Home Life Style පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්

පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්

0
පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්
Woman examining her breast

කාන්තාවන්ට වැළදෙන රෝග වලින් වඩාත් භයානක රෝගයක් තමයි පියයුරු පිළිකා කියන්නේ. ස්ත්‍රී රුපය ඔප් නංවන්නට හේතු වන සුන්දර පියයුරු යුගල රැක ගන්නට උපකාරී වන පළතුරක් ගැන තමයි මේ ලිපියෙන් කියවෙන්නේ.

“මහ සිදරන්” “මහා නාරං ” වැනි නම් වලින් හැඳින් වෙන ජම්බෝල, පියයුරු පිළිකා වලක්වන්නට හේතු වන ශාක රසායන වර්ග ගණනාවකින්ම සමන්විත් වෙනවා. පියයුරු පිළිකා වලක්වන්නට හේතු වන “Quercertine” (ක්වසටින්) හා “Hesperidin” (හෙස්පෙරිදින් ) වැනි ඉතා දුර්ලභ ෆිලවනොධිඩ වර්ග රාශියක්ම ජම්බෝල ගෙඩියේ පොත්තේ , මදයේ , වගේම පොත්ත හා මදය අතර ඇති සුදු පැහැති කොටසේ ද අන්තර්ගත වන බව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා.

එසේම ජම්බෝල 100g කින් දීනකට අවශ්‍ය විටමින් C ප්‍රමාණයෙන් 73% කම ලබා ගත හැකිය. විටමින් C කියන්නේ පිළිකා මර්ධනයට සමත් ප්‍රති ඔක්සිකාරක වලින් සමන්විත විටමිනයක්. මෙහි සෝඩියම් අඩංගු නොවන නිසා හෘද රෝගීන්ට , අධික රුධිර පිදයෙන් පෙලෙන රෝගින්ටද කිසිදු අතුරු ප්‍රතිපලයක් ඇති නොවී රසවිදිය හැකි පලතුරකි. නමුත් සෝඩියම් අධික නිසා වකුගඩු රෝගීන්ට නම් ජම්බෝල සුදුසු පළතුරක් නොවේ.