සදකඩ පහණක කැටයම් ඔපලා කියන කියන මෙම ගීතය ගොඩක් අය අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ…. ඉතින් කියවලාම බලන්නකෝ මේ ගීතයේ කොච්චර ගැඹුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු

හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙට පියඹා
පොපියන හදවත සිටී බලා

70 දශකයේ මුල් භාගයේ නිර්මාණය වූ “සඳකඩපහණක කැටයම් ඔපලා” ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.

මෙම ‘මාතර ආච්චි’ චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමෙන් පසුව වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑම් කරයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදු වෙනවා. කාලයකට පස්සේ ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි ඇති ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට එක් වී ඇත.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

සඳකඩ පහන කියන්නේ කළා ලෝකයේ ඇති විශිෂ්ටතම අද්විතීය නිර්මාණය . මනුෂ්‍ය ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය වන්නේ ගැහැනියයි. ජීවිතය කියන්නේ කලාවක්. සඳකඩ පහනේ විවිධ ආකාරයේ කැටයම් නිර්මාණය කරලා තියෙනවා . ඒ වගේම තමයි කාන්තාව කියනෙත් පංච කල්‍යාණයෙන් පිරි රූප සම්පත්තියෙන් උතුරා යන රූපයකට හිමිකම් කියන කෙනෙක් . එම නිසා මේ ගීතයේ සඳකඩ පහන කාන්තාවකට උපමා කරලා තියනවා. සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.

යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී 

සදකඩ පහණක කැටයම් ඔපලා

දුවරු ගැන වෙනස් විදිහකට හිතමුද?

සතුටු පවුල සංවර්ධනය සඳහා දුවරු ඇති දෙමව්පියන්ට, ඔබ තම දියණියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? තීරණ ගැනීමට එඩිතර නැති පෞර්ෂයෙන් අඩු කෙනෙකු වීමද? එහෙම උනොත්, සමාජයේ නායකත්වයට පත්...

මඟුල් පෝරුවේ චාරිත්‍ර – 1 කොටස

පෝරුවේ චාරිත්‍ර හා එහි ආරම්භය පෝරුව යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ "පුවරුව" යන තේරුම ඇති වචනයටයි. සංස්කෘත භාෂාවෙන් මෙන්ම පාලි භාෂාවෙන් ද විවාහ මණ්ඩපය ලෙස...

විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය සහ ගිවිසුම් අයිතිය

1879 වෛවාහක අයිතිවාසිකම් සහ උරුමය පිළිබඳ ආඥා පනත සහ 1923 වෛවහකගත ස්ත්‍රීන්ගේ දේපල ආඥා පනත මගින් දේපල සහ ගිවිසුම් සම්බන්දයෙන් විවාහක කාන්තාව මත පනවා තිබු...

පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන ආකාරය

පහුගිය සතියේ පවුල් සැලසුම් ක්‍රම ගැන අපි ඔබව දැනුවත් කළා. ඉතින් අපි මෙවර ඔබව ගැඹුරින් කථා කරන්න යන්නේ එම පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන...

valentine 2018

සුනිල් පෙරේරා සමග ජිප්සීස් සමඟ චන්දුමල් හාC plus කොච්චිකඩේ Hotel Renowell හිදී 2018 පෙබරවාරි 10 වන දින

දවස් දෙකෙන් සුදු වෙන්න කැමති ඔයත් මේ ක්‍රමය අත්හදා බලන්න

සම පැහැපත් කරගන්න කාන්තාවන් හැමෝම කැමතියිනේ. ඉතින් මේ සඳහා ඔවුන් භාවිතා කරන්නේ කෘතීම නිෂ්පාදනයි. ඒවා සමට අහිතකරයි. එයින් ලැබෙන පැහැපත් කම තාවකාලිකයි. හැබැයි අපි...

Diet කරන ඔබ වෙනුවෙන්…

thewoman.lk අපි අද ඔයාලට කියලා දෙන්නේ ඉතාමත් රසවත් සහ ගුණදායක සුප් වර්ග 05ක්. ශරීරයේ තරබාරුව අඩු කිරීමත් නිරෝගී ශරීරයක් පවත්වාගෙන යාමටත් මෙවැනි සැහැල්ලු සහ...

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම...

වයස අවුරුදු 100දී පවා ක්‍රියාශීලිව සාරි තමා අතින්ම පින්තාරු කරන පද්මාවතී ආච්චි

අවුරුදු 100ක වැඩිහිටියෙකු සමඟ කතා කිරීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ සෑම දිනකම නොවේ! 1920 උපන් පද්මාවතී (පද්මම්) නායර් ජිවන මන්ත්‍රය වන්නේ “කාර්යබහුලව සිටින්න සහ අනුන්ගේ...