Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ඔබ මෙහෙමද?  එහෙනම් ඔබ තවමත් කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය ඉවසන කෙනෙකි

හිංසනයක් සිදු වූ විට අඑත් බිය නිසා නිහඬව දරාගෙන සගවා සිටිනවා, කිසිවෙකු සමග බෙදා ගන්නේ නැහැ., හුදකලාව විද  දරාගත යුතු යයි සිතනවා.

හිංසනයක් සිදුවීම  තමන්ගේ කරුමේ, ලබා උපන් හැටි කියා සිතනවා, ඉවසනවා හැරුණු කොට වෙන කුමක් කරන්නදැයි  සිතනවා.

හිංසනයට පත්වීම තමාගේ වරදක් සේ සිතනවා වගේම එය අන් අය සමග ප්‍රකාශ කිරීමද වරදක් ලෙස දකිනවා.

තමාට වූ හිංසනය තමාගේ පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස සිතනවා.හිංසකයන්  බලවත් හා ශක්තිමත් පිරිසක් ලෙස සිතනවා .

හිංසනයට ලක් වූ විට ඒ  වෙනුවෙන් කතා කිරීම හා ඊට එරෙහිව ක්‍රියාත්මක වීම ලැජ්ජාවට  කරුණක් ලෙස සිතනවා .

තමන් හිසනයට පත් වන්නේ තමන් අදින, පළදින, කතා කරන, හිනා වෙන, ප්‍රතිචාර දක්වන, හැසිරෙන අකාරයෙන්ගේ අවුලක් හෝ වරදක් නිසා යයි සිතනවා.

කාන්තාවන් නිවරදි කිරීමට හිංසනය යොදාගත හැකි යැයි  සිතනවා.

කාන්තාවන් යටත් කර  ගැනීමට හිංසනය යොදහත හැකි යැයි  සිතනවා.හිංසනයන් සිදුකිරීමට පුද්ගලයින් භාවිතා කරන විවිධ ක්‍රියාවන් පිළිගෙන , ඒවා සාධාරණිකරණය  කිරීම නිසා එම ක්‍රියාවන්ට යටත් වී හිංසකයාට සමාව දෙනවා .

දුප්පත් කම නිසා ඇතිවන අසරණ බව හේතුවෙන් හිංසනයට ලක්වේ යැයි  සිතනවා

හිංසනය සිදුවන ආකාරයෙන් හෝ ක්‍රම පිළිබද නොදැන සිටිනවා.

තමන්ට සිදුවන හිංසනයන් වෙනුවෙන් නීතියේ පිහිට පතා පොලිචියට උසාවියට යාමට සිදුවීම න්න්දවක් යැයි  සිතනවා.

හිංසනයක් සිදු වූ විට එය නොඉවසා ක්‍රියාත්මක වුවහොත් තමා තවත් කරදරයක වැටේවි යැයි කියා බියෙන් සිටිනවා

හිංසනයක් සිදු වූ විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබද හා ගනුදෙනු කල හැකි සම්පත් පිළිබද නොදැන සිටිනවා.

ටෙලි නාට්‍ය හෝ වෙනත් වැඩසටහන් වල දෙබස්, චරිත, ජවනිකා තුලින් කාන්තාවන්ට එරෙහි හිංසනය සාධාරණිකරණය කරන විට එයට එකග වෙනවා, නිහඩව අස සිටිනවා, ප්‍රතිචාර නොදක්වා සිටිනවා.

අදහස

 

Popular Articles