ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට ගෙන ඒමට සැරසී සිටිය දී ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් තාවකාලිකව එම පිටුවහල් කිරීම අත්හිටු වීමට නියෝගයෙන් කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ කොන්සර්වේටිව් රජය මෙම දෙමළ පවුල මෙල්බර්න් හි සංක්‍රමණික රැඳවුම් කඳවුරෙන් රැගෙන ගොස් ගුවන් යානයක දමා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඊයේ (29) කටයුතු කර ඇත.
නමුත් හෙදර් රයිලි නම් ෆෙඩරල් විනිසුරුගේ දුරකථන ඇමතුමකින් ගුවන් යානය ගුවන් ගතවීම වහා නවතා මෙම පවුල පිටුවහල් කිරීමෙන් වළකා එම පවුල ඔස්ට්‍රේලියාවේ ඩාවින්හි යළි පදිංචි කරන ලෙසට නියෝග කර ඇත.
සරණාගතභාවය පතා මෙම දෙමව්පියන් 2012 සහ 2013 දී වෙනම බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට පැමිණ තිබිණි.
ඔවුන්ගේ දියණියන් වන කොපිකා (වයස අවුරුදු හතර) සහ තරුනික්කා, (වයස අවුරුදු දෙකකි) උපත ලබා ඇත්තේ මෙලෙස සංක්‍රමණය වූ පසු ඕස්ට්‍රේලියාවේදීයි. කිසි විටෙකත් ශ්‍රී ලංකාවට නොපැමිණි නමුත් ඔවුන් දෙදෙනාට උපතින් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයිතියක් හිමි වී නැත. මේ පිටුවහල් කිරීම සම්බන්ධව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් කියා සිටියේ මේ පවුල සරණාගතයින් නොවන බවත් ඕස්ට්‍රේලියානු ආරක්ෂාව ලැබීමට සුදුසු නැති බවත්ය.
“ඔවුන් මෙහි පැමිණියේ බෝට්ටුවෙන්. ඔවුන් සරණාගතයින් නොවන බව පිළිගැනීමට මම කැමතියි, ඔවුන්ට අපේ රටෙන් ආරක්ෂාව ලැබිය යුතු නැහැ” යැයි මේ සම්බන්ධව සිය අදහස් දක්වමින් ඩටන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබිණි.
ශ්‍රී ලංකාවේ දී ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් සිදුවිය හැකි බව මේ පිටුවහල් කිරීමට එරෙහිව අදහස් දක්වමින් එරට දෙමළ සරණාගත කවුන්සිලයේ ප්‍රකාශක අරන් මයිල්වගනම් පවසා තිබුණි.
මේ සිදුවීම එරට දේශපාලනික ලැව් ගින්නක් කරා ඇදී යෑමට එතරම් කාලයක් ගත නොවූ අතර මේ සම්බන්ධව විවිධ පාර්ශ්වයන් සිය විරෝධය ඉදිරිපත් කිරීමට පෙළ ගැසුණි.
මවගේ තාවකාලික වීසා බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු පසුගිය මාර්තු මාසයේදී මේ පවුල ආගමන රැඳවුම් භාරයට ගෙන තිබිණි.
 “ඔවුන්ට නවතින්න ඉඩ දෙන්න” යනුවෙන් හඬ නඟමින් ‍විරෝධතාකරුවන් දුසිම් ගනනක් උසාවියෙන් පිටත රැස්වූයේ මේ පිළිබඳව අධිකරණ විභාගය සිදුවෙමින් පවතිද්දීය.
මේ පිටුවහල් කිරීමට විරුද්ධව රට පුරා මතයක් ගොඩනැගෙමින් පවතින වාතාවරණයක් නිර්මාණය වෙමින් පැවතෙද්දී එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ක්‍රිස්ටිනා කෙනාලි විසින් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගෙන්  ඊට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරන ලදි.
කෙසේවෙතත් අවසානයේ මෙම පිටුවහල් කිරීම වහා අත්හිටුවීමට එරට අධිකරණය කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ඔයත් කැමතිද ස්වභාවිකව කොන්ඩෙ Straight කරන්න?

කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා කරන කොට හිස කෙස් වලට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. හැමෝම කැමතියි තමන්ගේ කොණ්ඩය ලස්සනට තියාගන්න. ඉතින් අද අපි කියල දෙන්නේ පැයක්...

චාරිකා – 13 කොටස

මේ කතාව අතීත කතාවක් (Love story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ඇයි අපි ව්‍යායාම් කල යුත්තේ

පමණට වඩා ආහාර ගැනීම සහ සෞඛ්‍ය තත්වය පිරිහීමට හේතු වන්නේ ස්වභාවික අන්දමේ ව්‍යායාම නොලැබීමයි. තම ශරීර සෞඛ්‍ය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට නම් ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය...

ටෙනිස් පිත්තෙන් සිහින හඹා ගිය කෙල්ල

1991 වසරේ ඇමෙරිකානු සංචාරක ළමා ටෙනිස් තරඟාවලියට පොඩි කළු කෙල්ලන් දෙදෙනෙකු පැමිණ සිටියා. ඒ කාලයේ ඇමෙරිකාව තුල වර්ණ භේද වාදය ටිකක් තදින් පැවතුන කාලයක්....

ඇත්ත කියන්න තරම් හයියක් තිබ්බේ නෑ. එත් මම ගත්ත තිරනේ වැරදිත් නෑ

සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන ගොතන ලද්දකි..... "කැපකිරිම" "නොසිතු මොහොතක ක්ලාන්තය දලා ගෙදරදි ඇදගෙන වැටුන මම ගෙදරින් රොහල් ගත කරපු මාව දවස් දෙකකින් ටිකට් කැපුවත්....ගෙදර මිනිස්සු හැසිරුනේ...

ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා

අද බොහෝ පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට පත් වී ඇත්තේ ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) ඉන්දියානු ටෙලි නාට්‍යයි. මායා මල්හෝත්‍රා කියන්නේ...

සෙම්ම්බු වත්තට යමුද

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සෙම්බුවත්ත (sembuwaththa)  ශ්‍රී ලංකා සංචාරක ( sri lanka tourism) කර්මාන්තය ඉහල නැංවීමට මහත් පිටිවහලක් වෙනවා මාතලේ ඇල්කඩුව වතුයායට අයත් මෙම...

ගැහැණිය යනු, බඩුවක්ද ? ඔබේ මතය අපට ලියන්න

මුලින්ම මම කියන්නම් කාන්තාව පිලිබඳ පණිවිඩයක් මෙවැනි වෙබ් අඩවියක් හරහා පණිවිඩයක් දෙන්න උත්සහ කලේ ඇයි කියලා.. ඇත්තටම අපේ සමාජයේ කාන්තාව ගැන කතා කරනවා. කාන්තා...

අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව

බොහෝ තරුණියන් ජීවිතය අත් හරින තැනකදී චමල්කා තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒ විඳපු දුක තම නැවත ජීවිතය ගොඩ නගන්න චමල්කාට හයියක් වුණේ. කාන්තාවන්ගේ...