Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

පළමු රන්දෝළි පෙරහර අද

මහනුවර ශ‍්‍රී දළඳා මාලිගාවේ 2019 ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙන බව මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල පවසයි.

ඔහු සඳහන් කළේ රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත බවය.

ඊට සමගාමීව විශේෂ පෙරහර ගමන් මාර්ගයක් ද ක්‍රියාත්මක අතර පෙරහර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර එළඹෙන 14 වනදා රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.

පසුදා අලුයම ඓතිහාසික ගැටඹේ තොටුපොළේ දී දිය කැපීමේ චාරිත‍්‍රයෙන් අනතුරුව 2019 මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙනු ඇත.

Popular Articles