දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ලංකාවේ ( Sri Lanka ) සොඳුරුතම ප්‍රදේශයක් වන පුංචි එංගලන්තය එහෙමත් නැත්නම් සිතල නුවර එළිය විදේශීය සංචාරකයන්ගෙන් නගරයේ හෝ‍ටල් කාමර හා නවාතැන්පොළ සියල්ල පිරීගිහින්. ඉතින් නුවරඑළියේ සංචාරය කරන්න හිතන ඔබට අපුරුම හෝටලයක් ගැනයි අපි ඔබට මේ ලිපියෙන් අද ඉදිරිපත් කරන්නේ.

 

ලංකාවේ ( Sri Lanka )මේ සුන්දරම කැදැල්ල “ඇල්පයින්” පිහිටා තිබෙන්නේ

නුවරඑළියේ පිහිටි සුව පහසු නවාතැන්පොළ අතරින් කැපී පෙනෙන සොඳුරු නවාතැන්පොළක් ලෙස ඇල්පයින් හෝටලය හඳුන්වන්න පුළුවන්. නුවරඑළිය – බදුල්ල පාරේ නුවරඑළිය නගරයට ආසන්නයේම එය පිහිටා තිබෙනවා. සුප්‍රකට රේස් පිටියට හා ග්‍රෙගරිවැවට මුහුණලා පිහිටි පුංචි කඳු ගැටයක් මත ඉදිකරන ලද ඇල්පයින් හෝටලය අලංකාර මන්දිරයක්. යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකළ ඇල්පයින් හෝටලය නගර මධ්‍යයේ පිහිටි සෙසු හෝටල් අතරින් විශේෂයෙන් කැපි පෙනෙන්නේ එහි අලංකාර වටපිටාව නිසයි.

 

අක්කරයක පමණ වපසරියකින් යුතු සුවිසල් අංගනය මැද ඉදි කළ පුංචි ධවල මන්දිරයක් සෙයින් දිස්වන ඇල්පයින් හෝටලය දුටු වන් නෙත් සිත් එක පැහැර ඇද බැඳගන්නට‍ සමත්. අලංකාර මල් හා පලතුරු පිරුණු තුරු ලතාවලින් යුත් හරිතවන් ගෙඋයන මැද පිහිටි සුදු පැහැති හෝටලයේ ඉතිහාසය නවසීය දාහතර වසර දක්වා වූ අතීතයට දිව යනවා. 1914 දී එය උඩරට තේ වතුවල සුදු ජාතික වැවිලිකරුවන්ගේ නිවහනක් වූ අතර පසුකලෙක නුවරඑළියේ ප්‍රකට ව්‍යාපාරික පවුලක් වන දොඩම්පේගම පවුල විසින් මිලදී ගනු ලබනවා. ඔවුන් විසින් පසු කලෙක සුව පහසු හෝටලයක් බවට පත් කළ එහි වත්මන් හිමිකරුවා වන්නේ නුවරඑළියේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා. සිය පවුලේ උරුමයෙන් ඇල්පයින් හෝටලයේ හිමි කාරත්වය දරන මහින්ද දොඩම්පේගම මහතා එය දෙස් විදෙස් සංචාරකයන්ගේ සුව වඩන මන බඳන කදිම නවාතැන්පොළක් බවට පත්කර තිබෙනවා.

 

සුඛෝපභෝගී කාමර තිස් පහකින් සමන්විත ඇල්පයින් හෝටලය තරු තුනේ සංචාරක හෝටලයක්. ඩිලක්ස් කාමර 30 ක් සුයිට් කාමර 2 ක් හා ස්ටෑන්ඩඩ් කාමර 5 කින් යුතු සුවපහසු කාමර සියල්ල ශීත හා උණු දිය, රූපවාහිනී, නුතන උණුසුම්කරණ උපකරණ , දුරකථන WI-FI පහසුකම් වලින් සමන්විතයි. හෝටලයේ කාමර හා අනෙකුත් ස්ථාන ඉතාලියෙන් ආනයනය කරන ලද ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණවලින් අලංකෘතයි. පැරණි බංගලාවෙහි පැවැති ස්වාභාවික දර යොදා දල්වනු ලබන ගිණි උදුන තවමත් එලෙසම පවතිනවා. මැද සාලයෙහි පිහිටි එහි දැල්වෙන ගින්න කටුක සීතලෙන් හිරි වැටී ගිය අතපය උණුසුම් කරගන්නට කදිමයි. වර්තමානයේ නුවරඑළියේ ඇති හෝටල් අතරින් මෙලෙස දර ගිණි උදුනක් දල්වනු ලබන්නේ ඇල්පයින් හො‍්ටලයේ පමණක් බවයි දොඩම්පේගම මහතා පවසන්නේ

 

ලංකාවේ (Sri Lanka) සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු මෙන්ම ක්‍රීඩා ශූරයකු වන….

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු මෙන්ම ක්‍රීඩා ශූරයකු හා පරිසර ලෝලියකු ද වන දොඩම්පේගම මහතා ඇල්පයින් හෝටලයේ නවාතැන් ගන්නා සංචාරකයින් පිනවන්නට අපුරු පරිසර සංචාර කිහිපයක්ම සැලසුම් කර තිබෙනවා. ඇල්පයින් හෝටලය පරිසර හිතැති සංචාර සැලසුම්කරණයට අමුත්තන් අතර වඩාත් ප්‍රසිද්ධයි. නුවරඑළිය නගරයෙන් එපිට සොබාද‍හමේ අසිරිය විද ගන්න නම් හරියටම සති දෙක තුනක් වත් අවට සංචාරය කළ යුතු බවයි දොඩම්පේගම මහතා පවසන්නේ. හෝටලයේ සිට කි.මීටර් 3.5 ක් දුරින් පිහිටි සිංගල් ට්‍රී කන්ද , කිකිළියාමාන , පිදුරුතලාගල වැනි කඳු වැටි තරණය කිරීම, දිය ඇලි නැරඹීම , වන සතුන් නැරඹීම , පාපැදි සවාරි , වනාන්තර හරහා ඇවිද යමින් සතුන් හා කුරුල්ලන් නැරඹීමටත් වෙන් වූ විශේෂ සංචාර සැලසුම් කරන්නත් ඔවුන් සුදානම්.

 

සොබාදහම රකින , පරිසර හිතකාමි ඇල්පයින් හෝටලය 2005 වසරේදී ලංකාවේ හොඳම පක්ෂින්ට හිතකර හෝටලය ලෙස (Bird Friendly Resort – Field – Omithology Group) පරිසර හිතකාමී සංවිධානයක් වෙතින් සම්මානයට පාත්‍රවුණා. කඳුකරයේ කැදැල්ල ලෙස විරුදාවලී ලත් ඇල්පයින් හෝටලයේ තුරු ලතාමඩුළුවලින් පිරුණු සුන්දර පරිසරය කුරුල්ලන්ගේ පමණක් නොවෙයි එහි යන එන අමුත්තන්ගෙන් සිත ගත නිවන සොඳුරු පරාදිසයක්. හෝටලය මඟින් සැලසුම් කරන දිය ඇලි නැරඹීමේ චාරිකාවට නුවරඑළිය හා අවට පිහිටි අලංකාරතම දිය ඇළි දහ අටක් නැරඹීමේ අවස්ථාව ඔබට උදාවෙනවා. හෝටන් තැන්න සංචාරය, අඹේවෙල කිරි නිපැයුම්හල සඳ තැන්න මෙන්ම නුවරඑළිය නගර මාධ්‍යයේ පිහිටි වික්ටෝරියා මල් වත්ත , කුරුළු උයන හා කෞතුකාගාරය නැරඹීමට ඇල්පයින් හෝටලයේ සිට පහසුවෙන්ම යන්න පුළුවන්. හෝටලයේ සිට සිංගල් ට්‍රී කඳුවැටිය , ඔලිෆන්ට් වත්ත, උඩ රදැල්ල වත්ත, නානුඔය ග්ලැක්සෝ වත්ත වින්ඩි කෝනර් ගම්මානය හරහා යළි හෝටලය දක්වා පයින් යන සංචාරය කඳු නගින්නට, කැලෑවල ඇවිදින්නට සතුන් හා විහඟුන් දැක බලාගන්නට හා දිය ඇළි බලන්නට රුචි කරන ත්‍රාසජනක සංචාර ප්‍රියකරන්නන්ට වඩාත් සුදුසුයි.

 

sri lanka

 

උපුටා ගැනීමකි

පුංචි එංගලන්තයේ උණුසුම් කැදැල්ල “ඇල්පයින්”

ශ්‍රී දේවිගේ සැමියාගෙනුත් ප්‍රශ්න කරයි. හෝටල් කාර්ය මණ්ඩල සේවකයන්ගේ හා ඇගේ ජංගම දුරකථන පරික්ෂාවට

ශ්‍රී දේවිගේ මරණය ගැන ප්‍රශ්න කිරීම මේ වන විට ආරම්භ වී ඇත.ඒ අතර ශ්‍රී දෙවි නැවතී සිටි Jumeirah emirates tower හෝටලයේ කාර්ය මණ්ඩලය සහ...

බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ...

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි

ස්ත්‍රී දුෂණය ( Rape ) - දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය   * 1995 අංක 22, 1998 අංක 29, දරන පනත් මඟින් දණ්ඩ නීති සංග්‍රහයට කරන...

Music Fest 2018

කින්ග්ස්වූඩ් විද්‍යාලීය කොළඹ සංසදය විසින් සංවිධානය කරනු ලබන Music Fest 2018, මාර්තු 18 වන දින විහාරමහාදේවි විවෘත රඟහලේදී සවස 7.00 සිට පැවැත්වේ. චිත්‍රාල් ,...

පාදයේ ඇඟිලි වලින් හෙළිවන ඔබේ රහස්

වසර පන්දහසකටත් පෙර ඈත අතීතයේ මිනිසුන් පාද කියවීමේ ශාස්ත්‍රය දැඩි ලෙස විශ්වාස කරන ලදී. විශේෂයෙන්ම චීන සහ ඉන්දියානු ජාතිකයන් මෙය දැඩි ලෙස විශ්වාස කරන...

නිවස ජය ගන්නා දෝනි – 2

බාධක ජයගෙන ආදරේ කරන්න නම්, අපි හැමෝම ආදරයන කරන්න පටන් ගන්නේ ඒ ආදරේ විවාහයෙන් තවත් ශක්තිමත් වෙලා ජිවත් වන තුරුම පවත්වාගෙන යන්නයි.එත් සමහර ආදර කතා...

සෙල්ෆි උන්මාදය නිසා වයසට යනවා වැඩියි

සෙල්ෆි ( Selfie ) ඡායාරූප කලාව මෙරට ජනප්‍රිය වූයේ Facebook නිසාය. දුර්ලභ හෝ ලස්සන සෙල්ෆි ඡායාරූප රැගෙන මුහුණු පොතට එකතු කිරීම හෝ සිය සමීපතමයන්ගේ...