Home Life Style ඉක්මනට සුදු වෙන ස්භාවික ආලේපනක්

ඉක්මනට සුදු වෙන ස්භාවික ආලේපනක්

0
ඉක්මනට සුදු වෙන ස්භාවික ආලේපනක්

සුදු වෙන්න, සම පැහැපත් වෙන්න, කියාවෙළඳ පොලේ තියෙන නොයෙකුත් ක්‍රිම් වර්ග ඔබ මේ වෙනකොටත් භාවිතා කරනවා ඇති. ඒ බොහෝ ක්‍රිම් වල බ්ලිචින් අඩංගු නිසා සුදු වෙනවා වෙනුවට වෙන්නේ සුදුමැලි වෙන එකයි.
ඉතින් ඔන්න ඒ නිසා අපි ඔබට ස්භාවික ආලේපන මගින් සුදු වීමට හැකි ක්‍රමයක් කියා දෙන්නේ. අතුරු අබාධ නැහැ. සෞඛයට හිතකරයි. සුදු, පැහැපත් සමක් ලබා ගැනීමට අද ඔබට අපි ක්‍රම දෙකක් කියලා දෙනවා.එක ක්‍රමයකින් මැරුණු සම ඉවත් වෙනවා. අනිත් ක්‍රමයෙන් සම පැහැපත් වෙනවා.

පළමු ක්‍රමය

හාල් පිටි තේ 2හැඳි
කස්තුරි කහ කුඩු තේ හැඳි 1
දෙහි යුෂ තේ හැඳි 2

මේ සියල්ල එකට එකතු කර ක්‍රිම් එකක් වනතුරු හොඳින් කවලම් කරන්න. එය මුහුණේ අලේප කර මිනිත්තු 3ක් වියලෙන්න හැර ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කර ජලයෙන් සෝදා හරින්න.

දෙවන ක්‍රමය

සඳුන් කුඩු තේ හැඳි 1
රෝස වතුර තේ හැඳි 2
මීපැණි තේ හැඳි 1

මේ සියල්ල එකට එකතු කර ක්‍රිම් එකක් ආකාරයට සදා ගන්න.පළමු මිශ්‍රණය ඉවත් කර මුහුණේ තෙත හොඳින් මාත්තු කර මෙම මිශ්‍රණය ආලේප කරන්න. මිනිත්තු 3ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු ඇඟිලි තුඩු වලින් මිනිත්තු කිහිපයක් හොඳින් සම්බාහනය කර සිසිල් ජලයෙන් සෝදා හරින්න. දෙවරක් හෝ තෙවරක් මෙම සත්කාරය කිරීමෙන් පැහැපත් සමක් ලබාගන්න ඔබටත් හැකි වේවි.