ගෑනියෙක්ට මායං 64ක් තියෙනවලු. වෙන්නත් ඇති. සමහරවිට ඊට වැඩියෙනුත් ඇති. නරකමත් නෑ නේද? ඇත්තට ම මායං තියෙන එකේ වැරැද්දක් නෑ. මායං දාන එකේ වැරැද්දකුත් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ මායං දාන්නෙ කාටද කියන එකෙයි.

නිකම් හිතලා බලන්න. කොටට හිරට ඇඳලා, ගස්සලා පද්දලා යන cat walk එක, පාට ගාපු තොල් අස්සෙන් දත් 32 ම පෙන්නලා දෙන ආදරේ හිතෙන මල් හිනාව, ඒ විතරක්ද ඇදලාපැදලා තාලෙට කියන හුරතල් වචන… මේ හැම දෙයක් ම කා වෙනුවෙන්ද? හැමදාම වගේ කෝච්චියෙදි, බස් එකේදි, එහෙමත් නැත්නම් ඔෆිස් එකේදි හම්බවෙන කිසිම නෑකමක්, හැඟීමක්, බැඳීමක් නැති කොහෙවත් යන පිරිමි පරාණයක් වෙනුවෙන් නෙවෙයිද? එහෙම නැතුව ජීවිතේ හැම දුකක් කරදරයක් ම බෙදාගන්න පොරොන්දු දීලා, එක වහලක් යටට වුණු ඔයාගෙ ම හස්බන්ඩ් එක්ක ආදරෙන් හිනාවෙන්න වුවමනාවක්වත් වෙලාවක්වත් තියෙනවද? ඉස්සර වගේ තාමත් මං ඔයාට ආදරෙයි කියලා කියන්න, කව්රු නැතත් ඔයාට මං ඉන්නවා කියලා කියන්න ඔය දිව නැවෙනවද?  සමහරවිට එයා කතා කරනකොටත් ඔයාට දිරවන්නෙ නැතුව ඇති. ඇයි ඒ? සමහරවිට එයා ඔයාට අයිතිවෙලා ඉවර නිසා වෙන්න ඇති. එහෙම තමයි. ඕන ම දෙයක් ගැන තද වුවමනාවක් වගේ ම වටිනාකම්ක් දැනෙන්නෙ ඒ දේ තමන්ට ම අයිති කරගන්නකම් විතරයි. ආයෙමත් ඒ වුවමනාව, ඒ වටිනාකම ඒ විදිහට ම දැනෙන්න නම් ඒ දේ නැතිවෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් නැති වෙන්න ළං වෙන්න ඕනෙ.

 

මනුස්සයව රැකගන්න

හැබැයි  එකක් මතක තියාගන්න. මොන විදිහකින් හරි ඔයාට ඔයාගෙ හස්බන්ඩ්ව මඟහැරුණොත් එයාව අල්ලගන්න නම් ඕනතරම් අය ඉඳීවි. ඔයාගෙන් නොලැබෙන ආදරේ, සැලකිල්ල වගේ ම පහස ලබාදෙන්න ලෑස්ති අය මඟතොටේදි, බස් එකේදි, කෝච්චියෙදි වගේ ම වැඩපළේදිත් ඕනතරම් මුණගැහේවි. හැබැයි ඔයාගෙ ම වරදින් හස්බන්ඩ් අයාලෙ ගියොත් ආයෙ වෙන කාටවත් දොස් කියන්නත් එපා. පිරිමියෙක් ඇතිකරන්න වගේ ම නැති කරන්නත් ගෑනියෙක්ට තියෙන්නෙ සහජ හැකියාවක්. පිරිමියා දඩාවතේ යන ගොඩක් තැන්වලදි කසාද ගැහැනියත් ඒකට වගකියන්න ඕනෙ. ඔයා හරි උනන්දුවෙන් පිට පිරිමියෙක් ඉස්සරහාපිට දන්න මායං ඔක්කෝම දානකොට ඔයාගෙ ම හස්බන්ඩ් තවත් ගෑනියෙක්ගෙ මායං ඉස්සරහා සිල් බිඳගන්නවා වෙන්නත් පුළුවන්. ඒකයි කියන්නෙ ගෑනියෙක් මායං දාන්න ඕනෙ රටේ ම ඉන්න මිනිස්සු දැලේ දාගන්න නෙවෙයි තමන්ගෙ මනුස්සයව රැකගන්න.

ජීවිතේ බොහොම දුක්මහන්සියෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් ළඟා කරගන්න ඕන හැම දෙයක් ම, හරි ම ලේසියෙන් ළං කරගන්න පුළුවන් ෂෝට් කට් එකක් විදිහට තමයි සමහරු මායං පාවිච්චි කරන්නෙ.දේපළ, මිලමුදල්, ප්‍රසිද්ධිය වගේ ගොඩක් දේවල් ලබාගන්න හිතාගෙන, දන්න සෙල්ලං දාලා ලොකු අතු අල්ලගන්න උදවිය හිටි හැටියෙ කඩන් වැටෙන්නෙ හිතාගන්නවත් බැරිතරම් ඉක්මනට.

බාල්දු වචේචි ගෑනු මායං

එක ගෑනියෙක් එළවළුමාළු ටිකක් වැඩිපුර ගන්න කඩේ මුදලාලියා ඉස්සරහා මායං දානවා. තවත් ගෑනියෙක් මනුස්සයා ගෙදර නැති වෙලාවෙට ටයිම් පාස් කරන්න අල්ලපු ගෙදර මිනිහට මායං දානවා. ඒ අස්සෙ තවත් ගෑනියෙක් රස්සාවක් හොයාගන්න ගමේ හයිකාරයෙක් බලලා දන්න මායම් ඔක්කොම දානවා. රස්සාවල් තියෙන ගෑනු ලොකුලොකු ප්‍රමෝෂන් ගහන්න හිතාගෙන, ලොක්කො ඉස්සරහ අනන්තවත් නිරුවත් වෙනවා. ගෑනු මායං අද ඒ තරමට ම බාල්දු වෙලා. හැබැයි ඉතින් සීමාව පන්නලා මායං දාන්න ගිහිං නැති කරදරවල පැටලෙන්න වුණාම නම් කරගත්තු ගොන්කන්වලට පිළියම් හොයන එකත් ලෙසිවෙන එකක් නෑ.

මේ මායං හරියට ගෑනු ඔබේ අනන්‍යතාවයේ සංකේතයක් වගේ. හැබැයි ඉතින් මායං තියෙන්නෙ ගෑනු ළඟ විතරක් නම් නෙවෙයි. පිරිමින්ගෙ මායං ගැන කව්රුවත් කතා කරන්නෙ නැත්තෙ තාම කාටවත් ඒවා ගැනගන්න බැරිවෙලා වෙන්න ඇති.

කොහොම වුණත් මායං නරක නෑ. හැබැයි හරි විදිහට පාවිච්චි කරන්න. හරි තැනදි, හරි වෙලාවෙ, හරි කෙනාට. එහෙම නැතුව හැම තැනදි ම, හැම වෙලාවෙ ම,  හැම කෙනාට ම දාන්න ගිහින් ගෑනු මායං බාල්දු කරන්න එපා.

මායං දාන්නේ කාටද

මායමක් වුණත් දාන්න ඕනෙ ඔයාට වටින කෙනෙක් වෙනුවෙන්. ඔයාට දැනෙන, ඔයාව දැනෙන, ඔයා ආදරේ කරන වගේ ම ජීවිතේ බෙදාගන්න පුළුවන් සුවිශේෂී කෙනෙක් වෙනුවෙන්. එහෙම නැතුව ආවටගියාට හැමෝටම මායං දාන්න ගියෝතින් නම් ඔයාගෙ මායංවලට වටිනාකමක් නැතිවෙනවා විතරක් නෙවෙයි හැමෝගෙම ඇස් ඉස්සරහාපිට ඔයාගෙ කොලිටි එකත් බහිනවා.

මිහිරි කාංචනා

 

64 බාල්දු කරගන්න නං එපා

වීදුරු කුටියක සිට ඇසිපිය හෙලන මියගිය මනාලිය “පැස්කුලීටා”

වීදුරු කුටියක සිට ඇසිපිය හෙලන මියගිය මනාලිය “පැස්කුලීටා”..... “මළකුණු මනාලිය” එහෙමත් නැතිනම් “මමීකෘත මනාලිය” කිව්වම බොහෝ දෙනෙකුට විමතියක් දැනෙන්නට පුලුවන්. නමුත් එවැන්නියක් සිටිනවා කිව්වොත් ඔබ...

Jumanji: Welcome to the Jungle Story

පාසැල් දරුවන් 4දෙනෙකු හා පැරණි වීඩියෝ ක්‍රීඩාවක් අතර සිදුවන අපුර්ව සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියකි Jumanji. වීඩියෝ ක්‍රීඩාවේ සිසුවන සිදුවීම් සැබෑවටම සිදුවන සිදුවීම් වන...

කෝමාරිකා වල විශ්මිත රහස්

කෝමාරිකා වල බොහෝ ප්‍රයෝජන ඇත. රුපලාවන්‍යට මෙන්ම සෞඛ්යය අතින් ද බොහෝ ප්‍රයෝජන පවතී. කෝමාරිකා යුෂද ඉතා වැදගත් පානයක්. පානයක් ලෙසද ආහාරයක් ලෙසද ඖෂදයක් ලෙසද...

සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා

විලාසිතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස, අත්දැකීම්, පාරම්පරික උරුමය, අනුව ව්දිහිටි හා යොවුන් පරපුර විලාසිත කරන අකාරය වෙනස් වේ. නමුත් සංස්කෘතික වටිනාකමක් ඇති ඇඳුම්...

ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක්

ඔබ කුමන වයසක වූවත් අපේ කාන්තාවන්, (women) ගැහැණු (girls) ළමයින් නිසි ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් ඔබෙන් ගිලිහී ගිය තාරුණ්‍ය යළි ප්‍රතිනිර්මාණය කළ හැකි වීම ඔබේ සතුට...

එදිනෙදා ජීවිතයේදී බර අඩු කර ගැනීමට උපකාර වන tips 12 ක්

තරබාරු කාන්තා ඔබට , සමහර විට ගෙදර දොරේ වැඩ කටයුතු එක්ක බර අඩු කර ගැනීමට ව්‍යායාම කිරීමට පවා කාලය අඩු ඇති . එත් කාලය...

සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ...

ජාතික වනෝද්‍යානය නරඹා අතේ ඇති මුදලට සතුටු වෙන්න එන්න උඩවලව Happy elephant resort

දෙස් විදෙස් සංචාරකයන් වසර පුරාම දැක ගත හැකි සංචාරක ප්‍රදේශයන් අතුරින් උඩවලව ප්‍රදේශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. උඩවලව ජාතික උද්‍යානය, ඇත් අතුරු සෙවණ, රිදීගම...

ශ්‍රී දේවිගේ මරණය අභිරහසක් වෙයි

ශ්‍රී දේවිගේ මරණය හෘර්දයාබධයක් නිසා සිදු වුවක් බවට ඊයේ දිනයේ එරට මාධ්‍යන් ඔස්සේ වාර්තා කරනු ලැබුවා. එත් අද වන විට ඩුබායි සෞඛය අමාත්යංශය මඟින්...