අද දින (05) මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත හෙට (06) පෙ.ව. 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන ප්‍රදේශයට ඇඳිරි නිතිය පනවා ඇත.
වාහනයක් ඉස්සර කිරීම සම්බන්ධයෙන් සිංහල තරුණයෙකු හා මුස්ලිම් පිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් කුමාරසිරි නැමති තරුණයා ජිවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්වය ඇති වී ඇත.
තෙල්දෙණිය සිංහ සුපර් ආයතනයේ ලොරි රථයක රියදුරු ලෙස වැඩ කරමින් සිට මෙම තරුණයා තම වාහනය පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට නොදුන් හෙයින් එම ත්‍රීරෝද රථයේ සිටි මුස්ලිම් තරුණයින් හතරදෙනා ලොරි රථය සිංහ ආයතනයේම Petrol Station එකක් අසලදී නවත්වා, තරුණයාට අමානුෂික ලෙස පහර දී ඇත. හිසට එල්ල කල බෝතල් ප්‍රහාර හේතුවෙන් අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු වී ඇති වීම මරණය හේතුව බවයි වාර්තා වී තිබෙන්නේ.