පුංචි දරුවන් කියන්නේ හැමවෙලේම වැඩිහිටියන් අනුකරණය කරන කොටසක්.හොද හෝ වැරදි වේවා තමන් සමඟ නිතර ගැවසෙන වැඩිහිටියන්, දෙමවුපියන් කරන කියන දේවල් අනුකරණය කරන්න දරුවන් පෙළඹෙනවා.
නිවස තුල ප්‍රබලත්වය, දුබල බව ක්‍රියාත්මක වන ආකාරය දකින දරුවා තම මව හෝ පියා ප්‍රබලයා වන්නේ කෙසේදැයි බලා සීටී. කෑ ගසා අඩදඹර කර එකිනෙකාට විදාන දෙමින් තම බලය පතුරවන කෙනා ප්‍රබලයා ලෙසින් විදානයට කීකරු වී බලයට යටත් වන කෙනා දුබලයා ලෙසත් හඳුනාගන්න දරුවන් පෙළඹෙනවා. ප්‍රබලයා වූ තැනැත්තා තමා ප්‍රබලයා ලෙස පෙන්වීමට උපයෝගී කරගත් ක්‍රියාමාර්ග දරුවා ද ඒ ආකාරයට ක්‍රියාත්මක කිරීමට උත්සුක වෙනවා.
නිවසේ ද දුබලයා බවට පත්වන තැනැත්තාව දරුවා ද සෑම විටම යටත් කරගන්නට උත්සහ කරන අවස්ථා බොහෝ විට දැකගන්නට පුළුවන්. පියා නිවසේ ප්‍රබලයා ලෙස මව යටත් කරගෙන ඇයට කෑ ගසා විදාන දෙමින් ක්‍රියා කරනවා නම් දරුවා තම මව දුබලයා ලෙස දකිනවා. දරුවා මව සමඟ කොතරම් ආදරෙන් සමීපව සිටියත් මව සමඟ ගනුදෙනු කිරීමේදී තමන්ට රිසි දෙය කරමින් මුරණ්ඩු ලෙස හැසිරෙනවා. එපමණක් නොව තමන්ගේ අවශ්‍යතාවය මව අතින් සපිරුණේ නැතිනම් හඬා වැලපී, දඹර කරගෙන හෝ එය ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ පියා අනුකරණය කිරීමෙනි.මෙවැනි දරුවන් පියා සමඟ කටයුතු කිරීමේදී එතරම් සැර පරුෂ නොවන්නේ පියා ප්‍රබලයෙකු බව හඳුනා ගත් නිසයි.
නිවසක සතුට සාමය රඳා පවතින්නට නම් වඩාත් සුදුසු වන්නේ කවුද දුබලයා කවුද ප්‍රබලයා ලෙස පෙන්වන ආකාරයෙන් කෑ ගසමින් විධාන දෙමින් කටයුතු කිරීම නොවේ. දෙදෙනාම සාකච්ජා කර එකිනෙකාගේ ගෞරවයට හානි නොවන ලෙස ප්‍රශ්න ගැටළු නිරාකරණය කර ගැනීමයි. තමන්ට යමක් අවශ්‍ය නම් විධාන නොකර ඉල්ලීමක් කල හැකිය. පුංචි දරුවන් තම බලය පෙන්වීමට වැයම් කිරීම සාමාන්‍ය ස්වභාවය වුවද තම පවුල් පසුබිම අනුව තත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකිය. ඒ නිසා සාමකාමී පවුල් පරිසරයක් තුල හැදෙන දරුවා ස්වභාවයෙන්ම නිතර හඬා වැලපෙමින් දඹර කරගන්නා කෙනෙකු බවට පත් නොවේ. ඔවුන් වැඩිහිටියන්ගේ කීමට කීකරු වන පහසුවෙන් කටයුතු කල හැකි ආදරණිය දරුවන් බවට පත් වේ.