අතේ නියපොතු වවාගෙන ලස්සනට නෙල් පොලිෂ් ( nail polish , nail art ) ටිකක් ගාලා හැඩට වැඩට ඉන්න අපි හැමෝම කැමතියි නේද? හැබැයි කොයි තරම් උත්සහ කලත් සමහර අයට නම් නියපොතු ලස්සනට දිගට වවාගන්නම බැහැ. එහෙම නිතර නිතර නියපොතු කඩෙනවට මේ සත්කාරය කරලා එහි වෙනස ඔයාටම අත් විඳින්න පුළුවන්.
විටමින් ඊ තෙල් ( Vitamin E Oil )
විටමින් ඊ තෙල් සොයාගෙන දහස් ගණන් වියදම් කරන්න වුවමනා නැහැ. ගන්න කුඩා බෝතලයකට සුදු පොල් තෙල් ටිකක්. ඊට විටමින් ඊ කරල් 2 – 3ක් කඩා දමන්න. පොල්තෙල් 50ml කරල් දෙකකට හොඳටම ප්‍රමාණවත්. මේ තෙල් නියපොතු සහිත සම මත ආලේප කර ඒවා සමට උරා ගන්නා තෙක් හොඳින් පිරි මදින්න. දිනකට දෙවතාවක් බැගින් සති 3ක් කර බලන්න.
විනාකිරි
මීට හොඳම පැහැදිළි විනාකිරියි. සුදු පැහැති ( කිරි පැහැ ) විනාකිරි නෙවෙයි. මෙම විනාකිරි වලට එකට එකක් ජලය මිශ්‍ර කරන්න. එනම් විනාකිරි මිලි ලීටර 5කට ජලය ද එම ප්‍රමාණයම එක් කරන්න. එහි නියපොතු විනාඩි පහක් පමණ බහා සිටින්න. සෙමින් නියපොතු සම්බාහනය කරන්න. දිනකට වරක් බැගින් සති 3ක් කිරීම ප්‍රමාණවත්.
මේස ලුණු (salt)
මඳ උණුසුම් ජලයට ලුණු මේස හැඳි 2ක් සුදු පොල් තෙල් මේස හැන්දක් සහ දෙහි යුෂ බිංදු කිහිපයක් එක් කරන්න. මෙම මිශ්‍රණය ඔබේ නිය පෙළේ විනාඩි 15ක් පමණ බහා සිටින්න. පසුව මඳ උණුසුම් ජලයෙන්ම සෝදා හැර සුදුසු තෙතමනකාරකයක් ගලවන්න. සතියට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්.
තක්කාලි (tomato)
විටමින් c වගේම තක්කාලි වල බයෝටින් ද අඩංගුයි. මේ නිසා තක්කාලි නිය පෙළට ලොකු පෝෂණයක් ලබා දෙනවා. තක්කාලි පල්පයක් සාදාගෙන ඊට සුදු පොල්ත්ල් මේස හැන්දක් එක් කරන්න. මෙහි ඔබේ නිය බහා සිටින්න. විනාඩි 15කට පසු සෝදා හැර සුදුසු ආලේපනයක් ගලවන්න. මෙම සත්කාරය දිනපතා වුවද කල හැකියි.
ජෙලටින් (gelatin)
ජෙලටින් උණු ජලයේ දියකොට ගන්න. ඉන්පසු මඳ උණුසුම් ජලයට හිස ගල්වන ෂැම්පු බින්දු 2-3ක් සහ මේස ලුණු තේ හැන්දක් සමඟ ජෙලටින් මිශ්‍රණය එක් කරන්න. මෙම ද්‍රවණය ඔබේ නිය බහා තබන්න. විනාඩි 10කට පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. සතියට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්.
මිට අමතරව,
ඉවත දමන දෙහි ලෙලි (lime) වලින් නිය දිනපතා පිරිසිදු කරන්න.
විටමින් සපිරි ආහාර වේලක් ලබා ගන්න.
අධි රසායන ද්‍රව්‍ය වලට නියපොතු නිරාවරණය වීමෙන් වලක්වා ගන්න. ප්‍රමිතිගත නිය ආලේපන විතරක් භාවිතා කරන්න.
නිය ආලේපන භාවිතයේදී සතියක්වත් නිය නිදහසේ තබන්න.
මෙම සත්කාරයන් දෑතේ මෙන්ම දෙපයේ නියපොතු වලටද කල හැක.