මොන තරම් වයසට ගියත් අපි හැමෝම කැමතියි අපේ තරුණ රූසපුව (beauty) සදාකාලිකව රැක ගන්න. තරුණ පෙනුම රැකගන්නට බොහෝ දෙනා රූපලාවණ්‍ය (beauty culture) කටයුතු වෙනුවෙන් දහස් ගණන් වියදම් කරනවා. මෙවර අපි ඔබට දැනුවත් කරන්නේ වැඩිපුර වියදම් නොකර ශරීරයට (body) හිතකර ආකාරයෙන් ස්වභාවික ක්‍රමවලින් තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්.

 

දෙළුම්

දෙළුම් වල වයස පමා කරවන පුදුමාකාර බලයක් ඇති බව සොයාගෙන තිබෙනවා. සමට අත්‍යවශ්‍ය Pomanox නැමැති සංඝඨකය මෙහි අන්තර්ගතවීම මෙයට හේතුවයි.

 

නිවිති baby-spinach

නිවිති වලත් Lutein නැමැති Antioxidant අන්තර්ගත වෙනවා. මෙයත් සමේ රැලි වැටීම අඩු කරවනවා. ඇස් යට කළු වීම අඩු කරවන විටමින් C සහ K බහුලයි.

 

ස්වභාවික මී පැණි

සමේ මී පැණි ආලේප කිරීම සමට නව පෙනුමක් ලබා දෙන ප්‍රතිකාරයක්. ඔබගේ බෙල්ල, අත් සහ මුහුණේ දිනකට වරක් මෙලෙස මී පැණි ආලේප කර විනාඩි 20 ක් තිබෙන්න හැර සෝදා හරින්න. ක්‍රීම් වර්ග ආලේප කරනවාට වඩා ගුණදායකයි.

 

ආමොන්ඩ් ඔයිල් Almond Oil

කුඩා ආමන්ඩ් ඔයිල් බෝතලයක් මිලදී ගෙන ඔබේ දෑත් වල ආලේප කරන්න. මෙය අත් රැලි වැටීම අඩු කරනවා.

 

මුහුදු බෙල්ලන්

මුහුදු බෙල්ලන් තුළ විටමින් B12 සහ අයන් බහුලයි. හමේ වර්ණය වෙනස්වීම සහ විශේෂයෙන් ඇස් යට කළු වීම අඩු කරවීම මීට හේතුවයි.

 

තක්කාලි Tomato

හමේ තරුණකම රැකගන්න ගොඩක් උදව් වෙනවා. මේවායේ ඇති Lycopene නැමැති සංයෝගය සමට හිතකර Anti Oxygen වලින් සමන්විත හෙයින් සම රැලි වැටීම අඩු කරයි.

 

යෝග ව්‍යායාම

නිවැරදිව යෝග ව්‍යායාම කරන අය වසර 10 කින් පමණ තරුණ වන බවයි පැවසෙන්නේ.

 

දිනකට පැය 7ක නින්දක්

තරුණකම රැක ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම රාත්‍රියට සුව නින්දක් ලැබිය යුතුමය.

 

හිසකෙස්වල පැහැය.

ඔබට තිබෙන්නේ කළු පැහැති හිසකෙස් නම් කොණ්ඩය සුදු වන විට නැවත කළු පැහැයම ආලේප කරන්න එපා ඒ වෙනුවට තරමක් ලා පැහැති වර්ණ යොදා ඩයි කරන්න. මෙවිට ඔබේ හිසකෙස් සුදු වීම අඩුවෙන් අන් අයට දිස්වෙනවා. හිසකෙස් වර්ණය ගැලපෙන ලෙස වෙනස් කිරීම ඔබේ තරුණ බව ඉස්මතු කර පෙන්වනවා.

 

දත්

කොතරම් තරුණ වුවත් වැඩක් නෑ ඔබේ දත් ටික නිරෝගී නොමැති නම්. මේ නිසා නිරෝගී පෙනුම පවත්වා ගෙන යාමට දිනකට දෙවරක් දත් මැද ඔබගේ තරුණ පෙනුම පවත්වාගෙන යා යුතුයි. අඩුම තරමින් වසරකට වරක් වත් දන්ත වෛද්‍යවරයෙකු මුණගැසී දත් පරීක්ෂා කරගන්න.

 

වතුර බොන්න

තරුණකම රැකගන්න අනිවාර්යෙන්ම ජලය ලීටර් 2 ½ ක් පානය කිරීම අනිවාර්යයි. එකවර ගොඩාක් ජලය පානය නොකර සමාන කාල පරාසයක් තුළ ජලය නිතර බීමට පුරුදුවන්න. උදෑසන අවදිවූ විගස මුලින්ම ජලය වීදුරුවක් පානය කරන්න. උදෑසන ජලය පානය කිරීම පැය ගණනක් තිස්සේ ජලය නොමැතිව වියළුණු ශාකයකට ජලය දමනවාට සමාන ක්‍රියාවක් සේ සිතන්න. නිසි පරිදි ජලය පානය කිරීමෙන් පමණක් වුවත් ඔබේ තරුණකම රැක ගන්න පුළුවන්.

 

විටමින් B

විටමින් B සහිත ආහාර හැකි පමණ ආහාරයට ගන්න.

 

දෑත්

ඔබේ ශරීරයේ මුලින්ම වයසට යන්න පටන් ගන්නේ ඔබේ දෑත් මේ නිසා Hand Cream එකක් තෝරා ගෙන දිනපතා නින්දට පෙර දෑත් ආලේප කරන්න. සතියකට වරක් යෝගට් එකක් රැගෙන එයට මී පැණි කලවම් කර ඔබේ දෑත් වල හොඳින් ආලේප කර තුනී පොලිතින් කවරයකින් දෑත් වෙලා විනාඩි 15 ක් පමණ දෑත් වලට හොඳින් දහඩිය දැමීමට හැරීමට හැකිනම් මෙය වඩාත් සාර්ථකයි. ඊට පසු සෝදා හරින්න. එවිට ඔබේ දෑත් වලින් පුදුමාකාර මෘදු බවක් ඔබට දැනේවි.

 

Eye Cream

වයස අවු: 28 ඉක්මවන සෑම කාන්තාවක්ම අනිවාර්යෙන්ම Eye Cream එකක් භාවිතා කළ යුතුයි. මොකද ඇස් යට කළු වීම සහ රැළි වැටීම ඔබේ වයස දෙගුණ කර පෙන්වනවා. අනවශ්‍ය විදියට ඇස් පොඩි කිරීමෙන් ඇස් රැළි වැටෙන්න පුළුවන්.

 

සම රැකගන්න

ඔබේ සම නිතරම හිරු එළියට නිරාවරණය වනවානම් ඔබේ සමත් ඉතා ඉක්මනට වයසට යනවා. මේ නිසා හිරු එළියේ වැඩි වේලාවක් ගත කරනවානම් SPF සහිත (Sun Protection Factures) සහිත ක්‍රීම් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න.

 

මොළය වෙහෙසන ක්‍රීඩා

මොළය වෙහෙසන ක්‍රීඩා ලෙස ප්‍රහේළිකා පිරවීම, ජංගම දුරකථන වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමෙන් ඔබේ මොළයේ ඉතාමත් සක්‍රීයව පවත්වාගෙන යා හැකියි. එවිට වයසට යාම අඩු කර ගත හැකියි.

 

.

සමබල ආහාර වේලක්

ඇඟේ සෑම සෛලයක්ම හොඳින් නිරෝගීව පවත්වාගෙන යාමට නිතරම හොඳ ආහාර වේලක් ලබාගන්න. විශේෂයෙන් උදෑසන ආහාරය පිළිබඳව සැලකිලිමත් වන්න.

 

ඇඳුම් පැළඳුම්

බොහෝදෙනා ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේදී වයසට ගැලපෙන්නයි ඇඳුම් පැළඳුම් මිලදී ගන්නේ. නමුත් තරුණකම රැක ගැනීමට නම් ඔබ අඳින පළඳින විදියද තරුණ විය යුතු බව මතක තබා ගන්න.

 

 

තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්

සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිඳ ඇල්ල

දුන්හිඳ දිය ඇල්ල (dunhinda falls) ඌව පළාතේ ඇති දර්ශනීය දිය ඇල්ලක් වගේම ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකි. දුන්හිද ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ...

කෑමට ගන්න අර්තාපල් වලින් ලප කැළැල් ඉවත් කරගමු

අර්තාපල් වල විටමින් බහුලව තියනවා. ඒවා ඇපල් වලට වඩා 20ගුණයකින් ඉහළයි. අපි ඔබට කියල දෙන්න හදන්නේ අර්තාපල් භාවිතා කර සමෙහි ඇති ලප කැළැල් ඉවත්...

මඟ වරද්ද ගන්න කලියෙන් පාර පෙන්නන්න ගෙදරින්

පහන් දැල්ලකට ආදරේ කරන්න පටන් ගත්තු පළගැටියෙක් ඒ මත්තෙ ම හැපිලා හැපිලා, දැවිලා පිච්චිලා අළු වෙලා යනකම්ම ඒ ආදරේ හිතින් අත් හරින්නනම් ලෑස්ති නෑ....

වියලි කාලගුණයෙත් සම රැකගන්න මෙහෙම කරන්න.

මේ කාලයේ අපේ රටේ හැම ප්‍රදේශයකම තියෙන්නේ අධික වියලි කාලගුණයක්. පරිසරයේ පවතින වියලි බවත්,වියලි සුළඟත් නිසා අපේ සම බොහොම ඉක්මනට වියළි බවට පත් වෙනවා....

නිළියක් වගේ ලස්සන වෙන්න හාල් සෝදන වතුරෙන් කරන ඉන්දියානු රහස් බෙහෙත් වට්ටෝරුවක්

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ ඖෂධ වට්ටෝරු භාවිතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික ඖෂධ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔබත් නිළියක් වගේ ලස්සන වෙන්න නම් මේ...

පාදයේ ඇඟිලි වලින් හෙළිවන ඔබේ රහස්

වසර පන්දහසකටත් පෙර ඈත අතීතයේ මිනිසුන් පාද කියවීමේ ශාස්ත්‍රය දැඩි ලෙස විශ්වාස කරන ලදී. විශේෂයෙන්ම චීන සහ ඉන්දියානු ජාතිකයන් මෙය දැඩි ලෙස විශ්වාස කරන...

ගීයක පද බැඳුන හැටි

ඉඟි බිඟි කරනා තරු නෙතු වලට හොරා .. සැගව සිනාසෙමු අපි ලොව හිදින තුරා ...   ගිවිසා ගත්තෙමු වෙන්න නොයන සේ අප දෙදෙනා හැරදා ඔබට කලින්...

මංගල සීනු

මැයි මාසේ හඳුන්වන්නේ මංගල මාසේ හැටියට. වැඩිපුරම ආදරවන්තයන් විවාහ වෙන්න තෝරගන්නේ මැයි මාසේ. කාගෙත් කතා බහට ලක් වුණු රාජකීය පෙම්වතුන් යුවල "හැරී - මෝගන්"...