් රූට් අච්චාරු, මාළු මිරිස් පිරවුම, අමු තක්කාලි චට්නි (pickle) වැනි කෑම වර්ග කල්තබා ගත හැකි ආකාරයට පිස ගන්නා ආකාරයයි මේ…… ආහාර සාදන මෙවැනි ක්‍රම දන ගැනීම රැකියාවට යන කාන්තාවන්ට වඩාත් වාසිදායක වනු ඇත.

 

කටට සැරට (spicy ) බිලිං වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

පැසුණු බිලිං ගෙඩි 20ක්

ලියා ගත් රතු ළුණු ගෙඩි 4 -5

අමු මිරිස් කරල් 3 – 4

උම්බලකඩ මේස හැඳි 1ක්

කහ ස්වල්පයක්

මිරිස් කුඩු තේ හැඳි 3/4ක්

තුන පහ කුඩු තේ හැඳි 1/2ක්

උකු පොල් කිරි කෝප්ප 1ක්

කරපිංචා ඉති 2ක්

රම්පෙ කැබැල්ලක්

පොල්තෙල් මේස හැඳි 1ක්

ලුණු රස අනුව

 

සාදා ගන්නා ආකාරය

බිලිං ගෙඩි සිහින්ව කපා උණු වතුරේ විනාඩි කිහිපයක් තබා මිරිකා බඳුනකට දමන්න. එයට රතුළුණු, අමු මිරිස්, උම්බලකඩ, කහ, මිරිස්, තුන පහ, රම්පෙ කරපිංචා, ලුණු සහ කිරි එකතු කරන්න. කිරි උතුරන්න හැර ලිපෙන් බා තෙම්පරාදු කරන්න. මිටි කිරි කෝප්පයක් එකතු කර දවස් 3 – 4 ක් තබා ගැනීමට අපහසු නිසා මිටි කිරි වෙනුවට වතුර දමා රස අනුව ලුණු එකතු කර පිසින්න. වෙනත් බඳුනකට පොල් තෙල් දමා රත් කර ළුණු, කරපිංචා දමා තෙම්පරාදු කර වෑංජනයට එකතු කරන්න. වතුර දමා සකස් කරන්නේ නම් දවස් 2 – 3ක් කල් තබා ගත හැකියි.

 

Spicy

 

කටට සැරට ( spicy ) වම්බටු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු 500g ක්

තෙල් බෝතල් 1/2 ක්

රතු ළුණු ගෙඩි 20 ක් පමණ

දෙකට පලා ගත අමු මිරිස් කරල් 10 ක්

තලා ගත් සුදු ළුණු ගෙඩි 7 ක්

අමු ගස් ලබු තරමක කොටු කපා කැබලි 6 ක්

තලා ගත් මුරුංගා පොතු 2 ක්

විනාකිරි බෝතල් 1/4 ක්

කෑලි මිරිස් තේ හැඳි 2 ක්

අඹරාගත් අබ මේස හැඳි 2 ක්

ඉඟුරු පෙති 4 – 5 ක්

අඹරාගත් කහ, කොත්ත මල්ලි තේ හැඳි 1 බැගින්

ලුණු අවශ්‍ය පමණට

 

සාදන ක්‍රමය

වම්බටු දිග තීරු කපා තෙලේ බැදගන්න. බඳුනක් ලිප තබා ලුණු ටිකක් එක් කර උතුරන විට අමු මිරිස් දමා යන්තම් තම්බන්න. රතුළුණු ද ටික වෙලාවක් උණු වතුරේ දමා තම්බා ගන්න. මෙය දිය බේරෙන්න තබන්න. ඉන් පසු අමු ගස්ලබු මොලොක් වෙන තුරු ටික වෙලාවක් තම්බා දිය බේරෙන්න තබන්න. බැදගත් වම්බටු සමඟ තම්බා ගත් රතු ළුණු, අමු මිරිස්, ගස් ලබු, ලුණු සියල්ල මිශ්‍ර කර බෝතලකට දමා තලා ගත මුරුංගා පොත්ත සහ විනාකිරි වම්බටු කැබලි වලට උඩින් සිටින සේ දමන්න. රස අනුව ලුණු දමා බෝතලය සොලවා පියන වසා සතියක් පමණ තබා ආහාරය ගන්න.

 

Spicy

 

 

බිට් රූට් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

බිට් රූට් අල 5ක්

විනා කිරි බෝතල් 1/4 ක්

අඹරා ගත් අබ තේ හැඳි 1 1/2 ක්

ඉඟුරු පෙති 3 – 4

කුරුඳු පොත්තක්

ලුණු රස අනුව

සාදන ක්‍රමය

බිට් රූට් ගෙඩි ලෙලි පිටින්ම තම්බා ලෙලි හැර තරමක පෙති කපා ගන්න. ඉඟුරු, කුරුඳු, ලුණු අඹරන්න. මැටි ඇතිලියක් ලිප තබා විනාකිරි, අඹරා ගත් අබ, ඉඟුරු, කුරුඳු, දමා හොඳින් කවලම් කර උතුරවන්න. මිශ්‍රණය ලිපෙන් බා නිවෙනතුරු තබන්න. බිට් රූට් සමඟ සාදා ගත් මිශ්‍රණය එකතු කරමින් බෝතලයක තබා දින 3 – 4 කින් ආහාරයට ගන්න.

 

Spicy

 

වැඩි දවසක් තියාගන්න වෑංජන හදන හැටි

නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු

මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම උප නගරයට පැමිණ ඇල්කඩුව මාර්ගය දිගේ යන විට හුන්නස්ගිරිය වත්ත හමුවෙනවා. මේ හුන්නස්ගිරි වත්ත මුදුන තමයි හුන්න්සගිරි කඳු මුදුන...

ගෙවත්තේ සුන්දර බව රැකගන්නේ කොහොමද

ගෙවත්තක් (garden) නිවසක් ලස්සන වීමට නම් අවට වට පිටාවත් සුන්දර විය යුතුයි. ගහක් කොලයක් නැති, පාට පාට මල් වර්ග නැති මිදුලක කොපමණ සුන්දර නිවසක් (home)ඉදි...

ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්

උදසනින්ම පැමිණ කාර්‍යලයේ වැඩ පටන් ගන්න නම් ප්‍රබෝධමත් බවක් තිබිය යුතුමයි. ඒ ප්‍රබෝධමත් බවට කාර්‍යලයේ මෙන්ම ඔබ සිටින ස්ථානයේ පිළිවෙලක් අත්‍යවශ්‍යම කරුණක්. ප්‍රබෝධමත්ව කාර්‍යලයේ...

පුංචි බබාලා ඉන්න අම්මලාට

පුංචි දරුවන් ඉන්න ඕනිම අම්ම කෙනෙක් හරිම කාර්ය බහුලයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් බරහිර රවල කට්ටිය නම් කාර්ය බහුල කම අතරේ...

සමුද්‍ර සමග beauty

අපි makeup භාවිතා කරනකොට අපි නොදැනුවත්ම අපේ අතින් වැරදි රාශියක්ම සිදුවනවා. ඉතින් අපි අද කතා කරන්නේ makeup වැරදි ගැනයි. 01 makeup එකක් තෝරාගන්නේ කොහොමද? අපි මුලින්ම අපට තිබෙන...

ජනාධිපති නිල නිවසේ දී විපක්ෂ නායක සහ ජනාධිපති අතර හමුවක්

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසවෙත ගොස් තිබෙනවා....

උත්සව අවස්ථාවකට දැල්ලන් කරියක්

දැල්ලන් කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒවගේම තමයි තරමක් උෂ්ණාධික කෑමක් විදිහටත් දැල්ලන් හදුන්වන්න පුළුවන්. බොහෝ වෙලාවට උත්සව අවස්ථාවන්වලදී කුකුළු මස් කාරී එහෙමත් නැත්නම් මලු...

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න එපා

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න සිදුවීම් ගැන මේ සමාජයේ මොන තරම්නම් අහන්න දකින්න ලැබෙනවද..? වැලන්ටයින් දවසටත් ඒ විදිහට තරුණ ජීවිත හැඟීම...

ගැහැණු ළමයෙකුගේ Makeup පෙට්ටියේ තිබිය යුතු දේවල්

මල් වගේ ගැහැණු ළමයින්ට ගමනක් යන්න ගියාම හැඩවැඩ වෙන්න තරමක වෙලාවක් ගතවෙනවා. පොඩි Makeup එකක් කරලා එලියට බැස්සට මුකුත් වරදක් කියන්න බැහැ. ඒ නිසාම...