Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

නිසි තැන ද සම තැන ද අභිෂේකා කථා කරයි

මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන ගීතයක් තමයි නිස්සාර කියන්නේ. ගීතය ගායනා කරන්නේ අභිෂේකා විමලවීර ( Abhisheka Wimalaweera ). ඉතින් අපි ඇයගෙන් සමග පිළිසඳරක යෙදුනා. ” නිස්සාර ” කියන්නේ මොකක් ද? අපි ඇයගෙන්ම අහමු.

 

අභිෂේකා ( Abhisheka Wimalaweera )මොනාද මේ දවස් වල කරන්නේ?

මේ දවස් වල ව්‍යාපාර වැඩ කරගෙන යනවා.මගේ රුපලාවන්‍ය ආයතනයේ අලුතෙන් ශාඛාවල් කිහිපයක් ආරම්භ කරගෙන යනවා. එත් එක්කම මගේ exam එක තියනවා. Junior little star final එකට ලෑස්ති වෙනවා.

 

අලුත් සිංදුවට ප්‍රතිචාර කොහොමද?

කවදාවත් මට නොලැබුණු ප්‍රතිචාර ගොඩාක් මගේ අනිත් එක සින්දුවකටත් වඩා මගේ නිස්සාර සින්දුවට ලැබෙනවා. කවදාවත් හම්බුන නැති තරම් ආදරයක් ලැබෙනවා.තවමත් ලැබෙමින් පවතිනවා. Inbox එකේ තාම තියනවා Reply කරගන්න බැරි වුන Messages. අදටත් එනවා.හිතාගන්න බැ මෙච්චර ප්‍රතිචාර ලැබෙන එක ගැන සහ මිනිස්සු කොච්චර මේ සින්දුව විඳිනවද කියල. මම හිතන්නේ මේකට පළවෙනි හේතුව Social media.

 

නිස්සාර සින්දුවට පාදක වුන සිදුවීම මොකක්ද සහ එක සත්‍ය සිදුවීමක්ද?

නැහැ. කිසිම සත්‍ය සිදුවීමක් නැහැ. මිනිස්සුන්ගේ ජීවිතේ අත්දැකීම් සහ අත්විඳීම් තියනවා, කලාකරුවෙක් නිර්මාණයක් කරනකොට අත්දැකීම් සහ අත්විඳීම් පාදක කරගෙන නිර්මාණ කරනවා. අත්දැකීම් කියන්නේ තමන්ට නොවුන හැබැයි තමන්ගේ ජීවිත කාලය ඇතුලත දී වෙන කෙනෙකුට හෝ වෙච්ච දෙයක් ඇසුරු කරගෙන කරන නිර්මාණයක්. අත්විඳීම් කියන්නේ තමනට වෙච්ච දෙයක්. මේක අත්දැකීමක්.මේ සමාජයේ ඕනි තරම් මේ වගේ කතා තියනවා.ඉතින් ඒ වගේ දේවල් අහල ඒ වගේ දේවල් දැකල නිර්මාණය වුන ගීතයක් මේක.

 

vedio එකට මේ වගේ consept එකක් ගන්න හිතුවේ ඇයි ?

Vedio එකට ඇත්තටම Clips 6ක් විතර ලිවුවා.ඒ කියන්නේ කතන්දර 6ක් ලිවුවා. ලියල ඉවරවෙලා බැලුවම ඒ හැම එකක්ම හරිම සාම්ප්‍රදායික ඒවා වුනා. ඒ කියන්නේ එකක අඬන පෙම්වතෙක් ඉන්නවා එහෙමත් නැත්තම් අඬන පෙම්වතියක් ඉන්නවා,එහෙමත් නැත්තම් අසම්මත කතන්දරයක් තියනවා. ඉතින් ඒ හැම එකක්ම මට හිතුන හැමදාම කථා වෙන එක, හැමදාම අඬන එක, එක නමෙයි මට ඕනි වුනේ මෙතනින් එහාට මිනිස්සුන්ට හිතන්න පුළුවන් දෙයක් කරන්න ඕනි කියල හිතුවා. ඊටපස්සේ තමයි ඔය චිත්‍ර, එහාකොට Artist කෙනෙක්ගේ වටේ ගොඩනැගුණු කතාවකට යන්න හිතුවේ.

 

මේ නිස්සාර ගීතයේ පද රචනය සංගීතය video එක ගැන පොඩ්ඩක් කිවුවොත්?

පද රචනය කලේ මම. video එක ගැන කතා කලොත් ඇත්තටම video එකේ මුලික concept  එක පෙන්නන්නේ දිලුම්. ඊට පස්සේ දිලුම් කිවුවේ මේක music එකට set වෙනවා. එක තමයි චමිල් අයියා  develop කරගෙන අවේ සහ ඉස්සරහට අරගෙන ගියේ. ඉතින් අපි තුන්දෙනාගෙම අදහස් දාලා මේක කළේ. video එක කළේ චමිල් පතිරණ – තාල රූප. music කළේ දිලුම් තේජන හෙට්ටිආරච්චි.

 

මේ කීවෙනි ගීතයද ? මේ වෙනකොට ගීත කීයක් කරලා තියනවද ?

ගීත 50ක් විතර කරලා ඇති. මේක හරියටම කීවෙනි එකද කියල නම් කියන්න මතක නැ .

 

කලින් ගීතයක් කරලා ඊළඟ ගීතය කරන්න මෙච්චර කාලයක් ගත්තේ ඇයි?

අන්තිමට මම කලේ රිදී රිදී ගීතයක් , එක මීට අවුරුදු දෙකකට කලින් කලේ. හැබැයි ඒ වෙනකොටත් මේකේ audio එක කරලා තිබුනා. හැබැයි තාත්තාගේ නැති වීමත් එක්ක ගීතයක් තියා කිසිම කිසිම නිර්මාණයකට එකතු වෙන්න අකමැත්තක් තිබුනා. හැමදේකින්ම ඈත් වෙන්න ඕනි කියල තමයි හිතුනේ. අවුරුදු දෙකක වගේ දිගු කාලයක් ගත්තේ ඒ නිසයි. පස්සේ මටම හිතුනා තාත්ත ජීවතුන් අතර හිටියනම් මේක නෙමෙයි නේද මගෙන් බලාපොරොත්තුවෙන්නේ කියල.ඒ නිසා මේක කොහොම හරි කරන්න ඕනි කියල හිතල තමයි මේ ගීතය කලේ.

 

අභිෂේකා ( Abhisheka wimalaweera ) කොහොමද සංගීතයට යොමු වුනේ?

සංගීතයට යොමු වුනේ කුඩා කාලයේදීමයි. එකත් තාත්ත හින්ද තමයි. මව music ඉගෙන ගන්න එක්කන් ගියා සනත් නන්දසිරි සර් ලඟට සංගීත විශාරද විභහගය කරන්න. ඊට පස්සේ ඉතින් තාත්තත් අවබෝධ කරගන්න ඇති අම්මත් අවබෝධ කරගන්න ඇති මට සංගීතය කියන පැත්තට මට වැඩි ආදරයක් තියනවා කියල .පොඩි කාලේ ඉඳන් අහන්න දුන්නේ පරණ ගීත. අපේ ගෙදරත් ඉතින් කලා පවුලක් නිසා ගොඩක් වෙලාවට කලාවට සම්බන්ධ දේවල් තමයි අපි කතා කලේ. වැඩියෙන්ම කැමති සහ දක්ෂ නිසා ඒ පැත්තට යොමු කලා.

 

දැන් තියන Music trends ගැන ගැන මොකද හිතන්නේ?

ඒවා ගැන කියන්න කිසිම දෙයක් නැහැ.

 

ඉස්සරහට මොනවගේ ගීතයක්ද කරන්න බලාපොරොත්තුවෙන්නේ? ඒ ගැන හිතල තියනවද?

ඔව් ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ මගේ පළවෙනි ආදරවන්තයා ගැන ගීතයක්.

 

කලා කටයුතු වලට ගෙදරින් ලැබෙන සයෝගය කොහොමද?

මම හිතන්නේ තාත්ත තමයි මට සහයෝගය දෙන්න හිටපු හොඳම කෙනා එයාගේ අහිමි වීමත් සමඟ කලාවට ලැදි පවුලක් කියල මම කිවුවට හමෝම ව්‍යාපාර, රජයේ රැකියා කරන අය, ඉතින් එයාලට කලාව ගැන හොයා හොයා ඉන්න වෙලාවක් නැහැ.ඒ නිසා මම මගේ දේවල් ටික කරගෙන යනවා. හැබැයි එකට විරුද්ධත්වයක් නැහැ. ලොකු සහයෝගයකුත් නැහැ.

 

අභිෂේකා ( Abhisheka wimalaweera ) ඔබ වෘත්තිමය ගායන ශිල්පිනියක්ද වෙනත් වෘත්තියක් කරනවද? 

ගායනය මගේ වෘත්තීය නෙමෙයි. මම ව්‍යාපාරිකාවක්.

 

කාන්තාවක් හැටියට තමන්ගේ වෘත්තිමය ජීවිතයෙන් ඉදිරියට එද්දී මොනවගේ බාධක, අභියෝග වලටද මුහුණ දෙන්න වුනේ? ඒවාට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද?

ඔව් කාන්තාවක් විදිහට කියන්නේ මම හිතන්නේ ව්‍යාපාරිකාවක් විදිහට විතරක් නෙමෙයි ඕනෑම තැනක, පාසලේ උගන්වන teacher ඉතන් judge වෙනකම්, රටේ ජනාධිපතිනිය වුනත් කාන්තාවක් වීම නිසා අහිමිවන දේවල් ගොඩක් තියනවා. එතකොට මේවගේ ව්‍යාපාර ක්ෂේත්‍රයක කාන්තාවක් එනකොට කාන්තාවක් වීම නිසාම ස්ත්‍රීවාදය කියන කත්න්දයත් එක්කම මිනිස්සු බලන කෝණය වැරදියි. සමහරවෙලාවට ගැහැණු අයට තහනම් වෙච්ච ගොඩාක් දේවල් සමාජය තුල තියනවා. සමහර වෙලාවට බටහිර රටක එක තහනම් නොවෙන්න පුළුවන්. මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි කළු සහ සුදු කියල ලෝකයේ මිනිස්සු බෙදාගෙන තියනවා හොඳ සහ නරක. හැබැයි අපට කළු දෙයක් තවත් රටකට කළු නොවෙන්න පුළුවන්. හොඳම උදාහරණයක් ගත්තොත් අපේ රටේ අපි තහනම් දෙයක් තවත් රටක තහනම් නොවෙන්න පුළුවන්. එතකොට අපේ රටේ බොහෝ නිදහසේ කරන්න පුළුවන් දෙයක් තවත් රටක විශේෂයෙන්ම අරාබිය වගේ රටක තහනම් වෙන්න පුළුවන්. එතකොට් ඒ කළු සහ සුදු කියන එක පදනම් වෙන්නේ සමාජ ක්‍රමය සහ මිනිස්සුන්ගේ චින්තන පරාසය මත. එතකොට අපි හැමවෙලේම කාන්තවක් විදිහට උත්සහ කරන්න ඕනි තමන් ජීවත් වෙන රට මොකක්ද කියල තේරුම් ගන්න එක. මම ජීවත්වෙන්නේ එංගලන්තේ නම් මම ජීවත් වෙන්න ඕනි එංගලන්තේ විදිහට, මම ජීවත් වෙන්නේ ඉන්දියාවේ නම් මම ජීවත් වෙන්න ඕනි ඉන්දියාවේ හැටියට ඒ ආදී වශයෙන් අපි කොච්චර හිතුවත් අපි පිරිමියාව අභික්‍රමණය කරන්න ඕනි කියල මම හිතන්නේ පිරිමියා හැමතිස්සෙම ඉන්නේ ගැහැණියට වඩා චුට්ටක් පහලින් හැබැයි එක තමයි සොබාදහම. දෙවියන්වහන්සේ ගැහැණිය කියල කෙනෙක් මවන්නේම එක එයාගේ තියෙන්නේ වෙනම ම දෙයක්..

 

එක ලාස්‍ය. තාණ්ඩව ලක්ෂණයක් නෙමෙයි හැබැයි සමහරවිට ගොඩක් ය කියන දෙයක් තමයි ගැහැණු කෙනාට සම තැන දෙන්න ඕනි කියන එක. පිරිමියා සහ කාන්තාව සම තැනක ඉන්න ඕනි කියල. මම හිතනවා එක නිසි තැන කියල වෙනස්වෙන්න ඕනි. සමහරවිට ඒ නිසි තැන සම තැනටත් වඩා ඉස්සරහින් තියන එකක් වෙන්න පුළුවන්. මොකද අද ගත්තොත් පවුල ඇදගෙන යන්නේ කාන්තාව. පිරිමියා නෙමෙයි. ඒ නිසා කාන්තා දිනේට විතරක් කාන්තාවට සම තැන ඉල්ලලා රණ්ඩු වෙන්නේ නැතුව සම තැන කියන්නේ නිසි තැන කියන එකට වඩා ඉස්සරහින් කියල මතක තියාගෙන පවුල ඇදගෙන යන්න පුලුවන්නම් එක හොදයි. මම හැමතිස්සෙම රැකියාව කරනකොට මොන තීරණක් ගන්න කලින් මම කල්පනා කලේ එක ගැන සහ මම දන්නවා මගේ capacity මොකක්ද? මම කොහොමද මගේ නම ආරක්ෂා කරගන්න ඕනි, කොහොමද නමට කැළලක් ඇති නොවෙන්න වැඩ කරගන්නේ කියල. අද වෙනකම් මගේ අවුරුදු විසිගානක ජීවිතේ මම හිතන්නේ නැහැ මම එහෙම කැළලක් ඇතිකරගෙන තියනවා කියල, මිනිස්සුන්ට කතා කියන්න පුළුවන් මම දන්නේ නැහැ මම ගැන මොනවා කියනවද කියල. හැබැයි මගේ ගෙදර මිනිස්සුයි මමයි මගේ නැතිවුන තාත්තයි හොඳටම දන්නවා හදවතට එකඟව අපි කොහොමද ජීවත් වුනේ කියල. දෙයක් කරන්න කලින් අපිට එක හදවතට එකඟව කරන්න පුලුවන්නම් සහ මේ කරන්න යන දෙයින් තවත් අයට හානියක් වෙන්නේ න කියල හදවත දන්නවනම් මිනිස්සු වැරදි කිවුවත් එක හරිනම් ඒ දේ කරන්න. ව්‍යාපාරයක් පටන් ගන්න යනකොට හරි මොනාහරි අලුත් දෙයක් පටන් ගන්න යනකොට හරි හිතට එකඟව හිතනවානම් මේ දෙය කිරීමෙන් මගේ පවුලට මගේ ළමයට හෝ මගේ ළමයට හානියක් වෙන්නේ නැ කියල මිනිස්සු කොච්චර වැරදියි කිවුවත් මම එක කළා. එක තමයි මගේ යම්කිසි සාර්ථකත්වයක් යම් කිසි තැනක ඉන්නවනම් එක තමයි හේතුව. කවුරු එපා කිවුවත් මගේ හිතට දැනෙනවානම් මම මේ කරන දෙය හරි කියල මම අනිවාර්යෙන් එක කරනවා.

 

abhisheka wimalaweera

 

අභිෂේකා ( Abhisheka wimalaweera ) ඔබ ව්‍යාපාරිකාවක්, රුපලවන්‍ය ශිල්පිනියක්, ගායිකාවක් සහ අධ්‍යාපනයත් හදාරමින් සිටිනවා, ඉතින් මේ කාර්යබහුල ජීවිතයේ ඔබ කොහොමද ඔබේ දියණිය සඳහා කාලය කළමණාකරගන්නේ?

මෙහෙමයි, දැන් දුවට අවුරුදු 4ක් වෙනවා මේ පෙබරවාරි මාසෙට. අවුරුදු 2 1/2ක් 3ක් යනකම් යනකම් මම දුවත් සමඟම හිටිය. ඒ කියන්නේ දුවව hospital එකෙන් ගෙදර ගෙනාපු දවසේ ඉඳන් washroom එකට යනකොටත් දුව අරගෙන තමයි ගියේ.දුවට අවුරුදු 2 1/2 පමණ මවුකිරි දුන්නා. දුවත් සමග හැමතිස්සෙම හිටියා. ඒ හැමදේම කලා. හැබැයි මම හිතනවා ඉස්සරකාලේ අම්මල වගේ නෙමෙයි, දැන් අපිට ගෙවල්වල තාත්තල වෙන්න කාලය ඇවිල්ල. මොකද දැන් තියෙන්නේ තරඟකාරී ලෝකයක්. එතකොට ලමයව බදාගෙන, ලමයව තුරුල් කරගෙන, ලමයව හුරතල් කරන්න ඕනි තමයි. හැබැයි තව අවුරුදු 10-15 කින් ගැහැනියක් විදිහට ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන් කාලයක් අම්ම කෙනෙක් විදිහට හදන්න ඕනි.

 

එක තාත්තට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හින්ද මේ ව්‍යාපාර කරන දේ සහ මේ ඉතුරු කරන හැම සතයක්ම කරන්නේ club යන්න, බොන්න, වෙන වෙන දේවල් කරන්න නෙමෙයි. ඒ හින්ද මම හිතනවා ගතවන මේ හැම තත්පරයක්ම මම ඉතුරු කරන දේවල් කරන දේවල් මේ හැමදේම දුව වෙනුවෙන්. ඒ අතරේ කොහොමහරි එයාගේ හිත නොරිද්දා එයත් එක්ක ඉන්න කාලයක් වෙන් කරගන්නවා සහ මට තියන ලොකුම ශක්තිය තමයි මගේ අම්මා.මට මගේ අම්මව මටත් වැඩ විශ්වාසයි. මොකද මටත් වඩා හොදට මගේ දුව බලාගන්නවා පුංචි සිරිමක්වත් වෙන්න දෙන්නේ නැහැ. මගේ අතින් දුව වැටුනත් අම්මගේ අතින් වැටෙන්නේ නැහැ කියල මම දන්නවා. ඉතින් අම්මගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මගේ වැඩ blance කරගෙන වැඩටික කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

 

ඔබට ස්වාමියාගෙන් ලැබෙන සයයෝගය කොහොමද?

එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මම හිතන්නේ එය තමයි දුවට ඉන්න හොඳම තාත්ත මේ ලෝකේ. ගොඩාක් ආදරෙයි දුවට එයත් හැම දුවෙක් වගේම ගොඩාක් ආදරෙයි තාත්තට. ඉතින් සියලුම යුතුකම් කරගෙන හොඳ තාත්ත කෙනෙක් විදිහට එයා ඉන්නවා.

 

අලුතින් මේ ක්ෂේත්‍රයට එන අයට මොනවද කියන්න තියෙන්නේ?

කියන්න තියන පළවෙනිම දේ තමයි ලෝකේ වෙනස් දෙයක් කරන්න උත්සහ කරනකොට ඉස්සල්ලම මිනිස්සු එක ප්‍රතික්ෂේප කරයි. සමහරවිට ගොඩාක් කල් එක පිළිගන්වන්න අපිට බලාගෙන ඉන්න වෙයි. සමහරවිට මිනිස්සු තමන්ව පල්ලහට ඇදල දාන්න නොයෙක් දේ කියයි. හැබැයි ඉවසන්න කවදාහරි සොබාදහම මේ හැමදේටම උත්තර දෙනවා සහ පුළුවන් තරම් නිහතමානි වෙන්න, මුල අමතක කරන්න එපා, පොලවේ පය ගහල ජිවත් වෙන්න.මිනිස්සුන්ට ආදරේ කරන්න..

 

Popular Articles