ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා සපයන්නාන්ගේ ආකල්ප සහ  හැසිරිම් නිසාවෙන් බොහෝවිට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සම්බන්ධ සේවාවලදී ආබාධ සහිත බොහෝවිට අපහසුතාවයට පත්වේ.

” නෑ..නෑ..නෑ…! අපි එයාව බලාගන්නෙ නැහැ…” සෙංගාලයේ ඩාකාර්හි Coumba Ndiaye තම දරුවා ප්‍රසුත කිරීමට රැකවරණය සොයන විට නැවත නැවත  ඇයට අසන්නට ලැබුණු වචන මේවාය.ඇය සෞඛ්‍ය මධ්‍යස්ථාන හතරකට ඇතුළත් වීමට උත්සාහ කළද ඇයට ඒ සියලුම ස්ථානවලින් ප්‍රතික්ෂේප වීමට සිදුවුණේ ඇයගේ ආබාධිතභාවය නිසාවෙනි.ඇය ළමා වියේදීම පෝලියෝ රෝගයට ගොදුරු වු අයෙකි. ඇයගේ ආබාධිතභාවය නිසා දරු ප්‍රසුතිය ඉතා සංකීර්ණ කරන බව බොහෝ ස්ථානවලින් ඇයට ලද පිළිතුර වීය.

අවසානයේ ඇයට තවත් රෝහලකට ඇතුළත් කිරීමට යොමු කළ නමුත් ඇයට එහි පැමිණි වින්නඹු මාතාවක් හදිසියේ පැවසුවේ ඇයව කිසිදු පරීක්ෂා කිරීමක් නොකර සිසේරියන් සැත්කම සඳහා ශල්‍යාගාරය වෙත යොමු කරන බවය.” ඇය මගේ ආබාධිතභාවය දැක්ක නිසා මම ඒ මොහොතේ බය වුණා”. කුම්බා පවසන පරිදි එහිදී වින්නඹු මාතාව සිය ආබාධිතභාවය දෙස බලා ඒ අනුව තීරණ ගෙන ක්‍රියාත්මක වී ඇත.

නමුත් පසුව වින්නඹු මාතාව ඇයට කාරුණික උදව් කළාය.කුම්බා හට බංකුවක් සමඟ ප්‍රසුත ඇඳට නැගිමට ඇය උදව් කළ අතර ඇය ඉන්පසුව රෝහලේ සිටින අනෙකුත් බොහෝ මව්වරුන් සේ සාමාන්‍ය දරු උපතක් සිදු කිරීමට අවශ්‍ය සියලුම උදව් ඇයට හිමිවිය.එය ගෞරවන්විත සෞඛ්‍ය සේවයක් වීය.

නමුත් දරු ප්‍රසුතියෙන් පැයකට පමණ පසුව ඇයව විවේකය සඳහා කාමරය වෙත යාමට පැමිණි හෙදියන් ඇයට ඇඳින් බැසීමට උදව් නොකළ නිසාවෙන් ඇඳෙන් බැසීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කුම්බා බිම ඇඳ වැටි ලේ ගැලීමට පටන් ගත් අතර පසුව ඇය ක්ලාන්ත විය.දින දෙකට පසුව ඇය දැඩි සත්කාර ඒකකයේදී ඇයට සිහිය ලැබිණි.

මෙම සිදුවීම වෙන විට කුම්බාට වයස අවුරුදු 22ක් විය. ඇයගේ මෙම පළමු දරු ප්‍රසුතියෙන් පසුව ප්‍රධාන වින්නඹු මාතාව ඇයට  උපදෙස් දී ඇත්තේ නැවත දරුවෙකු බිහි කිරීමට උත්සාහ නොකර ලෙසය.”ඒ වේලාවේ මම ගොඩාක් ඇඬුවා…”  කුම්බා සුසුම් හෙළමින් මතකාවර්ජනය කළාය.

අද, වසර 22 පසුව කුම්බා, Dakar හී උප නගරයක් වන Pikine හි ආබාධ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදීන සමාජ ක්‍රියාකාරීනියක් සහ නාගරික මන්ත්‍රීවරියකි. නගර සභාවේ අධ්‍යාපනය,පුහුණුව හා ප්‍රාදේශීය භාෂා සඳහා වන කමිටුවේ සභාපති වන ඇය ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය තහවුරු කිරීම සඳහා ක්‍රියාකාරී ලෙස දායක වෙයි. එසේම මහා නගර සභාවේ අන්තර් කොමිසම් සභාවේ කොටසක් ලෙස සෞඛ්‍ය හා ජිවන පරිසරය ඇතුළු එහි අනෙකුත් කොමිසම් සභාවල අබාධිතභාවය සහිත පුද්ගලයන් පිළිබඳව  සැලකිලිමත් වීම සහතික කරමින් ආබාධිත කාන්තාවන් රැකබලා ගැනීම පිළිබඳව ද උපදෙස් සපයයි.

“මම බොහෝ අත්දැකීම් හරහා ජීවත් වූ අයෙක් නිසා මට විශ්වාසයි,මට ආබාධිත කාන්තාවන් වෙනුවෙන් සටන් කරන්න පුළුවන් සහ මට ඒ ගැන ඉහළ බලධාරීන්ගේ අවධානයට යොමු කළ හැකියි.ඒ වගේම, (යමෙක්)  ගැබිණි ආබාධිත කාන්තාවන්ගේ ප්‍රසුතිය සඳහා මට කතා කළහොත්, මම නොමිලේ ම මගේ උපකාර ලබාදීමට ඇයගේ නිවසට යනවා”” කුම්බා පවසයි.

කුම්බාට අනුව ඇයගේ  දරු ප්‍රසුතියෙන් ලද අත්දැකීම් නිසාවෙන් අදටත් ඇයව ක්‍රියාකාරී ලෙස මෙහෙයවයි.ඇය හැකි සෑම විටකම ආබාධිත කාන්තාවන්ගේ දරු ප්‍රසුතියන්වලදී පෞද්ගලික උපකාර කිරීමට පෙළඹි ඇත.ආබාධිත පුද්ගලයන් සම්බන්ධ සංවිධාන සමඟ කටයුතු කරන කුම්නාට නිරන්තරයෙන් ඇයගේ අත්දැකීම් සහිත ආබාධිත කාන්තාවන් ඇයට හමුවේ. ” ප්‍රසව වෛද්‍ය කටයුතු සඳහා සුදානමින් ඉන්න ආබාධිත කාන්තාවකට දරු ප්‍රසුතිය

සඳහා ඇඳට නැගිම තරමක් අපහසුයි.මේ සියලුම කරුණු නිසාවෙන්  ආබාධිත කාන්තාවන් විවාහ වී ගැබ් ගැනීමට බියක් ඇති කරගෙන ඉන්නවා.”

 සෙංගාලය වර්තමානයේ මෙම තත්ත්වය පිළිබඳව යම් ප්‍රගතිශීලී තත්ත්වයක් අත්පත් කරගෙන ඇති නමුත් සමාජයේ පහළ සිට ඉහළට වෙනසක් අවශ්‍යය බවත් ආබාධ සහිත පුද්ගලයන්ගේ සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානවල පහසුකම් ලබා ගැනිමේදී ඒ සඳහා පහසුවෙන් ප්‍රවේශවීමට ඉඩ සැලසිය යුතුය.එසේම  ආබාධිත පුද්ගලයන් සඳහා වන  සාධරණ සහ ගෞරවනිය සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ආයතන සහ සෞඛ්‍ය සේවා සපයන සේවකයන්ට අවශ්‍යය පුහුණුවිම් සැලසිය යුතුයි.එවිට ආබාධිත පුද්ගලයන්  දෙස ඔවුන් බලන ආකාරය වෙනස්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.අවශ්‍යය වන්නේ පුද්ගලයන් මිස ආබාධිතයා දැකීම නොවේ.මේ සඳහා වදගත්ම කරුණක් වන්නේ,ආබාධිත පුද්ගලයන් සමඟ සන්නිවේදනය කිරීමයි. බව කුම්බා අවධාරණය කරයි.

” පියවරෙන් පියවරට ආබාධ සහිත පුද්ගලයන් ද සමාජයේ කොටසක් බව අවධාරණය කිරීම මගේ අරමුණක් ඒ වගේම මගේ සිහිනය වන්නේ  සියලුම ආබාධ සහිත කාන්තාවන්ට දරු ප්‍රසුතියෙදී පහසුවෙන් සහ ගෞරවන්විත සලකන සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත්වීමට අවශ්‍යය වාතාවරණය සැකසීමයි.ඒවගේම දක්ෂ සහ කාරුණික වෛද්‍ය කාර්ය මණ්ඩලයයක් සෑම ආබාධිත කාන්තාවන්ගේම දරු ප්‍රසුතිය සඳහා ලැබුණ විට මම මගේ ඉලක්කයට ලඟා වූ බව කියමි.”

අබාධ සහිත පුද්ගලයන් සඳහා වන සෞඛ්‍ය සමානත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය වාර්තාවේ ඇසුරෙනි.

සටහන  :  රියෝ

කුම්බාගේ කතාව

සිවිල් නීතිය ගැන දන්නවද

අපි සමාජයේ ජිවත් වෙනකොට නීතිය ගැන සාමාන්‍ය දැනීමක් හෝ තිබීම අත්‍යවශය කාරණාවක්. නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා.  අපි අද ලිපි...

වෙනස් වීදිහට කුකුළු මස් කන්න කැමති අයට

අපි හැමදාම කුකුළු මස් කන්නේ කරී චිකන් හදල. එහෙමත් නැත්නම් ඩෙවල් දාලා. ඉතින් හැමදාම එකම විදිහට චිකන් කන්නේ නැතුව වෙනස් විදිහකට චිකන් කන්න කැමති...

ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව

ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා...

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

මනෝවිද්‍යාත්මක උපදේශනය

මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම විෂය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල උප විෂය ක්ෂේත්‍රය ලෙස හඳුනාගත හැකිය. මෙහිදී උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ ගැටළුවකට...

සිත් වසඟයට ගත් වගීෂා

Actress - Wageesha Ishanthi Costume design by - Priyan Bridal House Hair & Makeup - Priyan Bridal House Photography - Dilip Tharanga Retouched - Lasitha Nalisha Editing, reproducing...

Living Together කියන්නේ ආදරයට එහා ගිය බැඳිමක් ද? දසුන්ගේ බිරිඳ හංසි කථා කරයි

https://thewoman.lk අපි නිරන්තරයෙන්ම සමාජය තුල පවතින කාලින මාතෘකා ගැන කතා කරනවා. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ මෑත කාලයේ ගොඩක් කථා බහට ලක්වුණ දෙදෙනෙක් වන ජනප්‍රිය...

ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු

  කොළඹ පුත්තලම මාර්ගයේ 170km පමණ දුරනික් සුන්දර කල්පිටිය වෙරල තිරය පිහිටා තිබෙනවා. පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර් 100ක් පමණ දිගින් යුක්තයි. කලපුවාසී ඩොල්ෆින්...

කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්තිමත් වූ අඹුසැමි යුවලකගේ සත්‍ය කතාවක්

මම නිම්මි. වයස අවුරුදු 34යි. මම විවාහ වෙලා දැනට අවුරුදු 05ක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 04යි, පුතාට අවුරුදු 02යි. දැනට අවුරුද්දකට...