Home Life Style රස කාරක ගැන දන්නේ මොනවද

රස කාරක ගැන දන්නේ මොනවද

0
රස කාරක ගැන දන්නේ මොනවද
Breakfast buffet healthy continental coffee orange juice fruit salad croissant

ආහාර රුචියට එහි රසවත්බව හා අලංකාරය බොහෝ සෙයින් ඉවහල් වේ. එහෙත් ආහාර රසවත් කිරීමට හා අලංකාර කිරිමට යොදන රසකාරක සිරුරේ බර වැඩි කිරීමට හේතුවන බව විද්වත්හු පවසති. ඔවුන් පවසන්නේ සිරුරේ බර අඩු කිරීමට පළමුව මුළුතැන්ගෙය සහ ශීතකරණය පිරිසිදු කළ යුතු බවයි.

ඒ අනුව සලාද මිනිස් සිරුරේ බර අඩු කිරීමට ඉවහල් වන පෝෂණීය ආහාරයකි. සලාද සැදීමේදී එය රසවත් කිරීමට හා අලංකාර කිරීමට එක කරන රස කාරක ආහාර ව්‍යසනයන් ඇති කරන අතර එම රසකාරක වල බහුල ලෙස මේද හා කැලරි අන්තර්ගතව ඇත. මේවාට ඔබගේ ශක්ති තුලිතතාව අවම කිරීමටත් මේද රහිත ද්‍රව්‍ය වල ක්‍රියාකාරිත්වය අඩපන කිරීමට හැකියාව ඇත.

මෙම සංයෝග වල සීනි හා අධි කැලරි ප්‍රතිශතයක් ඇති අතර එය ආහාරයේ නිසි පෝෂණය නොලැබීමට හේතු වේ. එබැවින් හැකි සෑම විටම සලාද රසවත් කිරීමට හා අලංකාර කිරීමට ස්වභාවික අමුද්‍රව්‍ය වන ගම්මිරිස් වැනි කුළු බඩු එළවළු සහ ලෙමන් පෙති යොදාගන්නා ලෙස විද්වත්හු අවධාරණය කරති.

බොහෝ දෙනාගේ කැමැත්ත කොපි වලට කිරි එක්කර පානය කිරීමටය. කොපි වලට මේද රහිත ( non fat ) හෝ කිරි එක්කර පානය කිරීම නැත. මේද රහිත යන්නෙහි තේරුම මේදය සැඟවූ අරුතයි. ඒ අනුව වඩාත් සුදුසු වන්නේ කිසිදු දෙයක් එක නොකළ ස්වභාවික කොපි පානයයි.

ආහාර වේලට පලතුරු යුෂ පානය කරන්නේ නම් ඒ පිලිබඳ දෙවරක් සිතිය යුතු බව විද්වත්හු දෙවරක් පවසති. පළතුරු යුශවල සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වුවත්, ඔබ පලතුරු යුෂ වීදුරුවක් පානය කරනවා යනුවෙන් අදහස් කරන්නේ සීනි වීදුරුවක් පානය කරනවා හා සමානය යන්නය. එබැවින්, හැකි හැමවිටම මෙවන් අහාර හා පානයන් රසකාරක වලින් තොරව පරිභෝජනය කරන්නේ නම් සිරුරේ බර පාලනය කරගත හැකි බව විද්වත්හු පවසති.

අන්තර්ජාලය ඇසුරෙන්