ඔබ දන්නවා කාන්තාවක් වුණා ම තමන්ගෙ ශරීරයේ හැඩය වගේ ම සුන්දරත්වය ගැන පුදුමාකාර උනන්දුවක් දක්වනවා. ඒ නිසා ම ඒ අය ඇඳුම්පැළඳුම් පවා තෝරාගන්නේ විශේෂ සැලකිල්ලකින්. ඇත්තෙන් ම උඩ ඇඳුම් විතරක් නෙවෙයි යට ඇඳුම් පවා තෝර ගද්දි ඒ අය ගොඩක් කරුණු කාරණා ගැන සැලකිලිමත්. ඒ දක්වන සැලකිලිමත්බව හින්දා ම යට ඇඳුමක් මිලදී ගන්න, පාවිච්චි කරන්න යද්දි වෛද්‍ය උපදෙස්, වෙළෙඳ දැන්වීම් විතරක් නෙවෙයි එක එක කට කතා වගේ ම එකිනෙකාගේ මතිමතාන්තරත් ඔළුවෙ පුරවගෙන ඒවා fallow කරන්නත් සමහරු පොඩි try එකක් දෙනවයි කියන එකේ වැරැද්දක් නෑ මං හිතන්නෙ.

ඔන්න ඔය විදිහට ම තමයි හිටිහැටියෙ මෙ no bra ට්‍රෙන්ඩ් එක ආවෙත්. යුරෝපීය රටවලින් පටන් අරගත්තු මේ රැල්ල නිසා රටරටවල කාන්තාවන් bra එකක් අඳින්නැතුව යන්න පටන් ගත්තා. ඒකට හේතු වුණේ; bra එකක් අඳින එකෙන් පියයුරු පිළිකා අවදානම වැඩි වෙනවා, පියයුරුවල ගැටිති ඇතිවෙන්න පටන් ගන්නවා වගේ තැනින්තැන මතුවුණ මතිමන්තාන්තර. මේ no bra ට්‍රෙන්ඩ් එක දිගට යන්න පටන් ගත්තම ලංකාවෙ පවා සමහර හයි ක්ලාස් ෆැමිලීස්වල පොෂ් ලේඩීස්ලා bra එකක් අඳින එක නතර කරන්න පටන් ගත්තා.

මේ no bra ට්‍රෙන්ඩ් එක කොයිතරම් දරුණුවට ගියාද කියනවා නම් අන්තිමේ දි no bra day එකක් පවා ආවා. සමහරු bra එක වෙනුවට ස්ටිකර් එකක් විතරක් පාවිච්චි කළා. නිවසේදී… රාත්‍රී කාලයේ දී යට ඇඳුම්වලින් හිර කරගෙන ඉන්නෙ නැතුව ඔබේ ශරීරයට නිදහසක් දුන්නට කමක් නෑ. ඒත් හැම වෙලාවක ම නම් නෙවෙයි. කොහොමටත් bra එකක් අඳින එකෙන් පියයුරු පිළිකා අවදානම වැඩි වෙනවා, පියයුරුවල ගැටිති ඇති වෙනවා කියලා බොහෝ දෙනෙක් හිතුවට, පිළිගත්තට… ඒ නිසා ම bra එකක් අඳින එක ප්‍රතික්ෂේප කළාට ඒ කියන කරුණුකාරණාවල වෛද්‍ය විද්‍යාත්මක ව නම් කිසි ම සත්‍යතාවයක් නෑයි කියන එක පැහැදිලිව ම කියන්න ඕන. කිසි ම ඩොක්ටර් කෙනෙක් කියන්නෙ නෑ bra එකක් ඇන්දම පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවයි කියලා. ඒ වගේ ම කිසි ම ඩොක්ටර් කෙනෙක් කියන්නෙ නෑ bra එකක් අඳින එකෙන් පියයුරවල ගැටිති හටගන්නවයි කියලා.

වෛද්‍ය විද්‍යාත්මක ව bra එකක් ඇඳීමේ අවශ්‍යතාවය පෙන්වලා දෙන්නෙ නෑ වගේ ම නොඇඳ ඉන්න කියලා කියන්නෙත් නෑ. ඒ කොහොම වුණත් ගල් යුගයෙන් ගැලවිලා අපි ශිෂ්ටාචාරගත වෙන්න පටන්ගත්තු ගමනෙ; මිනිස්සු කොලඅතු, සත්ත්ව හම්, රෙදිවලින් විලි වහගන්න පටන් ගත්තයින් පස්සෙ කාන්තාවන් පියයුරු ආවරණය කරන එක එහෙම නැත්නම් තනපට පාවිච්චි කරන එක පුරුද්දක් වුණා. ඒ පුරුද්ද කාන්තා ලාලිත්‍යයකින් පිරුණු ශරීරයකට අරගෙන ආවේ අපූර්ව සුන්දරත්වයක්. ඒ කාලෙ වගේ නෙවෙයි දැන්.

වෙළෙඳපළේ තියෙන තරගකාරීත්වය නිසා ම එක එක බ්‍රෑන්ඩ්වලින්, එක එක මිලගණන් යටතෙ, නොයෙක් විදිහෙ විලාසිතාවලින් යට ඇඳුම් මිලදී ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වුණත් ඕන ම යට ඇඳුමක් අපි මිලදී ගනිද්දි වගේ ම පාවිච්චි කරද්දි ඒකේ පිරිසිදුකම වගේ ම ප්‍රමිතිය ගැන සැලකිලිමත් නොවුණොත් නම් ඉතින් ඔය එක එක ලෙඩරෝගවලට ගොදුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ම හොඳින් මතක තියාගන්න ඔබ මිලදීගන්න එහෙමත් නැත්නම් ඔබ පාවිච්චි කරන යට ඇඳුම මිල අධික බ්‍රෑන්ඩඩ් එකක් වෙන්න නෙවෙයි ඕනෙ, නිසි ප්‍රමිතියකින් යුතු, ඔබේ ශරීරයට ගැලපෙන, ඔබේ ශරීරයට සුවපහසු සහ ශරීරයේ හැඩය ආරක්ෂා කරන යට ඇඳුමක් වෙන්නයි ඕනෙ කියන දේ. කොහොමත් කාන්තාවන්ට පියයුරු සම්බන්ධයෙන් තියෙන ගැටලුවට; ඒ කියන්නේ පියයුරු පිළිකා… පියයුරුවල ගැටිති හටගැනීම වගේ දේවලට bra එකක් අඳින එක වාරණය කිරීම නම් විසඳුමක් විදිහට දකින්න බෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.

ඔබ bra එකක් පාවිච්චි කරද්දි

  1. BRALETTES
  2. Body suits
  3. Sports bras වගේ ඒවායෙන් තෝරගත්තොත් ඔබේ ගැටලුවලින් යම් තරමකට මිදෙන්න පුළුවන්කමක් ලැබෙයි. කොහොම වුණත් කවුරු මොන දේ කිව්වත් ඔබ වෙනුවෙන් ඔබ ම සැලකිලිමත් වෙන්න. එයයි කළ යුතු ම දේ.

Bra එකෙන් පියයුරු පිළිකා ඇති වෙනවද

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද

ඔබ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ( business ) ආරම්භ කිරීමට සුදානමින් සිටිනවා නම් ඒ සඳහා සැලැස්මක් සහ ප්‍රාග්ධනයක් ඇතිව පටන් ගැනීම ඥානවන්ත ක්‍රියාවකි. ලෝකය පුරා...

තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු...

Facebook ඉන්න අම්මලාටයි

මුහුණු පොත එහෙමත් නැත්නම් Facebook කියන්නේ අද අතිශය ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යක්. ඒ විතරක් නෙමෙයි ජිවිතයට නැතුවම බැරි අංගයක් වෙලා. බටහිර ජාතින් මෙවැනි දියුණු තාක්ෂණික...

සුළු අපනයන භෝග හඳුනා ගමු

අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග වන්නේ තේ, පොල්, රබර් ය .මේ ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු...

සමාජයේ තියරි

කොල්ලො අනිවාර්යෙන් කියවල පලයන්...කෙල්ලොත් කියවහන්..     Facebook එකේ උඩට පල්ලෙහාට යන වේලවක මට මේ photo එක හම්බවුනා ... නිකමට වගේ මේකෙ දාල තිබ්බ කමේට් මම කියෙවුව...

ගෙදරදීම වට්ටක්කා පෝච්චියක පැල කරගමු

කඩෙන් එළවලු ගන්න ඔයාට රසායනික ද්‍රව්‍ය වලින් තොර ගෙදරදීම වට්ටක්කා පළකරගන්න ආකාරයයි අද අපි ඔබට කියලා දෙන්නේ?   https://youtu.be/ctsw279ITss    

ආසියාවම හොල්ලපු ධම්මික පෙරේරාගේ සුපිරි කාර් එක

ලංකාවේ කෝටිපතියන් අතර පළමු තැන හිමිකරගන්නා ධනවත්ම වෙළඳ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා සුපිරි කාර් එකක් ලංකාවට ගෙන්නලා තියනවා. එහි වටිනාකම රුපියල් මිලියන 160ක්. Bentley...

අත්වැල ගිලිහී – 02 කොටස

මිස් ශානිකා නොහොත් විරූපිකා. මට මේ ලෝකේ පේන්නම බැරි ගෑණු චරිතේ. එයා යටගිය දවස බරණැස් නුවර කාලේ ඉඳන් මගේ තාත්තා ගැන hopes තියන් ඉන්නවා....

සමුද්‍ර සමග beauty

අපි makeup භාවිතා කරනකොට අපි නොදැනුවත්ම අපේ අතින් වැරදි රාශියක්ම සිදුවනවා. ඉතින් අපි අද කතා කරන්නේ makeup වැරදි ගැනයි. 01 makeup එකක් තෝරාගන්නේ කොහොමද? අපි මුලින්ම අපට තිබෙන...