සුපර් මාර්කට් ( supermarket ) යන නිත්‍ය පාරිභෝගික පිරිස වන්නේ ඉතා සුළු නාගරික පැලැන්තිය විතරයි. අනෙකුත් සාමාන්‍ය පාර්භෝගිකයින් යන්නේ ඉඳල හිටලා පොඩි පාරිභෝගික ආතල් එකක් ගන්න  විතරයි. විකුණන පාරිභෝගික භාණ්ඩ වල තත්වය හෝ ප්‍රමිතිය කුමක් වුනත් වර්තමානය වන විට ලංකාවට එක එක මාදිලියේ සුපර්මර්කෙට් වලින් නම් කිසිම අඩුවක් නෑ . ඉස්සර ගමේ බඩ  තඩි සිල්ලර මුදලාලිගෙන් ගනුදෙනු කරපු ගම්බද පාරිභෝගිකයින් පවා සුපර් මාර්කට් මේනියාව ඉස්මුරුත්තෙටම නැගලා තියෙන්නේ.

 

සිල්ලර වෙළඳාම සුපර් මාර්කට් කරණය ( supermarket ) වීම තුල  භාණ්ඩ වල ගුණාත්මක භාවය ගැන සැහීමකට පත්විය හැකි ද

ඇත්තටම සිල්ලර වෙළඳාම සුපර් මාර්කට් කරණය වීම තුල  භාණ්ඩ වල ගුණාත්මක භාවය ගැන සැහීමකට පත්විය හැකි තරම් සාධක නැතිවාම නොවේ. විශේෂයෙන්ම අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි , දුවිලි වැදී  වැදී , සේවකයන්ගේ නොසැලකිලිමත්කම නිසා තලුන, පොඩිවුන නරක වුන , කල් ඉකුත් වුන සමහර වෙලාවට තෝරලා බඩු  ගන්න අවස්තාවක් නොදෙන භාණ්ඩ වෙනුවට සුපර් මාර්කට් වලින් නිසි ප්‍රමිතියට නැවුම් භාණ්ඩ මිලදී ගන්න හැකියාව  පාරිභෝගිකයාට ලැබුනා. ඒ වගේම මිල ගණන් වල වැඩි වෙනසක් නැති නිසාත් නියමිත කිරීම් බරට මිල නියම වෙන නිසාත් භාණ්ඩ ලබා ගැනීමට  මිනිස්සු  සුපර් මාර්කට් වටා රොද  බැදෙන්න පටන් ගත්තා. හැබැයි ඉතින් එහෙම හිතල බඩු  ගත්තට ගෙදර ගිහින් බලනකොට ගමේ කඩේටත් වැඩ අන්ත දේවල් අරගෙන තියෙන අවස්ථාත් නැතුවම නෙමෙයි.

 

සාමාන්‍ය කඩයක් සහ supermarket එකක් අතර වෙනස

අනිත් අතට සාමාන්‍ය කඩයකට වඩා  වායු සමිකරණයේ සිසිල විදිමින්, එයාර් ෆෙශ්නර්  සුවඳ විදිමින් තමන්ට කැමති ලෙස රාක්ක ලඟට ගොස්  බඩු  ගන්න එකේ  පොඩි අතල් එකක් නැතුවාම නොවේ. ඒ වගේම තමා  සුපර් මාර්කට් එකේ සලකුණ තියෙන බැග්  එකක්   අරගෙන එලියට එනකොට සිල්ලර කඩෙන් බඩු අරන් ෂොපින් බැග් එකේ ගෙන එනවට වඩා නම් පොඩි ගතියක් තියෙනවා. ඒත්  මිලදී ගත්ත බඩු මල්ල ගෙදර ගෙනත් බැලුවාම තමා  තේරෙන්නේ උවමනා දේට වඩා අරගෙන ඇවිත් තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන බොරු සෝබන දේවල් බව. එක තමයි කියන්නේ සුපර් මාර්කට් කරණයේ අන්ධානුකරණය කියලා. ගම්බද හෝ  අර්ධ නාගරික සාමාන්‍ය පාර්භෝගිකයින් මේ සුපර් මාර්කට් රැල්ල නිසා  වායු සමිකරණයේ සිසිල විදිමින්, එයාර් ෆෙශ්නර්  සුවඳ විදිමින්  රාක්ක  අස්සේ කැරකෙමින් මාසේ වියදමට තියෙන සල්ලි සුමාන දෙකෙන් ඉවර කරගන්නවා. මේක සුපර් මාර්කට් කරණය වීමේ වැරද්දක් නෙමෙයි තමන්ගේ ආදායමට සරිලන විදිහට  වියදම කළමනාකරණය කරගැනීමට නොහැකි වීම.

 

තව දෙයක් තමා මේ සුපර් මාර්කට් ජනප්‍රිය වීමට හේතුව ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ තිබීම විතරක් නෙමෙයි කියන එක. මොකක්ද ඒ අනිත් හේතුව.? ඒ  තමා සුපර් මාර්කට් තුල අරක්කු තැබෑරුම් පවත්වාගෙන යන එක. හවස් කාලය වන විට භාණ්ඩ ගන්න තියෙන පෝලිමට වඩා  දිගයි බියර්, අරක්කු ගන්න තියෙන තැන පෝලිම.

 

කොහොම උනත් මේ වෙනකොට සුපර් මාර්කට් වලට පර්භෝගිකයින් පැමිණෙන ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා වගේම සුපර් මාර්කට් හිමියනුත් හැකිතාක් තම ව්‍යාපාරය ගමට  ගෙනියන්න උත්සාහ කරනවා. මේකෙන්න්න ඇතුල් පහර වැදෙන්නේ  ගමේ කඩේට තමයි. අන්ධානුකරණය  නොවී තමන්ට අවශ්‍ය භාණ්ඩ පමණක් අරගෙන එන්න  පාරිභෝගිකයාටත් සිහිය තියෙන්න ඕනි.

 

supermarket

සුපර් මාර්කට් මේනියාව ඔබටත් වැළඳිලාද

නිසි තැන ද සම තැන ද අභිෂේකා කථා කරයි

මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන ගීතයක් තමයි නිස්සාර කියන්නේ. ගීතය ගායනා කරන්නේ අභිෂේකා විමලවීර ( Abhisheka Wimalaweera ). ඉතින් අපි ඇයගෙන් සමග...

චාරිකා – 13 කොටස

මේ කතාව අතීත කතාවක් (Love story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

මඟ වරද්ද ගන්න කලියෙන් පාර පෙන්නන්න ගෙදරින්

පහන් දැල්ලකට ආදරේ කරන්න පටන් ගත්තු පළගැටියෙක් ඒ මත්තෙ ම හැපිලා හැපිලා, දැවිලා පිච්චිලා අළු වෙලා යනකම්ම ඒ ආදරේ හිතින් අත් හරින්නනම් ලෑස්ති නෑ....

පුලුවන්නම් තෝරන්න

මේ ගොම්මන් වෙලාවෙ කොහෙද ලමයෝ යන්නේ... අනේ අම්මා මන් පොඩ්ඩක් ඇවිදලා එන්නම්... දෙයියනේ තව ටික වෙලාවකින් අදිරි නිතිය දානවා ලමයෝ යන්නෙපා කොහෙවත්... මොකද්ද අම්ම මේ ජීවිතේනම් මට...

දන්නා ආහාරවල නොදන්නා ගුණ

ලප සහිත කෙසෙල් කෙසෙල් ගෙඩි තරමක් ඉදුණු විට , කෙසෙල් ගෙඩි මත ලප තිබෙනවා ඔබ දැක තිබෙනවා නේද? මෙම ලප වල ඇති TNF නමැති පිළිකා...

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල්...

ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව

ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම...

මම ගණිකාවක් වුනේ මගේ වරදින් නෙමෙයි

සත්‍ය කතාවක් පදනම් කර ගොතන ලද්දකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි මිට සති දෙකකට පෙර මට එන දුරකථන ඇමතුමකට සවන්දුන්න මම.. "මල්ලී..." "අහා කවුද මේ?" "ඔයා නම් මාව දන්නේ නෑ...ඔයාගේ...

දුෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවැරදිකරුවන් කරන මිතය්‍යා මත

විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා...