කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ළමයෙක් වෙනවා. ඊට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹේ ඇඟ හැදිලා හමේ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා.
උඹ පාරෙ බැහැලා යද්දි වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන් කතා කරන්නෙ උඹෙ ලස්සන ඇඟ ඇඳගෙන යන ඇඳුම ගැනමයි.
ඒ ඇරෙන්න උන්ට වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ.
උඹ උන් ළඟින් යනකොට කාටත් නෑහෙන්න උඹට විතරක් ඇහෙන්න ”ඔයා මාර ලස්සනයිනේ සුදු ” මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්.
අපි ඒකට පට්ටයි කියමු.

 

උන්ගෙ කතා ඇහෙන කොට ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක් ඇඟට එනවා.පාරෙ යන්නෙ බිම බලාගෙන.
ඊට පස්සෙ හොටු පෙරාගෙන උඹ පස්සෙ කොල්ලො පෝලිමේ..
උදේට එකෙක් පස්සෙන් එනවා..
හවසට තව එකෙක්.
උඹටත් ඊට වඩා දෙයක් නෑ.
මම තමයි ලස්සනම.(හිතින් හින මවනවා)
කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇඟටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳල උඹ පාරෙ යනකොට.
උඹව දකින කොල්ලො කියන්නෙ “පට්ට කෑල්ලක්..” කියලා.
එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇඳන් ඇවිත් කියලා උඹ දන්නවනම්. උඹ වහ කනවා බං කෙල්ලේ.

ඊට පස්සෙ පංති යනවා කියලා මඟට ආවම උන් අහන්නෙ.
“ඔයාට මාව විස්වාස නැද්ද..?”
“හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද.?”
“අපිට පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න වෙලාවක් නැද්ද.?”
අනේ අහිංසක උඹත් ඒ වචනවලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි..
ඊට පස්සෙ බස් එකක මුල්ලට,බීච් එකෙ ගල් වැටියකට, පාර්ක් එකක ගහක් යටට වෙලා උඹලා උඹලගෙම ලෝකෙ..
උස ශීට් බස් එකට,බිච් එකෙ ගල් තලාවට,පාර්ක් එකේ කුඩේට මුවා වෙලා ඌ උඹව ඉඹින්න ගත්තම උඹටත් මෙලෝ සිහියක් නෑ.
අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවිලා අරූ උඹේ හැට්ටෙ අස්සට අත දාගෙන කරන දෙවල් උඹේ පීදෙන පපුව දිහා වටේ ඉන්න අයගෙ ඇස් දාහක් බලන් ඉන්නේ කියලා උඹ දන්නෙ නෑ..
අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා..
ඒ පහස එක වරක් දැනුනම…පිස්සු වගේ..
කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..

කියපු ගමන් හා..
ඒ පහසට ඒ තරම් කැමති..
පළවෙනි දවසෙ උඹෙ ගෑනුකම ඌ ළඟ දිය වෙනකොට ඒ පුංචි ඇඟට දැනුන අමාරුව.
ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..හැමදාම ඕනි..
ටික දවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ.අවශ්‍යතාව විතරමයි.
එදා සුදු මැණික කියලා කතා කරපු උඹට බැල්ලි,වෙසි,පරට්ටි වැනි ගෞරව නාම ගොඩකින් උප්පැන්න සහතිකෙ ලියන තැනට පත් වෙන්නෙ උඹවත් නොදන්න හේතු හදාගෙන.
රණ්ඩු වෙනවා බැන ගන්නවා.
ඒ අතර මාස දෙකක් මෙන්සස් වෙලා නෑ..අරූට කියන්නත් බයයි…ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා..
යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.
උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් ටෙස්ට් එකක් කරනවා.
උඹලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා.
ටෙස්ට් එක පොසිටිව්.
කොහොමද ගෙදරට කියන්නෙ.
“අයියෙ මම ප්‍රෙග්නන්ට්”
“මම කොහොමද දන්නෙ මගේ කියලා.”
“මාත් එක්ක කිව්ව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?”
“උඹලගෙ අල්ලපු ගෙදර එකත් පස්සෙන් ආවෙ..”
“ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ.”
“අනේ ඇයි ඔහොම..??”
“මේ වදයක් වෙන්න එපා.”
“කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්..” (ඒ යාළුවො )
ඉතිං කොහෙ හරි ඉන්න හොර ඩොකෙක් ළඟට යනවා දරුවා නැති කරන්න..
ඒක නිකන් කුකුල් ෆාම් එක වගේ…දොර ගාවදි වමනෙ යන්න එනවා.. (ඒ තරම් පිරිසිදුයි…

අනේ උඹලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ..
ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ.
දවස් ගානක් යනකොට උණ..
බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි.
අනේ අම්මා බය වෙලා.
එක්කන් යනවා බෙහෙත් ගන්න.
“මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්…ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි..”
“ඒත්” අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න.
“හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න”
“හැබැයි ලක්ෂ පහළවක් යනවා”
“කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම හරි උකස් කරලා සල්ලි ගේන්නම් මහත්තයො..”
අන්න..ඒකයි නංගියෝ කියන්නෙ.
දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න.
ඔන තරම් A/C බස්වල පිටිපස්සෙ සීට් එකෙ, බීච් එකේ පඳුරු අස්සේ, පාර්ක්වල ගස් අස්සෙ ඉන්න තරුණ තරුණියො දැකලා තියනවා ඒ තරම් අශෝභනයි…
අනේ වඳින්නම්….මල්ලියේ කෙල්ලට ආදරෙයි නම් එහෙම හැසිරෙන්න එපා.
පව් බං උන් ගෙ දෙමව්පියො.
උන් ඒ්කිව හැදුවෙ දෙවාලෙ බිල්ලට දෙන කුකුළා,එළුවා වගෙ ⁣ලමිස්සියෙක් වුණාම උඹෙ බිලි පූජාවට දෙන්න නෙවෙයි.
තෙරුම් ගනින්..ආදරේ කරපන්..මාල හත දාලා පෝරුවක නග්ගලා පිළිවෙළකට කැන්දන් වරෙන්..
ඒ් හැමදෙටම කලින් හොඳට ඉගනගෙන හොඳ රස්සාවක් කරපන්.නැත්තන් ඒ්කි එක්ක අතිනුයි කටිනුයි පැටවු ටිකත් එල්ලන් පාරේ හිඟා කන්න වෙයි.
සමහර අයට රිදෙයි.
සමහර අය ස්තුති කරයි.
තවත් සමහරු තරහවෙයි.
ඒත් මට ඒවා අදාලම නෑ.
හැදෙන එකෙක් හරි ඉන්නවනම් එක වචනයක් හරි හිතට අරන් හැදියන්.

පුෂ්පා අධිකාරී

කොල්ලන්ට රිදෙන කෙල්ලන්ට ඇඬෙන ඇත්තම කතාව

අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්

මොනවා හරි වැදගත් දෙයක් පොතක, පත්තරයක තිබුනිත් එක පිටපත් කරගන පුළුවන් හොදම හා ඉක්මන්ම විදිහ තමයි ස්කෑන් කරගැනීම. එකට ඉතින් ෆොටෝකොපි ෂොප් එකකටම යන්න...

ඇයි අපි ව්‍යායාම් කල යුත්තේ

පමණට වඩා ආහාර ගැනීම සහ සෞඛ්‍ය තත්වය පිරිහීමට හේතු වන්නේ ස්වභාවික අන්දමේ ව්‍යායාම නොලැබීමයි. තම ශරීර සෞඛ්‍ය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට නම් ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය...

HIV රෝගීන් සමාජයෙන් කොන් කළ යුතුද

HIV එහෙමත් නැත්නම් AIDS ගැන සමාජ කතිකාවතක් ඇති වූයේ 90 දශකයේදීය. මුල් කාලයේ මේ පිළිබඳව එතරම් දැනුමක් සමාජය තුළ නොවූ අතර රෝග ව්‍යප්තිය සිදුවන...

පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්

කාන්තාවන්ට වැළදෙන රෝග වලින් වඩාත් භයානක රෝගයක් තමයි පියයුරු පිළිකා කියන්නේ. ස්ත්‍රී රුපය ඔප් නංවන්නට හේතු වන සුන්දර පියයුරු යුගල රැක ගන්නට උපකාරී වන...

මොකක්ද මේ පුරවැසි මාධ්‍යකරණය

පුරවැසි මාධ්‍යකරණය යනු වෘත්තීය ජනමාධ්‍යවේදීන් පුහුණු නොවූ පුද්ගලයන් විසින් ප්‍රවෘත්ති සහ තොරතුරු එකතු කිරීමත්, ලිවීමත්, සංස්කරණය කිරීමත්, නිෂ්පාදනය කිරීමත් හා බෙදාහරිමත් ලෙස සලකණු ලබයි. පුරවැසි...

L T T E විසින් හැංගු රත්‍රන් තොගය සෙවූ නිලධාරීන්ට ලැබුණු දේ

එල් ටි ටි සංවිධානය විසින් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ දින (20)...

ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්

උදසනින්ම පැමිණ කාර්‍යලයේ වැඩ පටන් ගන්න නම් ප්‍රබෝධමත් බවක් තිබිය යුතුමයි. ඒ ප්‍රබෝධමත් බවට කාර්‍යලයේ මෙන්ම ඔබ සිටින ස්ථානයේ පිළිවෙලක් අත්‍යවශ්‍යම කරුණක්. ප්‍රබෝධමත්ව කාර්‍යලයේ...

කොපි වලින් හැඩ වෙන්න ඔයත් කැමති ද

කෝපි (coffee) කියන්නේ අපේ රටේ හුගාක් දෙනා කැමති පානයක් (drink). අපේ රටේ විතරක්ම නෙමෙයි ලෝකෙම ගත්තත් කොපි(coffee) ජනප්‍රිය පානයක්. මහන්සි වෙච්ච වෙලාවක කොපි (coffee)...

Jumanji: Welcome to the Jungle Story

පාසැල් දරුවන් 4දෙනෙකු හා පැරණි වීඩියෝ ක්‍රීඩාවක් අතර සිදුවන අපුර්ව සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියකි Jumanji. වීඩියෝ ක්‍රීඩාවේ සිසුවන සිදුවීම් සැබෑවටම සිදුවන සිදුවීම් වන...