රුමේනියානු ඡායාරූප ශිල්පී මිහෙලා නොරොක් (Mihaela Noroc) විසින් වසර 50ක් පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක සංචාරය කර ඇති අතර ගෝලීය විවිධත්වය පෙන්වීමේ උත්සාහයක් ලෙස ලොව පුරා කාන්තාවන්ගේ සිත් ඇදගන්නා සුළු ඡායාරූප ලබාගෙන තිබේ. 2013 දී නොරොක් ඉතියෝපියාවේ කළ සංචාරයකින් අනතුරුව ‘ඇට්ලස් ඔෆ් බියුටි’ නමින් ලොව වටා වෙසෙන විවිධ සංස්කෘතීන්වලට අයත් කාන්තාවන්ගේ ඡායාරූප ගැනීමේ ඇගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
ඒ අනුව ලොව වෙසෙන කාන්තාවන්ගේ පින්තූර 500කින් සමන්විත පිටු 352කින් යුත් ඇයගේ කෘති එකතුවක් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී “ඇට්ලස් ඔෆ් බියුටි ” නමින් එළිදැක්වීමට නියමිතය.මේ ඇගේ විස්මිත කෘතියේ පින්තූර තෝරා ගැනීමකි.