Saturday, April 20, 2024

Top 5 This Week

Related Posts

ආසියාවේ හොඳම සූපවේදිනිය “මැයි චව්”

ජාත්‍යන්තරයේදී සුවිශේ්ෂීත්වයට පත් චරිත මුල් කර ගෙන ඔවුන්ගේ අතීතාවර්ජනය පිලිබඳව අපි කථා බහ කලොත් එයින් බොහෝ දේ ඉගෙන ගැනීමට පුළුවන්. ඒ වගේම ඔවුන් තුළ මේ ගති ලක්ෂණ බාල කාලයේදී පටන්ම දක්නට ලැඛෙනවා. 2017 වසරේ ආසියාවේ ( Aisan ) හොඳම සූපවේදිනිය ලෙසින් නම් කරනු ලැබුවේ චීන ජාතික තරුණ කාන්තාවක්. ඇය නමින් “මැයි චව්” නම් වූවාය.

 

ආසියාවේ ( Aisan ) සූපවේදිනිය

චීනය ගැන කී සැනින් අපේ හිතට ඇති වෙන්නේ රසවත් ආහාර පිසින උදවිය වගේම දිව පිනන ආහාර වට්ටෝරු (Recipes) පිලිබඳව සංකල්පයක්. ඒත් චීන ජාතිකයන් ගැහැණු දරුවන් සූපවේදින් විදිහට සමාජගත වීම එතරම් අගය කලේ නැහැ. මැයි චව් උපත ලැබුවේ හොංකොං නගරයේ වුනත් ඇය හැදී වැඩුනේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ. මැයි චව්් කාලයේ පටන්ම ඉවුම් පිහුම් වෙනුවෙන් වැඩි උනන්දුවක් දැක්වූවා. පාසල ඇරී නිවසට පැමිණි විගසම ඇය මුතැන්ගෙට ගියා මිසක වෙනත් දැරියන් වගේ සෙල්ලමට යොමු වුනේ නැහැ. මැයි ගේ දෙමව්පියන් නිතරම ඇයට අවවාද කරමින් කියා සිටියේ අපි උවමනාව තියෙන්නේ උඹව ලොකු රස්සාවක් කරනවා දකින්න…කෝකියෙක් වෙන්න නම් අපි මෙච්චර විය පැහැදම් කරන්න ́නද….දෙමව්පියන් නිතරම ඇයට දොස් නැගුවා. ඒත් මැයි ඒ චෝදනාවන් වගකටවත් නොසලකමින් ඉවුම් පිහුම් වෙනුවෙන්ම තමන්ගේ අවධානය යොමු කරනු ලැබුවා.

 

මැයි විසින් තෝරා ගත් ගමන් මාර්ගය දෙමව්පියන්ට වෙනස් කළ නොහැකි බව ඔවුන් තේරුම් ගත්තා. උගුරට හොරා බේත් කනවා වගේ දෙමව්පියන් විසින් දැන් කළ යුතු එකම දෙය වුනේ මැයිගේ අනාගත ඉලක්කයට අවශ්‍ය පන්නරය ලබා දීම පමණයි. කුමන හෝ වෘත්තියක් කිරීම වරදක් නැති වුනත් වෘත්තියට අවශ්‍ය දැනුම සපුරා ගෙන තිබීම මේ සියල්ලටම වඩා වැදගත් බව තේරුම්ගත් ඇගේ දෙමව්පියන් ඇමරිකා එක්සත් ජනපදයේ සරසවියක හෝටල් කලමනාකරණය පිලිබඳ උපාධිය හැදෑරීමට මැයි යොමු කරනු ලැබුවා. ඇය මේ ගැන වඩාත් සතුටු වුනේ කුඩා කාලයේ පටන් හිතේ තිබුන අපේක්ෂාව ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය මාර්ගය දැන් ඇය ඉදිරියේම විවෘතව තිඛෙන නිසයි.

 

හිතේ තිබෙන ඇල්ම සහ ආසාව නිසා මැයි චව් ඉතාම හොඳින් සහ දක්ෂ විදිහට මෙම පාඨමාලාව හදාරනු ලැබුවා. උපාධිය හදාරන අතරවාරයේම මැයි හෝටලයක සූූපවේදිනියක ලෙසින් සේවයට සම්බන්ධ වුණා. ඒ නිසා ඇයට මේ ක්ෂේත්‍රය මුල් කර ගෙන විවිධ අත්හදාබැලීම් වෙනුවෙන් අවස්ථාව ලැබුණා. හිතේ තිබුන ඇල්ම බැල්ම නිසා ඇයට මේ ක්ෂේත්‍රයෙන් මනා අත්දැකීම් ලබා ගැනීමට හැකි වුණා. මේ නිසාම මැයි වැඩි කාලයක් නොගොස් තමන්ගේම කියන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තරම් ශක්තිමත් වුනා.

 

ඇය අවදානම වෙනුවෙන් සූදානමින් ඇයත් ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබුවා. ඇය විසින් තමාගේම හෝටලයක් ආරම්භ කළ අතර එය ” Little bao ” යනුවෙන් නම් කරනු

 

ලැබුවා. තමන්ටම කියා තිඛෙන ව්‍යාපාරය නිසා කිසිම බියක් සැකක් නැතුව අවශ්‍ය විදිහට නිර්මානශීලී කටයුතු වෙනුවෙන් මැයි යොමු වුනේ. මෙහිදී අවදානම ගැන ඇය වගකටවත් නොගත්තේ තමන්ගේම වාපාරය නිසා වගකිව යුත්තෙක් නොමැති නිසයි.

මැයි විවිධ අත්හදාබැලීම් කිරීමට පටන් ගත්තා. කුකුල්මස් යොදා ගෙන බර්ගර් නිර්මාණය කළ අතර අයිස්ක්‍රීම් මගින් අතුරුපස ආකාරයේ බර්ගර් නිෂ්පාදනය කරනු ලැබුවා. වෙනත් හෝටල්වලින් දකින්නවත් නොලැබුන මේ අලුත් ආහාර වෙනුවෙන් පාරිභෝගිකයන්ගේ ඉලලඩිම ඉහල ගිය නිසා මැයිට හොඳ ආදායමක් ලැබුනා. මේ නිසා එකම කෙෂත්‍රයේ හෝටල් හිමිකරුවන් අතර මැයි විශිෂ්ට සලකුනක් බවට පත් වුණා.

 

ඇයට තවත් ශක්තියක් වුනේ කාර්ය හා සේවක මණ්ඩලයයි. ඒ අය මැයිගේ කකුලෙන් ඇද්දේ නැහැ. ඔවුන්ගේ අරමුණ වුනේ මැයි විසින් ඉලක්ක කර ගත් කුමක්ද…සේවක හස කාර්ය මණ්ඩලයද එතැන නැවතුනා.මැයි තවමත් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් ලබන ශිිෂ්‍යාවක්. ඇය සඳහන් කරන අන්දමට මේ පැමිණි ගමන්මග වුනත් සෑහීමට පත් වන තැනට පත්ව සිටිනවා.එහෙත් ඇය තමන්ගේ අනාගතය පිළිබඳව වූ සැලැසුම දැනටමත් සකස් කර ගෙන අවසානයි.
ව්‍යවසායකත්වය තුල වුනත් දැනුම, කුසලතාවය සහ ආකල්ප ඉතා වැදගත්. මේ නිසාම වෘත්තිමය දැණුම ලබා ගැනීමට ඇය පසුබට වෙන්නේ නැහැ. විශ්ව විද්‍යාලයෙන් හෝටල් කලමනාකාරණය පිලිබඳ මූලික උපාධියෙන් පසුව පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට ඇය අදහස් කරනවා.

 

ආසියාවේ ( Aisan ) සූපවේදිනිගේ සාර්ථකත්වය

ඒ විතරක් නොවෙයි, තමන්ගේ වෘත්තිය තුළ විවිධ අත්හදාබැලීම් වෙනුවෙන් යොමු වීම සාර්ථක ව්‍යවසායක ගති ලක්ෂණයක්. මැයිගේ ව්‍යවසායක ගති පැවැතුම් තුළ මේ ගුනාංගය නොඅඩුව තිඛෙනවා. හොංකොං වෙළඳ මාර්ග මුල් කර ගෙන අධ්‍යනක යෙදීමට මැයි අදහස් කරන්නේ තමන්ගේ ව්‍යාපාර සන්නාමය වෙනුවෙන් මේ අධ්‍යනයන් සාර්ථක පසුබිමක් ගොඩ නගන නිසයි. ඇගේ ඉලක්ක වී තිඛෙන්නේ ” Little bao ” ව්‍යාපාර සන්නාමය වෙනුවෙන් ජගත් කීර්තියක් ලබා දීමයි. මේ වෙනුවෙන් ඇය සැදී පැහැදී කටයුතු කරනවා පමණක් නොව නිවරැදිම ගමන් මාර්ගය තෝරා ගෙන අවසානයි. ඒ සියල්ල තුලින් ඉස්මතු වෙන්නේ ව්‍යවසායිකාවක ලෙසින් ඇගේ හැකියාවන් සහ ඒ වෙනුවෙන් පදනම් වුන ගති ලක්ෂණයන්.

▪ තමන්ගේ සේවක සහ නිළධාරි මණ්ඩලය සමග කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීම.

▪ වෘත්තිමය දැනුම ලබා ගැනීම

▪ කෙෂත්‍රය වෙනුවෙන් විවිධ අත්හදා බැලීම්හි නිරත වීම

▪ තමාගේ ව්‍යාපාරය වෙනුවෙන් දක්වන කැපවීම

මැයිගේ ජීවිතයට බද්ධව තිබුන උක්ත ගති පැවැතුම් නිසාම ඇයට ඉතාම ලාබාල කාලයේදී ආසියාවේ සුපවේදිනිය විදිහට විරුදාවලි ලැබීමට වාසනාව උදා වුනා. ඇයට මේ කිරුල ලැබුනේ එක රැයකින් ලත් ජනපි්‍රයත්වය නිසා නොවේ. ඇය ඒ වෙනුවෙන් කාලාන්තරයක් කැපවුනා. දැන් ඇය තමාගේ ඉලක්කය සම්පූර්න කර ගත්තද, ලැබුන තැන අනාගතයේදි ආරක්ෂා කර ගැනීමත් ඉතා වැදගත්. මේ මෙහෙවර වෙනුවෙන් දැන් මැයි චව් සූදානමින් සිටින්නීය.

 

 

Asian

 

එන් . ඒ . පි . සී ද සිල්වා

Popular Articles