Youtube එකේ මෙතෙක් කල් වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර ( four best videos )ගැනයි අද ඔයාලට කියන්න යන්නේ. අපි හැමෝම වීඩියෝ එකක් බලන්න ලොග් වෙන්නේ Youtube එකටනේ. ඉතින් අපි බලමු වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර මොනවද කියලා.

 

1 . Despasito – ( Youtube )

මේ ගීතය තමයි Youtube ඔස්සේ වැඩිපුරම නරඹලා තියන ගීතය. Luis Fonsi සහ Daddy Yenkee ගායනා කරන Despasito ගීතයට ඉතාම ලස්සන වීඩියෝවක් තිබෙනවා. මේ වීඩියෝ එක Upload කරලා තියෙන්නේ 2017 වසරේ ජනවාරි මස 12 වෙනි දින. අද වෙනකොට මේ ගීතය මෙම ගීතය නරඹලා තිබෙන ප්‍රමාණය බිලියන 5.1 ක්. එයින් මිලියන 27ක් මේ ගීතයට Like කරලා තියෙනවා. මේ වීඩියෝව රූගත කරලා තියෙන්නේ ආජන්ටිනාවේ සැන් ජුවාන් නගරය ආශ්‍රිතව. වීඩියෝව නිර්මාණය කරලා තියෙන්නේ Carlos Pcrez.

 

https://youtu.be/SHujlvtBTNY

 

2. See You Again – ( Youtube )

වැඩිම පිරිසක් දෙවනියට නරඹලා  තියෙන ගීතය වන්නේ Wiz Khalifa සහ Charlie Puth ගයන See You Again කියන ගීතය. එය Fast And The Furious චිත්‍රපට මාලාවෙන් උපුටා ගත් වීඩියෝ ඇසුරෙන් නිර්මාණය වූ ගීතයක්. එහි රංගනයෙන් එක් වූ රිය අනතුරකින් මිය ගිය Paul Walker සිහි වීම පිණිස තමයි මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙම ගීතය Upload කර ඇත්තේ 2015 වසරේ අප්‍රේල් 06 වෙනිදා. මේ වෙනකොට බිලියන 3.56ක් වූ ජනතාව මෙම ගීතය නරඹලා තිබෙනවා. 2015 වසරේදී අන්තර්ජාලයට එක වූ ගීතයක් වුවත් මේ මොහොතේ පවා අලුතෙන් Views ලැබෙන ගීතයක් තමයි මෙය.

 

Youtube

 

 

 

 

 

 

 

 

 

 

3. Shape Of You – ( Youtube )

තෙවනුව වැඩිම පිරිසක් නරඹා ඇති වීඩියෝව වන්නේ Ed Shareen f.a Shape Of You කියන ගීතය යි.එම ගීතය නම් අපි කා අතරත් ගොඩාක් ජනප්‍රිය ගීතයක්. අපුරු කතාවක් සහිත වීඩියෝවක් ලෙසට එය බොහෝ ලෙස ජනප්‍රියයි. මෙම වීඩියෝව බිලියන 3.5ක පමණ ප්‍රේක්ෂකයන් නරඹා ඇත. මෙම ගීතය Upload කර ඇත්තේ 2017 වසරේ ජනවාරි මස 30 වන දිනයි. මෙම වීඩියෝව තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය වුනේ එහි රංගනයෙන් එක වන බොක්සින් ක්‍රීඩිකාව නිසා බව කිවුවොත් නිවැරදියි.

 

 

4. Gangam Style ( Youtube)

Gangnam Style කියන කොරියන් ගීතයක්. මෙම ගීතය බිලියන 3.5 ක ප්‍රේක්ෂක්ත්වයක් හිමි කර ගත් අපුරු ගීතයකි. මෙම ගීතය 04 වෙනියට වැඩිම පිරිසක් නරඹපු ගීතය වෙනවා. වැඩිම පිරිසක් නැරඹීමට හේතුව වන්නේ gangam style ගීතය සඳහා නිර්මාණය වූ ඒ අපුරු වීඩියෝවටයි. PSY විසින් ගායනා කල Gangnam Style සින්දුව නිසා මුළු ලොවම කැළඹුන කිව්වොත් හරි. ඊට හේතුව එහි තිබුණු හාස්‍ය ජනක නැටුම නිසා බව ගොඩාක් දෙනෙකුගේ මතයයි. මෙම ගීතය කුඩා ළමයින්ගේ සිත් ඇදගන්න එතරම් වෙලාවක් ගියේ නැහැ.

Psy නමින් ජනප්‍රිය වූ දකුණු කොරියානු ගායකයාගේ Gangam Style යන ගීතය Upload කර ඇත්තේ 2012 දී වුවත් අදටත් එම ගීතය කා අතරෙත් බෝහෝම ජනප්‍රියයි. කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම්, 2012 ජුලි මස 15 වන දින නිකුත් කල ගන්නම් ස්ටයිල් සින්දුව 2012 දෙසැම්බර් 21 වන විට YouTube හි පළමුවරට බිලියනකට අධික පිරිසක් නැරඹු වීඩියෝව බවට පත්වීමට මෙම ගීතයට හැකි වුනා. ඒ වගේම තවමත් යු ටියුබ් හි වැඩිම පිරිසක් නරඹා ඇති වීඩියෝව ගීතයද එයයි. එය නරඹා ඇති ප්‍රමාණය බිලියන 2.8 කි. යු ටියුබ් හි වැඩිම පිරිසක් Like කරපු වීඩියෝවට හිමි ගිනස් වාර්තාවද සතු වන්නේ මෙම Gangnam Style ගිතයටයි.

 

 

උපුටා ගැනීම – අන්තර්ජාලය ඇසුරෙන්

 

Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර

Fuze 2018

විදුර විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කරන “Fuze 2018” ප්‍රසංගය 2018 ජනවාරි 27 වන දින ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. භාතිය සන්තුෂ්, සනුක, ලහිරු, සහ...

පොලිසියේ පහරදීමකින් මාධ්‍යවේදිනී මධූ ඈන් රණවීර රෝහල් ගත කරයි

මාධ්‍යවේදිනියක හා පාරම්පරික වෛද්‍යවරියක වන මධූ ඈන් රණවීරට පමුණුගම පොලිසියේ නිලධාරීන් විසින් කළ පහර දීමක් හේතුවෙන් මේ වන විට රාගම රෝහලට ඇතුළත් කර තිබේ....

Facebook වාරණයට ලක් වූ මූර්තිගේ ඡායාරූප එකතුව

ෆේස්බුක් අවකාශයෙන් මෑතකදී වාරණයට ලක් වූ මෑත කාලයේදී ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය ඡායාරූප ශිල්පියකු වන මූර්ති යූ සෙනෙවිරත්නගේ පහත ඡායාරූප එකතුව සැබවින්ම සදාචාර විරෝධීද... ඔබගේ අදහස...

ඔබ මෙහෙමද?  එහෙනම් ඔබ තවමත් කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය ඉවසන කෙනෙකි

හිංසනයක් සිදු වූ විට අඑත් බිය නිසා නිහඬව දරාගෙන සගවා සිටිනවා, කිසිවෙකු සමග බෙදා ගන්නේ නැහැ., හුදකලාව විද  දරාගත යුතු යයි සිතනවා. හිංසනයක් සිදුවීම  තමන්ගේ...

හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න

බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න බලා වැළපෙමි නෙළාගනු...

ලෝක කුසලාන පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට

ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හඳුන්වන පාපන්දු ක්‍රීඩාවේ උත්කර්ෂවත් තරඟාවලිය වන්නේ ලෝක කුසලාන පාපන්දු තරඟවලියයි. 2018 වර්ෂයේදී ලෝක කිසලන පාපන්දු තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ රුසියාවේදිය. මෙම...

නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර...

කාය වර්ධන ශූරිය නැවතත් කරලියට

රුසියානු ජාතික 26 හැවිරිදි නතාලියා කස්නේට්යෝවා මාස 18ක නිහැඬියාවකින් පසුව නැවත ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා. මීට මාස 18කට ප්‍රථම ක්‍රීඩාවෙන් සමුගන්න බව කියා සිටියත්...

රස කාරක ගැන දන්නේ මොනවද

ආහාර රුචියට එහි රසවත්බව හා අලංකාරය බොහෝ සෙයින් ඉවහල් වේ. එහෙත් ආහාර රසවත් කිරීමට හා අලංකාර කිරිමට යොදන රසකාරක සිරුරේ බර වැඩි කිරීමට හේතුවන...