කලා කීර්ති සුමිත්‍රා පීරිස් යනු ශ්‍රී ලාංකීය ප්‍රථම කාන්තා චිත්‍රපට නිෂ්පාදිකාව වන අතර ඇය සියලු දෙනා විසින් හඳුන්වනු ලබන්නේ “සිංහල සිනමාවේ කිවිඳිය” ලෙසිනි. ඇය 1990 දශකයේ අගභාගයේදී ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති ධූරය ද හෙබවූවාය.

එතුමිය කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත වූවාය. මියයනවිට 88 වන වියේ පසු විය.

නැසීගිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග විවාහ වී සිටි සුමිත්‍රා පීරිස් මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් ඉටු කළාය.

1978 ගැහැනු ළමයි , 1980 ගඟ අද්දර, 1982 යහළු යෙහෙලි ,1984 මායා, 1988 සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා,

1996 ලොකු දුව , 1997 දුටට මවක මිස , 2003 සමන් මළුව , 2018 වෛෂ්ණවී ඇය කළ නිර්මාණයි.ඇයගේ චිත්‍රපට අතුරින් වඩාත් ජනප්‍රිය වන්නේ ගැහැණු ළමයි , ගංගා අද්දර සහ යහළුයෙහෙළි ය. කලා කීර්ති නාමයද පිදුම් ලද සුමිත්‍රා පීරිස් 1990 දශකයේ අගභාගයේදී ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති ධූරය ද හෙබවූවාය.

සුමිත්‍රා ‘පීරිස්’ නම යොදන්නට පෙර සුමිත්‍රා ගුණවර්ධන වූ අතර 1934 මාර්තු 24 දින මාක්ස්වාදී “බොරළුගොඩ ගුණවර්ධන” පවුලේ උපත ලැබුවාය . නීතීඥයකු වූ ඇගේ පියා හෙන්රි ගුණවර්ධන ප්‍රසිද්ධ දේශපාලනඥයන් වූ පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධනගේ සොහොයුරාය. දිනේෂ් ගුණවර්ධන , ගීතාංජන ගුණවර්ධන සහ ප්‍රසන්න ගුණවර්ධන සුමිත්‍රාගේ ළඟම ඥාතීන් තිදෙනෙකි. සුමිත්‍රාට යන්තම් වයස අවුරුදු 14 දී ඇගේ මව මිය ගිය පසු කලක් ප්‍රංශයට සංක්‍රමණය වී ජීවිත් විය.

සුමිත්‍රා කොළඹ විශාකා විද්‍යාලයෙන් හා කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

ඇය අනතුරුව යුරෝපයට සංක්‍රමණය විය.

ඇය ලන්ඩන් චිත්‍රපට තාක්‍ෂණ පාසලෙන් චිත්‍රපට නිර්මාණය හැදෑරූ අතර චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමාවක් (1957-1959) ලබාගන්නා ලදී. එකල එහි මේ විෂය හදාරමින් සිටි එකම කාන්තාව ඇයයි. පසුව ඇය කෙටි කාලයක් සඳහා උපසිරැසි සමාගමක් වන Mai Harris හි සේවය කිරීමට පටන් ගත් අතර පසුව ශ්‍රී ලංකාවට පැමිණියාය.

ලෙස්ටර්ගේ දෙවන චිත්‍රපටය වන සංදේශයේ සහය අධ්‍යක්ෂක ලෙස වැඩ ආරම්භ කළ කාලයේ ඇය ඔහු සමග සම්බන්ධය ගොඩනගා ගත්තාය. සුමිත්‍රා ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ 1964 ජුනි 19 දින විවාහ වූ අතර දෙන්නා එක්ව නිර්මාණ කටයුතු වලට සම්බන්ධවූයේ ඉන් පසුවයි.

සුමිත්‍රා මුලින්ම කළ ගැහැණු ළමයි චිත්‍රපටයෙන් තරුණ නිළියක ලෙස වසන්ති චතුරානිගේ අලුතින් සොයාගත්තාය. මෙම චිත්‍රපටය එකල පැවති චිත්‍රපට උළෙලවල සම්මාන රාශියක් ලබා ගැනීමට සමත් විය. වසන්ති චතුරානි, විජය කුමාරතුංග සහ සනත් ගුණතිලක රංගනයෙන් දායක වූ ඇගේ මීළඟ චිත්‍රපටය වන ගංගා අද්දර ද තවත් ජයග්‍රහණයක් විය. පසුව ඇය තවත් බොහෝ වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති අතර ඒවා සියල්ලම ජාත්‍යන්තර පිළිගැනීමට ලක් විය.

ඇය 1988-1990 කාලයේ ශ්‍රී ලංකාවේ වර්ල්ඩ්වීව් ඉන්ටර්නැෂනල් හි නිෂ්පාදනය භාරව සිටියාය. එසේම 1980 දශකයේ අග භාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී ඇය ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකාවක් වූ අතර එම කාලය තුළ ඇය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළාය. සුමිත්‍රා පසුව 1996-1999 ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කළ අතර ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ද පත් කරන ලදී. වසර පනහක ශ්‍රී ලාංකේය සිනමාවේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරිය ලෙස ඇය සම්මානයට පාත්‍ර වූවාය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය දිවිමඩලෙන් සමුගනී

කාටුන් චිත්‍රයෙන් ජීවිතයට භාග්‍යය උදාකරගත් භාග්‍යා

යුවතියක් හෝ කාන්තාවක් හැමවිටම කිසිවෙකු මත යැපෙන්නියක් විය යුතු නැත. තමාගේම වෙර වීර්යයෙන් ජීවිතය දිනන්නට ඇයටද අයිතියක් ඇත. ඇතැම්විට ඇරඹුම කඳුළක් විය හැකි මුත්...

විශේෂිත නිවුන් දරු උපතක්

ඉතාම විරල සිදුවීමක් වන නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ සැරිසැරූ ඇතින්නක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර...

අමුතු මැක්ගේ අමුතු සටන

උපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය...

පොලිසියේ පහරදීමකින් මාධ්‍යවේදිනී මධූ ඈන් රණවීර රෝහල් ගත කරයි

මාධ්‍යවේදිනියක හා පාරම්පරික වෛද්‍යවරියක වන මධූ ඈන් රණවීරට පමුණුගම පොලිසියේ නිලධාරීන් විසින් කළ පහර දීමක් හේතුවෙන් මේ වන විට රාගම රෝහලට ඇතුළත් කර තිබේ....

INTERFLASH

INTERFLASH 2018 ජනවාරි 26 වන දින සවස 5.00 සිට විහාර මහා දේවි විවෘත රඟහලේදී

ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් අනාගත පරපුරට ගොඩනගමු

ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමෙන් 1972 වර්ෂයේදී " ලෝක පරිසර දිනය " ආරම්භ විය. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ...

කෝමාරිකා වල විශ්මිත රහස්

කෝමාරිකා වල බොහෝ ප්‍රයෝජන ඇත. රුපලාවන්‍යට මෙන්ම සෞඛ්යය අතින් ද බොහෝ ප්‍රයෝජන පවතී. කෝමාරිකා යුෂද ඉතා වැදගත් පානයක්. පානයක් ලෙසද ආහාරයක් ලෙසද ඖෂදයක් ලෙසද...

මනෝවිද්‍යාත්මක උපදේශනය

මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම විෂය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල උප විෂය ක්ෂේත්‍රය ලෙස හඳුනාගත හැකිය. මෙහිදී උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ ගැටළුවකට...

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය 2018 ජනවාරි 28 වැනි ඉරු දින පස්වරු 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී විමසීම් - 072 2463565 / 077 7781525 ප්‍රවේශ පත්‍ර -...