ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට ගෙන ඒමට සැරසී සිටිය දී ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් තාවකාලිකව එම පිටුවහල් කිරීම අත්හිටු වීමට නියෝගයෙන් කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ කොන්සර්වේටිව් රජය මෙම දෙමළ පවුල මෙල්බර්න් හි සංක්‍රමණික රැඳවුම් කඳවුරෙන් රැගෙන ගොස් ගුවන් යානයක දමා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඊයේ (29) කටයුතු කර ඇත.
නමුත් හෙදර් රයිලි නම් ෆෙඩරල් විනිසුරුගේ දුරකථන ඇමතුමකින් ගුවන් යානය ගුවන් ගතවීම වහා නවතා මෙම පවුල පිටුවහල් කිරීමෙන් වළකා එම පවුල ඔස්ට්‍රේලියාවේ ඩාවින්හි යළි පදිංචි කරන ලෙසට නියෝග කර ඇත.
සරණාගතභාවය පතා මෙම දෙමව්පියන් 2012 සහ 2013 දී වෙනම බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට පැමිණ තිබිණි.
ඔවුන්ගේ දියණියන් වන කොපිකා (වයස අවුරුදු හතර) සහ තරුනික්කා, (වයස අවුරුදු දෙකකි) උපත ලබා ඇත්තේ මෙලෙස සංක්‍රමණය වූ පසු ඕස්ට්‍රේලියාවේදීයි. කිසි විටෙකත් ශ්‍රී ලංකාවට නොපැමිණි නමුත් ඔවුන් දෙදෙනාට උපතින් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයිතියක් හිමි වී නැත. මේ පිටුවහල් කිරීම සම්බන්ධව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් කියා සිටියේ මේ පවුල සරණාගතයින් නොවන බවත් ඕස්ට්‍රේලියානු ආරක්ෂාව ලැබීමට සුදුසු නැති බවත්ය.
“ඔවුන් මෙහි පැමිණියේ බෝට්ටුවෙන්. ඔවුන් සරණාගතයින් නොවන බව පිළිගැනීමට මම කැමතියි, ඔවුන්ට අපේ රටෙන් ආරක්ෂාව ලැබිය යුතු නැහැ” යැයි මේ සම්බන්ධව සිය අදහස් දක්වමින් ඩටන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබිණි.
ශ්‍රී ලංකාවේ දී ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් සිදුවිය හැකි බව මේ පිටුවහල් කිරීමට එරෙහිව අදහස් දක්වමින් එරට දෙමළ සරණාගත කවුන්සිලයේ ප්‍රකාශක අරන් මයිල්වගනම් පවසා තිබුණි.
මේ සිදුවීම එරට දේශපාලනික ලැව් ගින්නක් කරා ඇදී යෑමට එතරම් කාලයක් ගත නොවූ අතර මේ සම්බන්ධව විවිධ පාර්ශ්වයන් සිය විරෝධය ඉදිරිපත් කිරීමට පෙළ ගැසුණි.
මවගේ තාවකාලික වීසා බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු පසුගිය මාර්තු මාසයේදී මේ පවුල ආගමන රැඳවුම් භාරයට ගෙන තිබිණි.
 “ඔවුන්ට නවතින්න ඉඩ දෙන්න” යනුවෙන් හඬ නඟමින් ‍විරෝධතාකරුවන් දුසිම් ගනනක් උසාවියෙන් පිටත රැස්වූයේ මේ පිළිබඳව අධිකරණ විභාගය සිදුවෙමින් පවතිද්දීය.
මේ පිටුවහල් කිරීමට විරුද්ධව රට පුරා මතයක් ගොඩනැගෙමින් පවතින වාතාවරණයක් නිර්මාණය වෙමින් පැවතෙද්දී එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ක්‍රිස්ටිනා කෙනාලි විසින් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගෙන්  ඊට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරන ලදි.
කෙසේවෙතත් අවසානයේ මෙම පිටුවහල් කිරීම වහා අත්හිටුවීමට එරට අධිකරණය කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

මේ සතිය ඔබට

මේෂ ව්‍යාපාර වලින් ලාභ බුධ දහවැන්නේ ගමන් කිරීම ඉතා යහපත්ය. ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභ ප්‍රමාණයක් බලාපොරොත්තු වීමට පුළුවන. බලවත් පුද්ගලයින්ගේ උදවු උපකාර ලැබිය හැක.ජනප්‍රියතාවය වැඩිවෙයි....

ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western concept එකක් ද

අපි නිරතුරුවම ඔබ වෙත ගෙනෙනවා සාර්ථක කාන්තාවන් ( women ) පිලිබඳ සහ ඔවුන්ගේ ජිවිත කතාව පිළිබඳව. ඇය නමින් ආචාර්ය අනුෂා එදිරිසිංහ. මෙවර thewoman.lk අපි...

ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව

ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම...

කහ සිවුරට පණ පෙවූ අමාවකය

සත්‍ය කාතාවක් පදනම් කරගෙන ගොතන ලද්දකි.... මාතෘත්වය වනාහි ජීවයාගේ ජීවන කතා මන්සලේ ලෙන්ගතුම නවාතැන වුවද.., සමහරෙකුට ඒ ආත්මීය බැදීම පාපී හමුවීමකි.., එවන් අකල් ජීවන රගමඩලයන්ගේ මා සමාව...

දුවරු ගැන වෙනස් විදිහකට හිතමුද?

සතුටු පවුල සංවර්ධනය සඳහා දුවරු ඇති දෙමව්පියන්ට, ඔබ තම දියණියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? තීරණ ගැනීමට එඩිතර නැති පෞර්ෂයෙන් අඩු කෙනෙකු වීමද? එහෙම උනොත්, සමාජයේ නායකත්වයට පත්...

මංගල සීනු

මැයි මාසේ හඳුන්වන්නේ මංගල මාසේ හැටියට. වැඩිපුරම ආදරවන්තයන් විවාහ වෙන්න තෝරගන්නේ මැයි මාසේ. කාගෙත් කතා බහට ලක් වුණු රාජකීය පෙම්වතුන් යුවල "හැරී - මෝගන්"...

ගැබ් ගැනීම් ගැන ඔබ දැනුවත්ද

අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා තමන්ගේ සතුට අහිමි කර ගන්නේ නැතුව සතුට උපරිම ලෙස විඳ ගන්නේ කෙසේද? අප රටේ පවතින සංස්කෘතිය අනුව සමාජයේ දැනුම,ආකල්ප හා හැසිරීම්...

මේ මගේ කතාවයි – 10 කොටස ( අවසාන කොටස )

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 3 කොටස

පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...