මරණාසන්නව වැතිර සිටින ඇල්ඩොස් හක්ස්ලි සිය මුළු ජීවිතය පුරාම උගත් දේවල් සියල්ල ගැන මෙනෙහි කර එය සරල වචන 10කට සාරාංශ කළේය. ” අපි එකිනෙකා කෙරෙහි වඩ වඩා කාරුණික වෙමු. බොහෝ විට අප සිතන දෙයක් වන්නේ ජීවිතය පරිපුර්ණ වීමට නම් සඟරා සහ පුවත්පත් වල මුල් පිටුවේ පලවන ආකාරයේ කිසියම් විශිෂ්ට ක්‍රියාවක් හෝ සුවිශේෂී මෙහෙවරක් කළ යුතු බවය. මේ තරම් මිත්‍යාවක් තවත් නැත. අර්ථවත් ජිවිතයක් සැකසෙන්නේ විනීත භාවය හා කාරුණිකත්වය සහිතව දෛනිකව සිදු කරන ක්‍රියා රාශියක්, දාමයක් මගිනි. ජිවිත කාලයක් පුරා එසේ කරන විට සැබවින්ම එය ශ්‍රේෂ්ඨ දෙයක් බවට පත් වේ. “
ඔබේ ජිවිතයට ඇතුළු වන සෑම කෙනෙකු තුලම ඔබට ඉගැන්වීමට පාඩමක් සහ ඔබට කීමට කතාවක් ඇත. ගතවන සෑම නිමේෂයක්ම, එබඳු තවත් නිමේෂ සමඟ එක් වූ විට දවස් සෑදේ. ඒ සෑම මොහොතක්ම ඔබේ මනුෂ්‍යත්වය විදහා පෙන්වන කරුණාව සහ ආචාරශීලි බව කිසියම් පුද්ගලයෙකු වෙත දැක්වීමේ අවස්ථාවක් ඔබට උදා කර දෙයි. බාහිරව පෙනුමට සිටින පුද්ගලයා නොව, ඔබ තුල සැබවින්ම සිටින පුද්ගලයා බවට පත් වෙමින් ඔබ අවට ඇති ලෝකය සාරවත් කිරීම සඳහා ඔබට කල හැකි දේ කිරීමට පටන් ගත යුතුයි නේද? මගේ අදහස නම් අද දවස ඇතුලත ඔබ එක පුද්ගලයෙකු සමඟ වුවත් සුහද ලෙස සිනා සේ නම්, නන්නාදුනන අමුත්තකුගේ හෝ මනෝභාවය යටපත් කිරීමට ක්‍රියා කරන්නේ නම් ඔබ අද දවස ප්‍රයෝජනවත් ලෙස ගත කර තිබේ. සරලවම කිවහොත් කාරුණිකභාවය යනු අප මේ ග්‍රහලෝකය තුල රැඳී සිටින අවකාශය වෙනුවෙන් ගෙවිය යුතු බදු මුදල ද වේ.
අමුත්තන්ට කාරුණික වීමේදී වඩාත් නිර්මාණාත්මක වන්න. ඔබට පිටුපස ඇති මෝටර් රථය සඳහා නියමිත අධිවේගී මාර්ග පිවිසුම් ගාස්තුව ඔබ විසින්ම ගෙවීම, ඔබ ගමන් කරන දුම්රියේ අසුන එය වඩාත් අවශ්‍ය අයෙකුට පිරිනැමීම, අනෙකාගේ ප්‍රතිචාරය එන තෙක් බලා නොසිට ඔහුට ආචාර කිරීම ආදිය, කාරුණික වීම ආරම්භ කල හැකි හොඳම මාර්ගය වේ.
උපුටා ගැනිමකි