මාධ්‍යවේදිනියක හා පාරම්පරික වෛද්‍යවරියක වන මධූ ඈන් රණවීරට පමුණුගම පොලිසියේ නිලධාරීන් විසින් කළ පහර දීමක් හේතුවෙන් මේ වන විට රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
‘ඥානාර්ථ ප්‍රදීප’ පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ඇය ‘ඥානාර්ථ ප්‍රදීප ලේඛක සංසදයේ’ ක්‍රියාකාරී සාමාජිකාවක ද වේ.
ආචාර්ය ගරු සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමා අධ්‍යක්ෂධුරය දරන පාරම්පරික වෛද්‍ය සංගමයක් මඟින් සංවිධානය කළ වෛද්‍ය සායනයකට පසුව ඇයව පමුණුගම පොලීසියට රැගෙන ගොස් පුටුවකින් සහ පයින් පහර දෙමින් අපහාස වන අයුරින් පරුෂ වචනයෙන් බැනවදිමින් කටයුතු කර තිබෙන බවට ඇය කළ පැමිණිල්ලේ සඳහන්වේ.
මාධ්‍යවේදිනියකට නොව කිසිම කාන්තාවකට පහරදීම අපහාස කිරීම පිළිකුල් සහගතව හෙළා දැකිය යුතුය.නීතිය සුරකින ආයතනයක නිලධාරීන් මේ අයුරින් කටයුතු කිරීම රටක මානව අයිතීන් දරුණුලෙස උල්ලංඝනය වීමක් වන අතර මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ප්‍රමුඛ නිලධාරීන් වෙත බලකිරීමට කටයුතු කරන බව මේ සම්බන්ධව අදහස් පළ කළ මානව හිමිකම් ක්‍රියාකාරීහු රැසක් https://thewoman.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.

පොලිසියේ පහරදීමකින් මාධ්‍යවේදිනී මධූ ඈන් රණවීර රෝහල් ගත කරයි

ප්‍රවීණයන් ආධුනිකයන්ට අත දෙන්නේ නැද්ද? ඩයනා කතා කරයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද...

ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්

උදසනින්ම පැමිණ කාර්‍යලයේ වැඩ පටන් ගන්න නම් ප්‍රබෝධමත් බවක් තිබිය යුතුමයි. ඒ ප්‍රබෝධමත් බවට කාර්‍යලයේ මෙන්ම ඔබ සිටින ස්ථානයේ පිළිවෙලක් අත්‍යවශ්‍යම කරුණක්. ප්‍රබෝධමත්ව කාර්‍යලයේ...

මෝහන ප්‍රතිකාරයේ විශ්මය

" ස්වාපනය " නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට...

නිවස ජය ගන්නා දෝනි – 2

බාධක ජයගෙන ආදරේ කරන්න නම්, අපි හැමෝම ආදරයන කරන්න පටන් ගන්නේ ඒ ආදරේ විවාහයෙන් තවත් ශක්තිමත් වෙලා ජිවත් වන තුරුම පවත්වාගෙන යන්නයි.එත් සමහර ආදර කතා...

සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා

විලාසිතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස, අත්දැකීම්, පාරම්පරික උරුමය, අනුව ව්දිහිටි හා යොවුන් පරපුර විලාසිත කරන අකාරය වෙනස් වේ. නමුත් සංස්කෘතික වටිනාකමක් ඇති ඇඳුම්...

මහනුවරට ඇඳිරි නීතිය

අද දින (05) මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත හෙට (06) පෙ.ව. 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන ප්‍රදේශයට ඇඳිරි...

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය දිවිමඩලෙන් සමුගනී

කලා කීර්ති සුමිත්‍රා පීරිස් යනු ශ්‍රී ලාංකීය ප්‍රථම කාන්තා චිත්‍රපට නිෂ්පාදිකාව වන අතර ඇය සියලු දෙනා විසින් හඳුන්වනු ලබන්නේ “සිංහල සිනමාවේ කිවිඳිය” ලෙසිනි. ඇය...

අලුත් අවුරුද්දේ ඔබත් නව නිවසකට ගෙවදිනවා නම් මේ වත්පිළිවෙත් අමතක කරන්න එපා

පිළිපැදිය යුතු වත්පිළිවෙත් නිවැරදි බිම් සැලසුමක් මත ගොඩනැගුණු නව නිවසකට ගෙවැදීමේදී අප විසින් පිළිපැදිය යුතු වත්පිළිවෙත් සහ ක්‍රමවේදයන් වාස්තු විද්‍යාව තුල ගැබ්ව තිබෙනවා. විසබීජ හරණයට කහ...

ඔබේ පසුගිය වසරේ ව්‍යාපාරය අසාර්ථක වුනේ ඇයි

ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක්...