කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී අයි මේකප් නොපෙනෙන සුළුයි.ඒ නිසා අද අපි හිතුවා කණ්ණාඩි දාන අය අයි මේකප් කිරීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය ගැන කතා කරන්න.
අයි shadow දන්නේ කොහොමද?
කණ්ණාඩි පළදින යුවතියන් ඇසි පිය මත ළා පැහැති shadow වර්ග ගැල්වීම සුදුසුයි.ස්මොකි අයි වැනි අයි මේකප් භාවිතා කිරීම එතරම් සුදුසු නෑ.ඒකට හේතුව කණ්ණාඩි භාවිතා කරන අවස්ථාවලදී තද අයි shadow ගැල්වීමෙන් ඕනවට වඩා ඇස් වටා කළු පැහැ වී පෙනීමයි.
රාමුවට ගැලපෙන අයි ලයිනර්
ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පළදින්නේ නම් අයි ලයිනර් සිහින් විය යුතුයි.මේ පිළිවෙල මතක තියාගත්තොත් ලස්සනට අයි ලයිනර් දාන්න පුළුවන්.
රාමුවට ගැලපෙන වර්ණ.
රාමුවට ගැලපෙනම වර්ණය අයි ලයිනර් සදහා භාවිතා කරන්න එපා.එසේ කළහොත් රාමුව හා අයි ලයිනර් දෙකම එකතු වෙලා පෙන්න පටන් ගන්න නිසායි.එනිසා රාමුවේ වර්ණයට වඩා ෂේඩ්ස් දෙකක් අඩු පැහැයෙන් හෝ තද පැහැයෙන් අයි ලයිනර් තෝරා ගන්න.
කළු රාමුවක් සමග අළු,දුබුරු,හේවිබ්ලු වැනි වර්ණද භාවිතා කළ හැකියි.
හමේ පාටත් වැදගත්
කණ්ණාඩි රාමු තෝරා ගැනීමේදී හමට ගැලපෙන වර්ණ තෝරාගන්න සැලකිලිමත් වන්න.ඒ වගේම මේකප් කිරීමේදී ඇස් ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරාම මුහුණට දමන මේකප් එක සාමාන්‍ය විදිහට දාන්න පුළුවන්.