Saturday, April 20, 2024

Top 5 This Week

Related Posts

කපුවෙක් ඇල්පිටියේ දී සිව් හැවිරිදි දැරියක බිල්ලට ගනී

රත්නපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු විසින් අසල්වැසි දැරියක බිල්ලටගෙන ඇතිබව, ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. ඇල්පිටිය , ඌරගස්මංහන්දිය නගරයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක ළදැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙකු (20) දින සැකපිට අත්අඩංගුවට ගත්බව, ඌරගස්මංහන්දිය පොලීසිය ප්‍රකාශ කරන ලදී.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මංහන්දිය පොලිස් කොට්ඨාසයේ පදිංචි 56 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු රත්නපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපු මහතෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකරුගේ දරුවන් සමඟ එකට සෙල්ලම් කරමින් සිටි අසල්වැසි නිවෙසක කුඩා දැරියක අවස්ථා කිහිපයකදී මෙම පුද්ගලයා අතින් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි. මෙම සිද්ධියට සම්බන්ධ පැමිණිල්ල පොලීසියට ලැබුණු විගස සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යන අවස්ථාවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිටි බව පොලීසිය පවසයි. පසුව පොලීසියට ලැබුණු තොරතුරු මත පොලිස් කණ්ඩායම් කිහිපයක් බුද්ධි අංශ නිලධාරින් සමඟ මෙහෙයුමක් දියත් කරමින් සිටියදී නීතිඥ මහතෙකු මඟින් පොලිසියට බාර වීම සඳහා පැමිණි සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ ළදැරිය රෝහල් ගතකර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.ඇල්පිටිය පොලිස් අධිකාරී නිතිඥ නිහාල් තල්දූව මහතාගේ හා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එච්. සුජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක විජිත් ජයන්ත හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධපති කාන්තා උප පොලිස් පරික්ෂක දිලූකා යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Popular Articles