මාධ්‍යවේදී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධව ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීමට අවසර දෙන ලෙසට අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගෙන් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (09) ලිඛිත ඉල්ලීමක් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව විදෙස් තානාපතිවරුන්ගේ විශේෂ අවධානයට යොමු වී දෙස් විදෙස්හි ඉමහත් ආන්දෝලනයකට තුඩුදීම හා නඩුවේ සංකීර්ණ බව හා බැරෑරුම් බව හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450 (04) වන වගන්තිය යටතේ විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීමේ අවශ්‍යතාව පෙනීයෑමෙන් නීතිපතිවරයා මේ පියවර ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මහත්මිය පැවැසුවාය.

ඒ අනුව යුද හමුදාවේ කර්නල්වරුන් දෙදෙනකු ඇතුළුව යුද හමුදාවේ නමදෙනකු හමුවේ අධිචෝදනා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා කටයුතු කරනු ඇත. එම චුදිතයන් වන්නේ ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්. එම්. පී. කේ. රාජපක්ෂ නොහොත් නාදන්, වඩුගෙදර විනී ප්‍රියත්න, ඩිලන්ජන් උපසේන නොහොත් සුරේෂ්, සෙනවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන නොහොත් රවී, යාපා මුදියන්සේලාගේ චමින්ද කුමාර අබේරත්න, සෙ‍නවිරත්න මුදියන්සේලාගේ කනිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, දංගහ ගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ, ටී. ඊ. ආර්. පීරිස් යන අයවළුන්ය.

චුදිතයන් නමදෙනා ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශයේ රාජකාරි කර තිබේ.චුදිතයන් නමදෙනාගේම දුරකථන ඇමතුම් දත්ත මඟින් මේ සිදුවීමට ඔවුන් සම්බන්ධ බවට තහවුරු වී තිබෙන අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම, අයුතු ලෙස සිරගත කර තිබීම ඇතුළුව චුදිතයන්ට එරෙහිව චෝදනා දහහතකි.

මාධ්‍යවේදී එක්නැලිගොඩ පැහැරගෙන තිබෙන්නේ වසර 2010 ජනවාරි 24 දා රාජගිරියේදීය. පැහැර ගැනීමෙන් පසුව ගිරිතලේ යුද හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇ.ති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ප්‍රධාන සාක්ෂිකරු වන හිටපු හමුදා නිලධාරි රංබණ්ඩා ජයසුන්දරගේ සාක්ෂි මඟින් හෙළිදරව් වී තිබෙන්නේ එක්නැලිගොඩ ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදු වුණ බවයි. ඊට හේතු වී තිබෙන්නේ ගිරිතලේ කඳවුරේ දී එක්නැලිගොඩගෙන් ප්‍රශ්න කළ උදවිය පැහැදිලිව ඔහු හඳුනාගත් නිසාය. ප්‍රශ්න කිරීමේදී එක්නැලිගොඩගේ දෙනෙත් බැඳ තිබුණු ආවරණය ඉවත් කර තිබී ඇත. යම් හෙයකින් එක්නැලිගොඩ නිදහස් කළහොත් ප්‍රශ්න කළ පිරිස හඳුනා ගැනීම නිසා අපරාධමය වගකීමකට ඔවුන් යටත්වීමට හැකි නිසා එක්නැලිගොඩ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය සිදුව තිබේ. ප්‍රධාන සාක්ෂිකරු හෝමාගම මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පාපොච්චාරණයක් සිදුකර තිබේ. සාක්ෂිකරු එවකට පළවන චුදිත යටතේ සේවය කර තිබේ.

ගිරිතලේ කඳවුර තුළ සිදු වුණ මේ නඩුවට අදාළ සිද්ධීන් පිළිබඳ චුදිතයන්ගේ සහභාගිත්වය ප්‍රධාන සාක්ෂිකරු ‍තහවුරු කර ඇත. සාක්ෂිකරුගේ ප්‍රකාශයේ කරුණු චුදිතයන්ගේ දුරකථන ඇමතුම් වාර්තා සහ දුරකථන කුලුනු වාර්තා මඟින් තහවුරු වී තිබේ.

ප්‍රියන්ත රාජපක්ෂ සහ රූපසේන චුදිතයන් උදෑසන කාලයකදී එක්නැලිගොඩගේ දෙනෙත් බැඳ චුදිත කුමාරරත්නට බාරදීමට එක්නැලිගොඩ ගිරිතලේ කඳවුරෙන් ගෙන ගොස් තිබේ. චුදිතයන් කිහිපදෙනකු ගිරිතලේ කඳවුරෙන් පිටවී අඩලච්චේන සහ අක්කරෙයිපත්තුවට ගිය බවට සාක්ෂි තිබේ. ඊට මාස 4 කට පසු චුදිත පීරිස්ගේ නියමයෙන් කඳවුරේ තිබුණ තොරතුරු සටහන් ලේඛන විනාශ කර තිබේ. බුද්ධි රාජකාරි සඳහා භාවිත කළ සියලු ලේඛන ඇතුළු පොත් මේජර් පීරිස් බාරයට ගෙන ඇත.

එක්නැලිගොඩ නඩුවට විශේෂ අධිකරණ විභාගයක්

මුදල් නැතිව මුදල් සොයන බිස්නස් කලාව

පුංචි පුංචි බිස්නස් වලින් ගොඩ එන්න උත්සහ කරන පුංචි ව්‍යාපාරිකයන්ට සල්ලි නැතිව සල්ලි හොයන ක්‍රම කිහිපයක් ගැනයි අපි ඔබට කියල දෙන්න යන්නේ. ඉතින් අපි...

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

වේගවත් ව පරිගණකය හසුරුවන අලුත් තාක්ෂණය -ලීප් මෝෂන් (Leap motion)

ලීප් මෝෂන් කියන්නේ සාමාන්‍ය මවුස් එකක් හෝ කී බෝඩ් (key board) එකකටත් වඩා පහසුවෙන් touch screen එකකටත් වඩා වේගයෙන් computer එක හා සම්බන්ධ විය හැකි තාක්ෂණයක්,...

අලුත් අවුරුදු කෑම මේසයට අලුත් විදිහේ කෑම ටිකක් හදමු

අලුත් අවුරුදු කෑම මේසේ අලුත් විදිහට සරසන්න අපි අද ඔයාලට කියල දෙන්නේ රසම රස කෑම වර්ග කිහිපයක් සාදන ආකාරයයි. ඩෝනට් අවශ්‍ය ද්‍රව්‍ය බේකින් පවුඩර් 550g සීනි 50g ඊස්ට් 10g ලුණු...

ලිංගිකව එක්වීමට ඇති අකමැත්ත සැකයට මුලික හේතුවේද ?

දෙන්නෙක් අතර විවාහ සම්බන්ධතාවක් ඇති වන්නේ දෙදෙනා අතර ජිවිත කාලය තුල දැඩි බැඳීමක්, විශ්වාසයක් සහ එකඟතාවයක් ඇතිව ජිවත් වීමේ අරමුණින්. නමුත් දැන් සමාජයේ බොහෝ...

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි...

මේ මගේ කතාව – 05 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ ( Girl ) මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත්...

බ්‍රිතානයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යලි දිවයිනට ගෙන්වයි

මෙරට රජයෙන් කල කැඳවීමක් අනුව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියා. ඔහුව මෙලෙස ලංකාවට කැඳවා ඇත්තේ...