ඉතාම විරල සිදුවීමක් වන නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ සැරිසැරූ ඇතින්නක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබෙනවා. මෙවැනි නිවුන් අලි උපත් පිලිබඳ වාර්තා වන්නේ ඉතාමත් දුර්ලභ වශයෙනි. මිට පෙර මෙවැනි උපත් පිළිබඳව වාර්තා වී ඇත්තේ අප්‍රිකාව, තායිලන්තය හා ඉන්දියාවෙනි.
අඩු වයසෙන් බිහිවී ඇති පැටවුන් දෙදෙනාම ජිවතුන් අතර නොමැති අතර, එම අවස්ථාවේදීම මරණයට පත් වන්නට ඇති බවයි වන ජීවි නිලධාරින් පවසා සිටින්නේ. අලි පැටවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ ශරිර කොටස් කොලබට ඒවා ඇත.
මෙවැනි උපතක් මිට සිව් වසරකට පෙර හම්බන්තොටින් වාර්තා වී ඇති අතර එයින් එක පැටවෙකු මව විසින් අතහැර ගොස් සිටියදී ගම්වාසින් විසින් සොයාගෙන තිබෙනවා. නමුත් අලි පැටවාගේ ජිවිතර ආරක්ෂා කිරීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා.
අලින්ගේ ගැබ් කාලය සාමාන්‍යයෙන් මාස 22ක් පමණ වබ අතර ඒ කාලයේදී ඇතින්නගේ ශරිරයෙන් පිටවන සංවේදන නිසා රංචුව විසින් ඇයව වට කරගෙන සිටින බව දක්නට ලැබෙනවා. හොද තත්වයෙන් නිවුන් අලි පැටවුන් බිහි වුවත් එක පැටියෙකු මිය යාම බොහෝ විට සිදුවනවා.