Home Entertainment නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

0
නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර දෙන්න ඇයගේ දෙමවුපියන් සුදානම් වෙනවා. ඉතින් ඒ විවාහයට කලින් දෙදෙනාම ගෙවල් වලින් පැන ගොස් විවාහ වීමට සැලසුම් කරනවා. ඔහු තමන්ටයි , නුරිටයි ගැලපෙන නිවසක් තට්ටු නිවාස සංකීර්ණයකින් සොයා ගන්නවා. නීතිමය ගැටළුවක් නිසා කිසිවෙකුත් පදිංචි වෙන්නේ නැති නිවසක තමයි ඔහු පදිංචියට යන්නේ. අඩුම තරමින් මුරකාරයාවත් දන්නේ නෑ ශාවුර්ය ගෙදර පදිංචියට ඇවිත් කියල. මේ නිවසේදී ශාවුර්ය මුහුණ දෙන්නේ අරුම පුදුම සිදුවීම් මාලාවකට.