Saturday, April 20, 2024

Top 5 This Week

Related Posts

ඔබත් එන්න අපිත් එක්ක බයිසිකල් පදින්න

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංසදය ( sri lanka united nationalities friendship organisation) සංවිධානය කරන බයිසිකල් සවාරිය මේ මස 14 වැනි දින උදෑසන 8.00ට විහාරමහාදේවී උද්‍යානය අභියස දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
වාහන භාවිතය හේතුවෙන් දිනෙන් දිනම සිදුවන දැඩි වායුගෝලීය දූෂණය පිළිබඳව තරුණ ප්‍රජාවගේ අවදානය යොමු කිරීමත් තිරසර සංවර්ධනයක් කරා යන ගමනේ දී පාරිසරික වටිනාකම් රැකගෙන ඉදිරියට යෑමේ අත්‍යවශ්‍යතාව තරුණ ප්‍රජාවට දැනුවත් කිරීමත් අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම පාපැදි සවාරිය විශේෂයෙන් නීරෝගී තරුණ ප්‍රජාවක් යහපත් හෙට දවසක් වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.
දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම තරුණ ප්‍රජාව නියෝජනය කරමින් මෙම සවාරියට 300කට අධික පිරිසක් මේවන විටත් සහභාගීවීමට ලියාපදිංචි වී ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.
මෙම බයිසිකල් සවාරියට වයස් භේදයකින් තොරව සෑම අයකුටම සහභාගී විය හැකි අතර තමන් සතු බයිසිකලයෙන් එදිනට විහාරමහාදේවී උද්‍යානය වෙත පැමිණෙන ලෙස සංවිධායකවරු සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙත විවෘත ආරාධනාවක් ද කර සිටී.
එදිනට සහභාගීවන සියලු දෙනාහට ජාත්‍යන්තර පිළිගත් වටිනා සහතියකයක් පිරිනැමීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
https://thewoman.lk වෙබ් අඩවිය මෙහි ප්‍රධාන මාධ්‍යදායකත්වය සපයයි.

Popular Articles