පිළිපැදිය යුතු වත්පිළිවෙත්

නිවැරදි බිම් සැලසුමක් මත ගොඩනැගුණු නව නිවසකට ගෙවැදීමේදී අප විසින් පිළිපැදිය යුතු වත්පිළිවෙත් සහ ක්‍රමවේදයන් වාස්තු විද්‍යාව තුල ගැබ්ව තිබෙනවා.

විසබීජ හරණයට කහ දියර දෙහි අත්තකින් ඉස පසුව සඳුන් කිරි පැන් ද ඉසිය යුතුය. ජන්ම නැකතට සුදෝ සුදු වස්ත්‍ර වලින් සැරසී සුබ මුහුර්තියකින් ගෙවැදීම කළයුතු වේ.

බුලත්, උඳු, මුං, තල, මෑ, වී ( පංච ධාන්‍ය ) සුදු මල් සමන් පිච්ච

ලුණු, කහ, මි පැණි, සුදු හඳුන්, ජල බඳුනක්, ආගමික ප්‍රතිමාවක් ට්‍රේ එකක තබාගෙන මංගල දොරටුවෙන් ගෙවදීම සුබදායක වේ.

ඉන් පසුව බුද්ධ ප්‍රතිමාව නහවා ආගමික වතාවත් කල යුතුයි.

කිරි ඉතිරවීම සහ ලිප ගිනි මොළවා කිරිබත් පිස ගත යුත්තේද සුබ නැකතටය. භික්ෂුන් වහන්සේ නමක් වඩම්මා පිරිත් කියැවීම හෝ පිරිත් පටයක් දැමීම ද ඉතාම යහපත් වේ.

 

ආගමික වතාවන් සඳහා සුදුසු දිසා

නිවසේ ආගමික වතාවත් කිරීම සඳහා උතුර, ඊසාන, නැගෙනහිර වර්ණ කිරණ ප්‍රසාරණය වන දිසාවන්හි කිරීම ඉතාම සුබදායක වේ.

අන්තරීක්ෂ වර්ණ සංකේත සප්තමයක් 7 පෘතුවිය කරා කාන්දු වන්නේ අපගේ ජීව රසපාන මානයේ ( Biotonic scale ) සප්ත ස්වර රටාවට අනුගතවය.

රතු – හයිඩ්‍රජන් භෞතිකමය ශක්තිය
කහ – කාබන් ආකාශීය බලය
නිල් – ඔක්සිජන් ආධ්‍යාත්මික බලය

යනුවෙන් හැඳින් වේ.

 

සාර්ථකත්වයට හේතුවන වර්ණ භාවිතය

නිල් පැහැය – සෞම්‍ය ශීතගුණය ඔප් නංවයි. කියැවීම සඳහා එතරම් යහපත් වන්නේ නැහැ.

කොළ පැහැය – කොළ හරිත වර්ණය ඇසට ඉතාම හිතකරයි. ලෙඩ රෝග ව්‍යාධි සමනය කරන අතර සිරුරේ නිරෝගීබව වර්ධනය වේ. මානසික සතුට ප්‍රබෝධය ඇති වේ.

ළා තැඹිලි පැහැය – සටනින් ජයගෙන මානසිකව ඉහළ තෘප්තියක් ඇති වේ. විසිත්ත කාමරයකට යෝග්‍ය වේ.

රෝස පැහැය – ආදරය, ආලයට නැඹුරු වේ. නිදන කාමරයකට යෝග්‍ය වේ.

රතු පැහැය – භෞතිකමය වශයෙන් උණුසුම, අධිවේගිත්වය, අවෙගශීලි බව ඇති කරයි. සටන්කාමි වර්ණයකි.

දම් හා ළාදම් පැහැය – ඉතාම හිතකර මානසික සංවර්ධනයක් ඇති වන පාටකි. මානසික ප්‍රතිකාර කරන ස්ථාන වලට මෙම වර්ණය ඉතාම සුදුසුයි. නිල් සහ රතු සම්මිශ්‍රණ වර්ණ වේ.

භාවනා කිරීමට ළාදම් හා හරිත වර්ණය උපයෝගී කරගැනීමෙන් අධ්‍යාත්මික සංවර්දනය ඇති කරගැනීමට හැකි වේ.

නිවෙස තුල උල් කෝණාකාර හැඩ සහිත ( පාම්ස් ) වැනි ශාක පත්‍ර ඇති පැළෑටි ගේ ඇතුළත රාත්‍රී කාලයේ තිබීම අයහපත් නොවේ.

 

බිත්ති ඔරලෝසුව තබන නිවැරදි දිශාව

බිත්ති ඔරලෝසු උතුර, නැගෙනහිර, වයඹ, දකුණු දිශාවන්ට යහපත් වේ. කාමරවල ගිනිකොණ දිශාවේ විදුලිබල ශක්ති ඇති මෙවලම් තබන්න. නිවසේ බ්‍රහ්ම පාදය ( Center Foot ) නිදහස්ව තබන්න. අවහිරතාවයෙන් බැහැරව, පවිත්‍රකාරකව, නිවසේ ඊසාන පැත්ත සරලව නිදහස්ව සැහැල්ලුව තබන්න. වැසිකිලිය, කුස්සිය ආදියෙන් අවහිකර නොවන සේ.

 

පැති හතරට දොරටු හතරක්

මුළුතැන්ගෙයි, නාන හා වැසිකිළි පද්දතියේ ජල කරාමවලින් නිතර ජලය බින්දු වැටෙන සේ නොතබන්න. නිවෙස තුල පැති හතරටම දොරටු හතරක් තිබීම ඉතා යහපත්.

එක් දොරටුවකින් අනිත් දොරටුව එක එල්ලේ තිබීමෙන් නිවස තුලට කාන්දු වන සුබ අම්ලකර වායුව චක්‍රයක් සේ හැඩ නොවී සෘජුව විසිර යෑම යෝග්‍ය නොවේ.

නිදන කාමරයට කැඩපත සුදුසුද?

විශේෂයෙන්ම නිදන කාමරය තුළ සිය සිරුර පෙනෙන සේ කණ්නාඩිය නොතබන්න. එසේ තිබේ නම් නිතරම ආවරණය කිරීම වැදගත්ය.

අධ්‍යාපන කටයුතුවලට සුබ දිසාව

තමාට මෙන්ම දරුවන්ට පොත් පත් කියැවීම විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු කිරීමට සුදුසුම දිසාව වන්නේ නැගෙනහිරයි. උතුර ඊසාන සම තත්වයන්ය.

පාඩම් කරන මේසය මත පළිඟු කැටයක් හෝ තිරිවානා ගලක් තැබීම යහපත් වේ. මේස පුටු බිත්තියට හේත්තු වන සේ තැබීම යහපත් නොවේ.

 

මානසික සතුට ලබන්නට සුබ දිශාව

නැගෙනහිර දිශාවට මුහුණලා ඔබේ වැඩ කටයුතු වල නිරත වේ නම් මානසික සංවර්ධනයක් ඇති වී සියළුම වැඩ කටයුතු අනපේක්ෂිත අන්දමට සාර්ථක වේ. වේද ගයත්‍රී මහා මන්ත්‍රය ජප කරන්නේ නම් ඔබේ එදිනෙදා වැඩ කටයුතු මැනවින් සාර්තාවයට පත් කර ගැනීමේ අවකාශය සෑදේ.

 

මුල්‍ය සම්පත් ලබන්න ලක්ෂ්මි දෙවඟන වඳින්න

විෂබීජ නාශක සුවඳ ධුපයකින් නිවස තුල ඖෂදීය දුම් ඇල්ලීම යහපත් වන්නේය. වාසනාව නියෝජනය කරන ශ්‍රී මහා ලක්ෂ්මි දෙවඟනගේ චිත්‍රයක් හෝ මුර්තියක් උතුරු හෝ නැගෙනහිර පෙදෙස් තැබීම ඉතාම සුබයි. වතාවත් පුද පුජා කිරීම නිසා මුල්‍ය සම්පත් ගලා එනු ඇත. නිවෙස තුල නිරන්තරයෙන්ම පිරිත් හඬ, උත්තර භාරතීය රාගධාරී සංගීත ස්වර ඇසීමට හැකිවන්නේ නම් ඔබේ මානසික සතුටත් ඔප් නැංවේ.

 

 

උපුටා ගැනීමකි

 

 

 

- A word from our sposor -

spot_img

අලුත් අවුරුද්දේ ඔබත් නව නිවසකට ගෙවදිනවා නම් මේ වත්පිළිවෙත් අමතක කරන්න එපා

ෆැෂන් කරන්න කැමති ඔයාට

ඔයාගේ ෆැෂන් ගැන ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක් ද හැඟීමක් ද ? ඔයා පෞද්ගලිකව ඔයා කරන විලාසිතා ගැන එතරම් ප්‍රියමානප බවක් නැද්ද ? වැරදි...

පිරිමිකමට ශාප කරන ගැහැනිය

මේ වාක්‍ය දැක්කාම ඔයාලට මොනාද මතක් වෙන්නේ? අනිවාර්යෙන්ම පිරිමියෙක්ගෙන් වරදක් වූන ගැහැනියක් නේද මතකෙට එන්නේ. අසම්මතයේ හැසිරෙන ගැහැනිය ගණිකාව යැයි කිව්වොත්.. එකී මෙකී නොකී...

එඩ්නා සුගතපාල අප අතරින් සමුගනියි

1946 ජනවාරි 03 වන දින පානදුරයේදී උපත ලද ඇය කුඩාකල සිටම කලා අභාෂය ලබා සිටියාය. පියානෝ වාදනයට ඈ සමත්කම්පෑවේ පැසැල් වියේදීමය. 1966 වසරේ ගැහැණු...

මහනුවරට ඇඳිරි නීතිය

අද දින (05) මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත හෙට (06) පෙ.ව. 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන ප්‍රදේශයට ඇඳිරි...

ජනප්‍රිය නිළි අංජුලාට මංගල සීනු

අංජුලා රාජපක්ෂ විවාහ දිවියට එළඹ ඇත. ඔවුන්ගේ විවාහයේ සාක්ෂිකරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා ඇත.          

ප්‍රවීණයන් අධුනිකයන්ට අත දෙන්නේ නැ කියන්නේ ඇත්තද? ඩයනා පිළිතුරු දෙයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද...

ලිංගික රෝග වළක්වා ගන්න කොන්ඩමයක් භාවිතා කරන්න

වර්ථමාන සමාජයේ බොහෝ දෙනාට ලිංගික ගැටළු පවතිනවා. යම් පුද්ගලයෙක් එක්කෙනෙකුට වඩා බොහෝ දෙනෙක් සමඟ ලිංගික කාර්‍යයන්හි යෙදී සිටී නම් ඔහුට / ඇයට HIV සහ...

උපදංශය වැනි ලිංගික රෝග සැඟවීමේ භයානකකම

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සමාජයේ අද කතා කරන්නේ ඉතා අඩුවෙනන්. මේ නිසාම දරුවන් පමණක් නොව, ඇතැම් වැඩිහිටියන් ද නොදැනුවත්කම නිසා ලිංගාශි‍්‍රත රෝගීන් බවට පත් වෙනවා....

කොල්ලෝ ජාති

කොල්ලෝ ජාති 😂😂😂 කොල්ලන් වනාහි අරුම පුදුම සත්ත්ව කොට්ඨාසයකි. හිසේ සිට පාදාන්තය දක්වා බොහෝ විට කොල්ලන් එක වගේය. හැබැයි ඒ ඇඟවල් අස්සේ ඉන්න එවුන් අහසට...