සුමිත්‍රයෝ අරම්භය ජෝන් ද මෙල් නැමැති කාන්තාව විසින් 1974දි සිදුවිය. එදා සිට අද දක්වාම වර්ෂයේ දින 365 දීම (පෝය ඇතුළු සියළු නිවාඩු දිනයන් ඇතුළුව) උදේ 9 සිට රාත්‍රී 8 දක්වාම වසර 44ක් නොකඩවා අපගේ සමාජයේ විවිධ පුදගලයන් මුහුණ දෙන එදිනෙදා ජීවිතයේ ඕනෑම ගැටළුකාරී අවසතාවන්ට මානසික සහනය සපයන ස්වෙචා සංවිධානයකි.
සුමිත්රයෝහි ස්වෙච්චා සේවකයන් අප ආයතනය වෙත සහනයක් බලාපොරොත්තුවෙන් පැමිණෙන ඕනෑම කෙනකු හට බොහෝ සුහදව පිළිගෙන ඔවුන්ගේ අසහනකාරී ගැටළු සාවදානව ඇහුම්කන්දී ඔවුන් සමග ඒ සම්බන්ධව ගැටලුවෙන් මිදීමට විකල්ප මාර්ග සාකච්චා කර ඔවුන්ගේ මානසික තත්වය ශක්තිමත් කරයි.
සුමිත්‍රයෝ ආයතනය සමග එදිනෙදා ජිවිතයේදී ඇතිවන විවාහක, පවුල්, රැකියා, අධ්‍යාපන හා ආදර සම්බන්ධතා පිළිබද ගැටළු, තනිකම, කාංසාව හෝ නොයෙකුත් ඇබ්බැහිවීම් වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් සානුක්ම්ප්පිතව ඇහුන්ක්ම්දීමට සූදානම් වී සිටී. ඒ අතරම ඔබ ගැන කිසිදු විනිශ්ශයකින් තොරව පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් අපගේ සේවය නොමිලේ සැපයීමට ක්‍රියා කරයි.
එසේම සුමිත්‍රයෝ ආයතනයේ සේවාව ලබාගැනීමට කැමති ඕනෑම අයෙක් නො. 60 බී, හෝටන් පෙදෙස, කොලඹ 07 යන ලිපිනයට පැමිණ හෝ දුරකතනයෙන්, ලිපි මගින් හෝ ඊමිල් හා ස්කයිප් මාර්ගයෙන්අප සමග සම්බන්ධ විය හැක.
සුමිත්‍රයෝ පිළිබද සමාජය දැනුවත් කිරීමෙන් අප තව තවත් අයෙකුට උදවු කිරීමක් වේ.
දුරකථන අංක 0112692909, 01126835555, 011 2696666
ඊමිල් : sumithra@sumithrayo.org