සුබ අළුත් අවුරුද්දක් වේවා!

මම එහෙම ඔයාට සුබ පැතුවට ඔයා ඔයාට සුබ පැතුවද? ඔයා ඔයාට ස්තූතියි කිව්වද? කමක් නෑ තාමත් ඔයා ප්‍රමාද නෑ. අපි අද ඉදන් පටන් ගමු.

අපි අපිට ආදරය කරන හැටි කතා කරන්න, අපිව අපිට පුළුවන් උපරිම තැනට ගෙනියන්න පුරුදු වෙන්න අපි එනවා හැම බ්‍රහස්පතින්දාම “ආදරණීය අද දවස” තුලින්. ඔයාත් එක්ක ඔයාගෙ සිතුවිලි එක්ක කතා කරන්න හැම දවසක්ම ආදරණීය දවසක් කරගන්න එන්න, ඉතින් අපි කතා කරමු. ඉතිං කලින් මම ඇහුව ප්‍රශ්නයම ආයෙ අහන්නම්. ඔයා මේ අළුත් අවුරුද්දෙ හැමටම සුබ පතන්න කලින් ඔයාට ඔයාම සුබ පැතුවද? ඔයා ඔයාට ආදරෙයි කිව්වද? නැත්නම් අපි අද ඉදන් පටන් ගමුද? 2022 අවුරුද්දෙ ඔයාට වුන හොදම දේවල් එක්ක වගේම ඔයාට වුන නරකම දේවල් වලටත් මුහුණ දීලා එදාට වඩා අද හයියට ඉන්න ඔයාව 2023 අවුරුද්ද වෙනකන් අරගෙන ඇවිත් අද දවසෙත් ඔයාව ජීවත් කරවනවට ඔයා ඔයාට ස්තූති කරන්නම ඕනෙ.

ඉස්සර පුංචි දේටත් සැලුන ඔයාව අද ඔය ඉන්න විදියට හුස්ම ගන්න හයිය හිත ඇත්තෙක් කලාට ඔයා ඔයාට ආදරය කරන්න ඕනෙ. වටේ ඉන්න අයට ආදරය බෙදන්න කලින් ඔයා ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වටේ ඉන්න අයට ආදරය බෙදලා දෙන්න. මොකද මේ ලෝකෙ ඔයා ඔයාට ආදරය නොකෙරුවොත් ඔයාට ආදරය කරන්න කවුරුත්ම එන එකක් නෑ. ඒ නිසාම තමයි “Self Love” කියන දේ මේ තරම් වැදගත් වෙන්නෙ.

ඉතින් මේ සුබ අළුත් අවුරුද්දෙ මුල ඉදන්ම ඔයාට පටන් ගන්න පුළුවන්. අපි අපේ අනාගත ඉලක්ක ලැයිස්තුවක් හදලා එතනින් කෙටි කාලීනව හා දිගු කාලීනව ලගා කරගන්න ඕනෙ ඉලක්ක මොනවද කියලා වෙන් වෙන් වශයෙන් ලියාගමු. දැන් ඉදන්ම අපිට පුළුවන් ඒ ඉලක්ක ලගා කරගන්න ඔයා මොනවද කරන්න ඕනෙ කියලත් හොයලා බලලා පටන් ගන්න. හැමදාම උදේට නැගිටලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කණ්ණාඩියෙන් පේන ඔයාට සුබ උදෑසනක් කියලා කණ්ණාඩියෙ ඉන්න ඔයාට ආදරෙයි කියන්න. බලන්න එයා හිනාවෙන ලස්සන. ඔයාට හිතාගන්නවත් බැරි දුරකට ඔබ ඔබව ගෙන යාවී. ඔව් ඔබට පුළුවන්, අනිවාර්යයෙන්ම

මීට ආදරණීය අවේණි

වෘත්තීය මනෝවිද්‍යා උපදේශිකා දේශානි අවේණිකා සියඹලාපිටිය

සුබ අළුත් අවුරුද්දක් වේවා!

හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න

බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න බලා වැළපෙමි නෙළාගනු...

ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා

අද බොහෝ පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට පත් වී ඇත්තේ ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) ඉන්දියානු ටෙලි නාට්‍යයි. මායා මල්හෝත්‍රා කියන්නේ...

සුළං කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට 

ශ්‍රී ලංකාව ලොව ප්‍රකට සොඳුරු රටවල් අතර පෙරමුණේ තිබෙන රටකි. දේශගුණික, කාලගුණික, වෙනස්කම් වලින් සමන්විත සොබාදහමේ අපුරු දසුන් ඇති සොඳුරු පාරාදීසයකි. ලොව වටා සංචාරකයන්...

හොර ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් පරිස්සම් වෙන්න ඔබත් දැනුවත් ද

සමාජ ජාලා web අඩවියකින් යම් පුද්ගලයෙක් වෙනත් කෙනෙකුගේ පින්තුරයක් සහ වෙනත් නමක් භාවිතා කර තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන සිටිනවානම් එය fake account ( ව්‍යාජ ගිණුමක්...

වයිෆ් දැන් කැමති නෑ, මොකක්ද විසඳුම

විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු මම පුංචි කතාවක් කියන්නද...? මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි.  ඉතින් ඒ...

Pocket එකට match වෙන්න shopping කරමු

ඇඳුමක් ගන්න සාප්පු ගානේ යන එක හරිම යුද්ධයක්. සේල් සේල් කියල බෝඩ් ගහල තිබ්බට ඒවගේ ගොඩක් වෙලාවට තියෙන්නේ බාල රෙදි වලින් මහපුවා.. එහෙමත් නැත්නම්...

අලුත් අවුරුදු කෑම මේසයේ අමුත්තන්ට පිළිගන්වන්න අලුත් විදිහේ කෑම ටිකක් හදමු

මේ ළඟ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න අපි අලුත් විදිහේ කෑම වර්ග ටිකක් හදමු.   බනානා බ්‍රෙඩ් අවුරුදු කාලයේදී සෑම ගෙදරකම පිරිලා...

සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිඳ ඇල්ල

දුන්හිඳ දිය ඇල්ල (dunhinda falls) ඌව පළාතේ ඇති දර්ශනීය දිය ඇල්ලක් වගේම ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකි. දුන්හිද ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ...

අනුන් නිසා කැළඹෙන ජාතිය

ලංකාවේ ෆේස් බුක් වාසින් තරම් බෙංගාල බොක්ක කැළඹෙන්නේ නැත. අඩුම ගාණේ සුළි සුළඟකට අසුවන තුත්තිරි ගහක්වත් එලෙස කැළඹෙන්නේ නැත. වැඩිමනක් කැළඹෙන්නේ ඕපා දූපා සෙවීමට කිසි...